අපි කල්පනා කළා
මෙවර වෙනස්ම ආකාරයේ පුඩිං වර්ග 5ක් සාදාගන්නා
ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට.
අන්නාසි පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය,
· අන්නාසි ගෙඩි 01 (පොතු හැර කැබලි කපාගත්)
· ටින් කිරි 01
· ජෙලටින් තේ හැඳි 02
· සීනි ග්‍රෑම් 300
· වැනිලා, කජු සහ වියලි මිදි අවශ්‍ය තරමට
සාදාගන්නා අයුරු,
· ටින්කිරි බඳුනකට
දමා එයට වතුර ටින් 2ක් එක්කර සීනිවලින් මඳක් දමා ලිප තබා
උණුකරන්න.
· පසුව මිශ්‍රණය
ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න.
· අන්නාසි කැබලිවලට
ඉතිරි සීනි දමා ලිප තබා මිශ්‍රණය පැණි වේගෙන එනවිට ලිපෙන් ඉවතට ගන්න.
· ජෙලටින් උණුවතුරෙන්
දිය කර එයට කිරිද එක්කර අන්නාසි මිශ්‍රණයට දමා කලවම් කරන්න.
· දැන් පුඩිම බඳුනකට
දමා උඩින් කජු සහ වියළි මිදි ඉස ශීතකරණයේ තබන්න
කැරට් පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය,
· ග්‍රේටරයකින් ගා
ගන්නා ලද කැරට් කෝප්ප 02
· බටර් මේස හැඳි 1 1/2
· සීනි ග්‍රෑම් 150
· වියළි මිදි සහ කජු
මද 25 – 30
· දොඩම් යුෂ මේස හැඳි
02
· විස්කෝතු කුඩු
කෝප්ප 02
· බිත්තර 01
· බේකින් පව්ඩර්
ස්වල්පයක්
· එනසාල් කුඩු
ස්වල්පයක්
· දෙහි ලෙලි
සාදාගන්නා අයුරු,
· බිත්තරය හොඳින්
ගසාගෙන එයට එනසාල් කුඩු මිශ්‍ර කර නැවත ගසා ගන්න
· බඳුනක් ගෙන ඉහත
සඳහන් ද්‍රව්‍ය ගසා ගත බිත්තර මිශ්‍රණය හා හොඳින් මිශ්‍රකරගන්න.
· ඉන්පසුව බටර් ගෑ
තැටියක දමා වණ්ඩුවේ තම්බාගන්න
රටඉඳි පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය,
· ඇට ඉවත්කළ රටඉඳි ග්‍රෑම්
50
· සීනි ග්‍රෑම් 250
· බිත්තර 05
· කිරි කෝප්ප 01
· බේකින් පව්ඩර් තේ
හැඳි 1/4
· පිටි ග්‍රෑම් 250
· සාදික්කා කුඩු තේ
හැඳි 01
සාදන ක්‍රමය,
· රටඉඳි සිහින්ව කපා
ගන්න
· පිටිවලට බේකින්
පවුඩර් දමා හලා ගන්න
· සීනි හා බිත්තර ගසා
ගන්න
· එයට මදින් මද පිටි
දමමින් ගසා ගන්න
· පවුස කිරි හා
සාදික්කා කුඩු මිශ්‍ර කර ගන්න
· බටර් ගෑ තැටියකට
පළමුව රටඉඳි දමා ඒ මතට අනෙක් මිශ්‍රණය දමන්න
· තෙල් කඩදාසියකින්
වසා වාෂ්පයෙන් තම්බා ගන්න
· අවශ්‍යනම් කජු මද
ස්වල්පයක් උඩින් ඉසින්න
වට්ටක්කා පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය,
· වට්ටක්කා ග්‍රෑම් 500
· සීනි ග්‍රෑම් 150
· මාගරින් ග්‍රෑම් 100
· බිත්තර 01
· බේකින් පවුඩර් තේ
හැඳි 01
· සිහින්ව කපා ගත කජු
ග්‍රෑම් 100
· ගෝල්ඩන් සිරප් මේස
හැඳි 01
· වැනිලා තේ හැඳි 1/2
සාදන ක්‍රමය,
· වට්ටක්කා පොතු ඉවත්
කර හුමාලයෙන් තම්බා ගන්න
· සීනි සහ මාගරින්
හොඳින් මිශ්‍ර කර මෙයට බිත්තර කහමදයද එක් කර ගෝල්ඩන් සිරප් දමා කලවම් කරගන්න.
· බිත්තර සුදු මදයට
ලුණු ස්වල්පයක් දමා පෙණ නගින තුරු ගසා ගන්න
· ගසා ගත බිත්තර සුදු
මදයට තම්බා ගත් වට්ටක්ක, බේකින් පවුඩර්, කජු සහ වැනිලා ද දමා හොඳින් මිශ්‍ර කර ෆැරන්හයිට් අංශක 300 උෂ්ණත්වය යටතේ විනාඩි 45ක් පමණ බේක් කර ගන්න
· කස්ටඩ්
යොදාගැනීමෙන් රසය වැඩි කර ගත හැකිය
අර්තාපල් පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය,
· තම්බාගත් අර්තාපල්
ග්‍රෑම් 450
· කිරි පයින්ට් 1/2 (එළකිරි, පිටි කිරි හෝ පොල් කිරි)
· මුද්දරප්පලම් ග්‍රෑම්
100
· කිතුල් හකුරු ග්‍රෑම්
450
· බිත්තර 04
· වැනිලා සහ බටර්
ස්වල්පය බැගින්
සාදන ආකාරය,
· අල හොඳින් පොඩි කර
බිත්තර හා හකුරුද එක් කර හොඳින් ගසා ගන්න
· මෙයට කිරිද එක් කර
මුද්දරප්පලම් හා වැනිලා සමඟ එක්කර නැවත වරක් හොඳින් මිශ්‍ර කර ගන්න
· බටර් තවරන තැටියක
දමා වාෂ්පයෙන් තම්බා ගන්න
No comments:
Post a Comment