මේකප් ගැන කියන බොරු කතා 16 ක්… - SLViki

Latest

Sunday, February 19, 2017

මේකප් ගැන කියන බොරු කතා 16 ක්…


ඔබත් මේකප් දමන තරුණියක්ද? එහෙමනම් ගොඩක් වැදගත් වේවි මේ සුලභ මිත්‍යා කතා ගැන දැන ගන්න එක.

01)  රතු ලිප්ස්ටික් හැමෝටම ගාන්න බැහැ.
රතු තොල් ආලේපන හැමෝටම ගාන්න බැහැ කියන එක සීයට දාහක් වැරදි කතාවක්. එකම දේ ඔබ රතු පැහැය තෝරා ගනිද්දී හරියට ගැලපෙන රතු වර්ණයක් තෝරා ගත යුතුයි.

02)  මස්කාරා ගල් උනාමත් පාවිච්චියට හොඳයි.
මස්කාරා කියන්නේ ඇසිපිය ලස්සනට පෙන්වන්න හොඳම ක්‍රමයක් වගේමයි ඇහැට ආසාධනයක් ගෙන්න ගන්නත් හොඳ විදිහක්. ඒක නිසා පළමුවෙන් පාවිච්චි කරලා මාස තුනකින් මස්කාරා එක අයින් කරලා අලුත් එකක් ගැනීම ඔබේ ඇහේ ආරක්ෂාවට ගොඩක් වැදගත්.

03)  මස්කාරා ගාන බුරුසුව ටියුබ් එක ඇතුලට කිහිප සැරයක් දැම්මම බුබුළු අඩු වෙනවා.
නැහැ. ඒක නම් කොහෙත්ම සුදුසු නැහැ. කිහිප වරක් දමද්දී වායු බුබුළු මස්කාරා ටියුබ් එක ඇතුලට ගිහින් ඒක ඉක්මනින්ම ගල් වෙන්න බලාවි.

04)  මේකප් දාගෙන නිදා ගත්තට කමක් නැහැ.
නින්දේදී තමයි ඔබේ සම පෝෂණය වෙන්නේ, නැවත වර්ධනය වෙන්නේ සහ තෙතමනය ඇති වෙන්නේ. මේ වෙලාවේදී හරියට මේකප් අයින් කරලා නොතිබුනොත් හමේ රෝම කූප වැහෙනවා. එයින් වෙන්නේ සම වියලීම සහ ආසාධනයන්ට ගොදුරු වීමයි.

05)  රූපලාවන්‍ය නිෂ්පාදන වල කල් ඉකුත් වෙන දවසක් නැහැ. ඉවර වෙනකම්ම පාවිච්චිය සුදුසුයි.
හැම නිෂ්පාදනයටම කල් ඉකුත් වෙන දවසක් තියනවා. එය ලේබලයේ ගසා ඇති. පරිස්සමෙන් බලල ඒ දවසට කලින් පාවිච්චි කරන්න.

06)  මේකප් බුරුසු හෝදන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
නැහැ. මේකප් බුරුසු කියන්නේ නොයෙක් පෘෂ්ට වල නිතරම ගෑවෙන දෙයක්. අනිවාර්යයෙන්ම හෝදන්න ඕනේ. නැත්නම් හමේ අසාධන ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම බුරුසු වල ආයුෂත් අඩු වෙන්න බලපානවා.

07)  රූපලාවන්‍ය නිෂ්පාදන නරක් වෙන්නේ නැහැ.
නියමිත විදිහට ගබඩා නොකෙරුවොත් නම් කල් ඉකුත් වෙන දවසටත් කලින් නරක් වෙනවා. හැම විටකම සිසිල්, ඉර එලිය නැති තැනක ගබඩා කිරීමෙන් මෙය වලක්වා ගන්න පුලුවන්.

08)  වතුරේ දියවෙන්නේ නැති වෝටර් ප්රූෆ් මස්කාරා හැමදාම පාවිච්චිය සුදුසුයි.
වැස්සේ තෙමෙන්නේ නැති නම්, එහෙම නැත්තන් පීනන දවසක නෙවෙයි නම් පුළුවන් හැම වෙලාවේම සාමාන්‍ය මස්කාරා ගාන්න. මොකද වෝටර් ප්රූෆ් එකක් සෝදන්න ඇසි පිය තදින් අතුල්ලන්න වෙනවා. එවිට ඔබේ ඇසිපිය දුර්වල වෙන්න ඉඩක් තිබෙනවා.

