මැජික් ඉගෙන ගමු..... - SLViki

Latest

Saturday, February 18, 2017

මැජික් ඉගෙන ගමු.....


මැජික් කිවුවම අපි හැමෝම ආස කරුනක්නි නේද? ඉතින් අද පුංචි මැජික් එකක් ඉගනගමු. ඔයාලා දන්නවත් ඇති. ඒත් අද කාලේ මෙවැනි ක්‍රීඩා වෙන්නෙ නැති නිසා ගොඩක් අය නොදන්නවා වෙන්න පුලුවන්. කොහොම උනත් කියවලා බලන්නකෝ..

මේ ඕපන් සෙසමි (Open Sesame)

මෙන්න මේකයි වෙන්නේ..

කාඩ් 21ක් අරගෙන කාඩ් 21 වාර 3ක් කලවම් කරලා පස්සේ නරඹන්නා සිතා ගත් කාඩ් එක Open Sesame යන වචනය ආදාරයෙන් නිවරදිව පෙන්වීම තමයි කරන්නේ.

 මෙහෙමයි කරන්නේ

  1. කාඩ් පැක් එක අරගෙන එකෙන් කැමති කාඩ් 21ක් වෙන් කරගන්න. 
  2. දැන් මේ කාඩ් එකින් එක,මුහුණත (ඉලක්කම් ඇති පැත්ත) උඩට සිටින සේ වරකට එක බැගින් ගොඩවල් 3කට වෙන් වෙන් ව බෙදන්න. 
  3. දැන් කාඩ් 21 අවසන් වනතුරැ ගොඩවල් 3ට බෙදන්න. කරනගමන් නරඹන්නාට යම් කාඩ් එකක් මතක තබා ගන්න කියලත් කියන්න. 
  4. බෙදලා ඉවර උනාම එක ගොඩකට කාඩ් 7 බැගින් තියන ගොඩවල් 3ක් තියනවා නේද. දැන් නරඹන්නා මතක තබා ගත් කාඩ් එක ඇති ගොඩ, නරඹන්නාගෙන් අසා දැන ගන්න.
  5. පස්සේ එම ගොඩ (නරඹන්නා මතක තබා ගත් කාඩ් එක ඇති ගොඩ) මැදට විදියට ඉතුරැ ගොඩවල් 2ත් එකතු කරගෙන එක ගොඩක් සකසා ගන්න. (ඒ කියනේනේ පොර කියන ගොඩ මැදට හිටි විදියට අන්ත් ගොඩවල් දෙක උඩින්ම හා යටින්ම තියාගන්න.) 
  6. ආයෙත් කලින් වගේම කාඩ් 21 ගොඩවල් 3කට වෙන් කරලා, නරඹන්නාගෙන් එයා හිතාගෙන ඉන්න කොළේ කොයිකෙද තියෙන්නේ අහලා කලින් වගේම ඒ ගොඩ මැදට හිටින්න අනිත් ගොඩවල් එකට එකතු කරගන්න. මෙය සම්පුර්ණ වාර ගණන 3ක් කලාම හොදටම ඇති. වැඩිය කරලා දෙල් කරගන්නෙපා.
  7. දැන් 3න් වෙනි අවස්ථාවෙදි Open Sesame යන වච‍නයේ අකුරෙන් අකුර කියමින් එක අකුරකට එක කාඩ් එක ගානෙ මේසය උඩ තියන්න. වචනය කියා අවසන් වූ පසු අතේ ඉතිරිවන ගොඩේ ඊලගට තිබෙන කාඩ් එක නරඹන්නා සිතා ගත් කාඩ් එකයි.

  8. මෙකයි උනේ,
ඹයා නිවරදිව වාර 3ක් කල හොත්, නරඹන්නා සිතා ගත් කාඩ් එක 3වෙනි වාරය අවසානයේ 11 වෙනි කාඩ් එක ලෙස කාඩ් ගොඩේ ලස්සනට තියෙයි. Open Sesame යන වච‍නයේ අකුරැ 10ක් තියනවා. එය කියා අවසානයේ ඊලගට අතේ ඇති ගොඩේ මුලින්ම ඇත්තේ 11 වැනි කාඩ් එකයි (නරඹන්නා සිතාගත් කාඩ් එක).Open Sesame කියන එක පැනපු ගමන් කියන්නැතුව කලින් නරඹන්නාට කියන්න මේ වචනය ඔබේ මැජික් වචනය බව. ඒක යොදා ගෙන කාඩ් එක හොයන්නේ කියලත් කියන්න..





No comments:

Post a Comment