සබඳතාවයක් අතහැරීමට හිත ශක්තිමත් කර ගැනීමට නම් මේ දේවල් සිතන්න ... - SLViki

Latest

Saturday, February 18, 2017

සබඳතාවයක් අතහැරීමට හිත ශක්තිමත් කර ගැනීමට නම් මේ දේවල් සිතන්න ...


කාලෙකට පෙර ඔබේ සිහින කුමාරයා අනපේක්ෂිතව ඔබේ ජීවිතයට ලං වෙන්න ඇති. ඔබ දෙදෙනා ජීවිතේ බොහෝ දුර ආදරෙන් සෙනෙහසින් එකට එන්න ඇති. ඉන් පස්සේ කාලයත් එක්ක මොකක් හරි හේතුවකට ඔබ දෙදෙනාටම හිතෙනවා නම් මේ සම්බන්ධය තව දුරටත් ජීවිතේට වටිනාකමක් එකතු කරන්නේ නැහැ කියල ඒක නැවතුනොත් වැඩිය හොඳයි කියල අන්න ඒ වෙලාවට සිතිය යුතු දේවල් ටිකක් තමයි මේ ලිපියෙන් කියවෙන්නේ.

ඔබේ සිතේ තිබෙන සැක සංකා ගැන සිතන්න

ඔබේ පෙම්වතා ඔබව බොහෝ දුර ගෙන ඇවිත් ඇති නමුත් ඒ සම්බන්ධයේ අපැහැදිලි යමක් ඇත්නම් හොඳින් විමසා බලන්න. උදාහරණයකට ඔබේ සැමියා ඔබව පහර දීමකට නිරන්තරවම ලක් කරනවා කියල හිතන්න. නැත්නම් පෙම්වතා විවාහයක් පිලිබදව පැහැදිලි අදහසක් නැති කෙනෙක් කියල හිතන්න. මේ වගේ වෙලාවක අවසාන ප්‍රතිපලය කුමක් වෙයිද? ඔබට තේරේවි මේ සම්බන්ධය නතර වීම ඔබට දීර්ඝ කාලීනව වාසි සහගතයි කියල. මොන තරම් අමාරුවෙන් හරි හානි දායක සම්බන්ධයකින් අයින් වුනාම ඔබේ ජීවිතයට තව කෙනෙක් ඒවි. ඔබේ ජීවිතය නැවත වාසනාවන්ත වේවි.

සහනය ගැන සිතන්න

මේ කරදරයෙන් නිදහස් වුනොත් යන ප්‍රශ්නය ඔබෙන් අසන්න. එයින් ඔබට අත් වෙන නිදහස ගැන සිතන්න. එය ඉවර උනාම වඩාත් ලොකු සහනයක් ඔබට දැනේවි. ඔබට කලින් දකින්නට නොලැබුන බොහෝ අවස්ථා ඉදිරියට ඒවි.

ඔහු ඔබේ සියලු ක්‍රියා පාලනය කරයිද?

ඔබේ පෙම්වතා හෝ ස්වාමියා නිසා ජීවිතේ සමහර දේවල් කැප කරන්න සිද්ධ වෙනවා. නමුත් මනුස්සයෙක් ලෙස ඔබේ මුළු ජීවිතේම කන දේ, අඳින දේ, යන තැන වැනි පුංචි දෙයක් වත් ඔබට සතුටු විදිහට කරන්න නොදෙන ආඥාදායකයෙක් ලෙස ඔහු ක්‍රියා කරනවා නම් එය දෙපාරක් හිතිය යුතු තත්වයක්. ඔබ දෙදෙනා කොතරම් කලක් ආදරෙන් එකට හිටියත් ඔබව මනුස්සයෙක් වශයෙන් අවප්‍රමාණ කරන සම්බන්ධයක් කියන්නේ තබා ගත යුතු දෙයක් නෙවෙයි.

ඔහු ඔබට ගෞරව කරනවාද?

ඔබ ඔහුට ගරු කරනවද? ඔහු ඔබට ගරු කරනවාද? මේ ප්‍රශ්න දෙකටම පිළිතුර නැත නම්, එයම හේතුවක් මේ සම්බන්ධය නවතා දමන්නට. සම්බන්ධතාවයකදී එකිනෙකා සම්බන්ධ ගෞරවය කියන්නේ මූලිකම දෙයක්. ඔබේ සහකරු ඔබේ අවශ්‍යතා වලට ගරු නොකරනවා නම් එකිනෙකාගේ සීමා මායිම් පිලි නොගන්නවා නම් සම්බන්ධය කාලයත් එක්ක දුර්වල වෙනවා මිසක් ශක්තිමත් වෙන්නේ නැහැ.

බය ට බය වෙන්න එපා.

ජීවිතේ හැම අලුත් දෙයකදීම වගේ භය නිසා ගැහැනුන් ස්වාභාවිකවම තමන්ගේ අයහපත් විවාහයේ හරි සම්බන්ධතාවයේ හරි දිගටම ජීවත් වෙනවා. වෙන කෙනෙක් නොලැබේවි කියන බය නිසා හැම දෙයක්ම දරාගෙන ඉන්නවා නම් මට දෙන්න පුළුවන් එකම අවවාදය තමයි ඔබ නිදහස් උනාම වෙන ගොඩක් අය ඔබේ ජීවිතයට ලඟා වේවි. හොඳ කෙනෙක් අනිවාර්යයෙන්ම ලැබෙන්න නම් තිබෙන සමබන්ධයෙන් අයින් වෙන්න ඕනේ.
ඔබට කාලෙකදී හරි ගියපු සම්බන්ධය කාලයේ වෙනසත් එක්ක නොගැලපෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේ සතුට කියන්නේ තමන්ගේ වගකීමක්. මේ සම්බන්ධය ඔබට ඉගැන්නුව පාඩම් අරගෙන ඉදිරියට ඇතිවෙන සම්බන්ධකම් වඩාත් සාර්ථක කර ගැනීම ඔබේ වගකීමක්. දිගු කාලීන සම්බන්ධයක් බිඳ වැටීමක් ඉදිරි ජීවිතේ දියුණුව වෙනුවෙන් ශක්තිමත්ව යොදා ගන්නේ මේ විදිහටයි.




No comments:

Post a Comment