09)  ප්‍රයිමර් එකක ලොකු වෙනසක් නැහැ.
වැරදියි. ප්‍රයිමර් එකකින් ඔබේ සම තෙතමනයට වගේම සුමුදු බවට පත් වෙනවා. ප්‍රයිමර් එකක් ගාල මේකප් කරහම ගොඩක් වෙලා යනකන් මේකප් එක හොඳින් තියනවා.

10)  කොන්සීලර් එක ගාන්නේ ෆවුන්ඩේෂන් එකට කලින්.
සම්පූර්ණයෙන්ම වැරදියි. අනික් පැත්ත. ඉස්සෙල්ලම ෆවුන්ඩේෂන් එක ගාල පසුව හමේ තියෙන සංකූලතා කොන්සීලර් එකෙන් වාහන එක තමයි නියම ක්‍රමය. ඕනෙවට වැඩිය කොන්සීලර් පාවිච්චි කරන්න වෙන්නෙත් නැහැ එවිට. ස්වභාවික පෙනුමක් ලැබෙන්නත් මේ ක්‍රමය හේතුවක්.

11)  ෆවුන්ඩේෂන් සමට හොඳ නැහැ.
අද කාලේ ෆවුන්ඩේෂන් වල සමට හිතකර ගොඩක් දේවල් අඩංගු වෙනවා. ඉර අවුවෙන් සැම ආරක්ෂා කිරීම, දූවිලි විෂ රසායන වලින් සැම රැක ගැනීම සහ සමට අවශ්‍ය පෝෂණය සහ තෙතමනය ලබා දීම ෆවුන්ඩේෂන් වලින් කෙරෙන වැදගත් කාර්යයන් වෙනවා. එකම දේ ඔබේ හමට හරියන නිෂ්පාදනයක් තෝර ගන්න වග බලා ගන්න.

12)  ඇහිබැමි කොණ්ඩෙට වඩා තද පාට වෙන්න ඕනේ
මේක බලපාන්නේ ඔබ ගොඩක් ලා පාටකින් කොන්ඩේ ටින්ට් කරලා නම් විතරයි.

13)  දෙතොල් ලස්සනට පිරිලා පෙනෙන්න පමණට වඩා ලිප් ලයිනර් එක අඳින්න අවශ්‍යයි
මේ ක්‍රමය ෆොටෝ එකකට වගේ හොඳයි. හැබැයි ඇත්ත ජීවිතේදී ඔබේ දෙතොල කෘතිමව පෙනේවි. ඒ වෙනුවට දෙතොල ඉහලින් ෆවුන්ඩේෂන් පවුඩර් ටිකක් ගාල , යටි තොලේ මැදට ලා පාට ලිප් ග්ලොස් ටිකක් තවරන්න. ඔබේ දෙතොල් ස්වභාවිකව පිරිලා තියේවි.

14)  තද පාට අයි ලයිනර් ඇහැ ලොකු කරලා පෙන්වනවා.
ඇස් දෙකට වඩා ප්‍රමුක තාවයක් ලැබුනට මේ මගින් ඇස් ලොකු වෙලා පෙනෙන්නේ නැහැ. ඇස් දෙක ලොකු කරලා පෙන්වන්න නම් කරන්න තියෙන්නේ සරල දෙයක්. ලා පාට අයි ශෑඩෝ සහ අයි ලයිනර් ඇහිපිය ඇතුලතින් ආලේප කිරීම හොඳම ක්‍රමයක්.

15)  ෆවුන්ඩේෂන් ක්‍රීම් එක ඇස් වටේ ගාන එක අහිතකරයි.
නැහැ. දැන් කාලේ තිබෙන ෆවුන්ඩේෂන් වල ඇල්කොහොල් අඩංගු නැහැ. එම නිසා බයක් නැතුව ඇස වටෙත් ෆවුන්ඩේෂන් ගාන්න පුලුවන් .

16)  නිල් පාට අයි ශෑඩෝ කියන්නේ පරණ විලාසිතාවක්
නැහැ. දැන් දැන් ලෝකයම නැවත නිල් පාටට යනවා. නිල මිශ්‍ර බේජ් පාටට හුරු පාටක් එදිනෙදා පාවිච්චියට උනත් කදිමයි. ඔබ නිල් පාටින් ඇස උඩ වර්ණ ගනවනවා නම් කළු පාට අයි ලයිනර් එකක් අරගෙන එහි අලංකාරය වැඩි කර ගන්න.




No comments:

Post a Comment