යුවලක් සම්පූර්ණ අමුත්තන් පිරිසක් ඉදිරියේ නිර්වස්ත්‍රව කසාද බැදලා. - SLViki

Latest

Tuesday, May 23, 2017

යුවලක් සම්පූර්ණ අමුත්තන් පිරිසක් ඉදිරියේ නිර්වස්ත්‍රව කසාද බැදලා.



මිනිස්සු සමහර වෙලාවල් වලට ජනප්‍රිය වීමට හෝ වෙනත් අරමුණු වලට එක එක අමුතුම දේවල් කරන්න පෙලබෙනවා. මේත් අන්න ඒ වගේ කතාවක්.

බ්‍රිතාන්‍ය ජාතික ජෙෆ් ඇඩම්ස්ට දැන් අවුරුදු 54ක්. ඒ වගේම ඔහුගේ අතිනත ගත් මනාලිය සූ (Sue) 47 හැවිරිදි නවසීලන්ත ජාතික කාන්තාවක්. මේ අප්‍රියල් මාසයේදී ඔවුන් දෙදෙනා අතිනත ගත් මංගල උත්සව පැවැත්වුනේ ක්වීන්ස්ලන්ඩ් වල ටුවූම්බා වල සංචාරක මද්යස්තානයක. මේ මංගල උත්සවය හරිම විශේෂ එකක් උනා. එකට හේතුව මේ යුවල ඔවුන් කිසි දිනෙක දැක නැති සම්පූර්ණ අමුත්තන් සමූහයක් ඉදිරියේ නග්නව මෙම විවාහ උත්සය පැවැත්වීමයි.

සූ ජීවත් වෙන්නේ ගෝල්ඩ් කෝස්ට් වල, ඇය රැකියාවක වශයෙන් බේකරියක සේවය කරනවා. මෙම මංගල උත්සවය පිලිබදව අදහස් දක්වමින් ඇය කියල තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්.

"මේ මට අවශ්‍ය උන මංගල උත්සවය ගන්න මට ලැබුණු අවස්තාවක්. මොකද මම බැදපු පළමු පාර මම ඒ මංගල උත්සවයට කැමති උනේ නැහැ."

"මට නම් බදින දවස මගේ ජීවිතයේ ලස්සනම දවසක් වෙන්නන් ඕනේ. නමුත් මුල් පාර ඒක එහෙම උනේ නැහැ. මොකද ඒ මට ඕනේ කරපු මංගල උත්සවය නොවන නිසා."

"මම හුගක් අපහසුවෙන් හිටියේ. ඒ වගේම එදා දවස නම් මගේ ජීවිතයේ හොද දවසක් උනේ නැහැ."

"නමුත් මේ පාර ඒ අද්දැකීම වෙනස්" දරුවන් තිදෙනෙකුගේ මව වන සූ දක්වල තියෙන්නේ මේ වගේ අදහසක්.

"වෙඩින් එක සම්පූර්ණයෙනම අපි දෙන්නගේ සම්බන්දෙ ගැනයි. අපි දෙන්නගේ අදහස් ගැනයි පැවසෙන විදිහට කළා. අනික් ඇය මේකට කැමති උනත් අකමැති උනත් ජෙෆ්ටයි මටයි එකෙන් වැඩක් නැහැ."

"ඇත්තටම මට හරි යන මංගල ඇදුමක් හොයා ගන්න එක මගේ හිසට ලොකු බරක් වෙලා තිබේබේ."

"මම සාමාන්‍යයෙන් ඔය රෙදි කඩවල් වල කාලේ ගත කරන්න කැමති කෙනෙක් නෙවෙයි. මගේ අතේ වෙඩින් රින්ග් එක තියෙන එක ගැන විතරයි මම වැඩ උනේ. ඒ වගේම මංගල ඇදුමක් ගැනීමට අවශ්‍ය නොවීල ලැබුන බෝනස් එකක්. ඒ වගේම ඒ දවස හුගක් ලස්සන දවසක් උනා."

ඔවුන් දෙන්දෙනා මුණගැහිලා තියෙන්නේ 2015 දී  අන්තර්ජාල හරහායි. ඔවුන් පසුව දැනගෙන තියෙනවා ඔවුන් එකිනෙකාට විනාඩි 20ක පමණ දුරුන් ක්වීන්ස්ලන්ඩ් වල ජීවත් වෙන බව.

මාස තුනහමාරක් මේ මේ විදිහට ආශ්‍රය කරලා, ඔවුන් ගිහින් තියෙනවා New south wales වල byron  bay වල තියෙන nudist beach එකකට. 2016 ජූනි මාසයේ යුරෝපයේ ක්රොඑශියා වල Nudist resort එකක ඔවුන් නිවාඩුවකුත් ගත කරලා තියෙනවා.

2016 ඔක්තෝම්බර් වල ඔවුන් ටුවූම්බා වල නග්න නවාතන්පොලක සිටින විට ජෙෆ් එහෙදි සූට ප්‍රපෝස් කරලා තියෙනවා. එහිදීයි ඔවුන් තීරණය කරලා තියෙන්නේ වෙඩින් එකත් එම ස්ථානයේම ගන්නවයි කියල.

මේ අප්‍රේල් වල වොඋන්ගේ කස්සදයෙන් පසුව ඔවුන් මදුසමය ගත කිරීමට ඇමරිකාවට ගිහින් තියෙනවා.

මේ වගේ දේවල් අපිට නම් හරිම අමුතු දේවල් උනාට. ඔවුන් මංගල උත්සවය ගත්ත ස්ථානයේ සිටින අයටනම් ඒක එච්චරම අමුතු දෙයක් වෙලා නැහැ.

නමුත් මේ උත්සයට ඔවුන්ගේ යාහළුවන් සහ පවුලේ කවුරුද්ත් සහබාගී වෙලා නැහැ. එකට හේතුව ඔවුන්ට ඇති ලැජ්ජාව වෙන්න පුළුවන්. නමුත් ඔවුන් පවසන අන්දමට හේතුව කුමක් උනත් ඔවුන් දෙන්දෙනාට එයින් ප්‍රශ්නයක් නැති බවයි පවසලා තියෙන්නේ.

මේ එම අවස්ථාවේ චායාරූප කිහිපයක්











No comments:

Post a Comment