දහදිය ගඳ නිසා පීඩාවට පත්ව සිටින අයට විශේෂයි - SLViki

Latest

Monday, February 20, 2017

දහදිය ගඳ නිසා පීඩාවට පත්ව සිටින අයට විශේෂයි


උදේ සිට සවස්‌ වනතුරු වෙහෙස වෙන අපගේ ශරීරයෙන් දහදිය පිටවීම ස්‌වභාවික දෙයක්‌. නමුත් සිරුරේ පිරිසිදුකම ගැන සිතන විට දහදිය ගැටලුවක්‌ බවට පත්වෙනවා.බස්‌ රථයක හෝ දුම්රියක වැනි පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන විට මේ ගැන ඉතාම හොඳ අත්දැකීම් අපට තියෙනවා. තමන්ට නොදැනුනත් තවත් අයෙකුගේ දහදිය දුඟද අන් අයට දරන්නට නොහැකි තරම් වන අවස්‌ථා තිබෙනවා.
කිහිළිවලින් හමන දුගඳ
ශරීරය පුරාම දහදිය දැමීම සිදුවුවත් මේ දුර්ගන්ධය ගැන අපට හොඳින්ම දැනෙන්නේ කිහිළි ප්‍රදේශය ආශ්‍රිතවයි. දිනපතා නා පිරිසිදු වී සිටිනා කෙනෙකු වෙතින් දහදිය ගඳ හටගන්නේ ඉතාම අඩුවෙන්. එයට හේතුව ඔවුන්ගේ ශරීරයේ දහදිය, කුණු දූවිලි එකතුවීම සිදුවන්නේ අවම වශයෙන් වීම නිසා.
වළක්වා ගැනීමට කළ හැකි දෑ
කිහිළි ප්‍රදේශවල ඇති අනවශ්‍ය රෝම ඉවත් කරන්න. අධිකව රෝම ඇතිවිට දහදිය දැමීම වැඩිපුර සිදුවෙනවා. උදෑසන ශරීරය පිරිසිදු කරන විට කිහිළි ප්‍රදේශ හොඳින් සබන් යොදා සෝදන්න. තෙතමාත්තු කර සුදුසු ඩියෝඩ්‍රන්ට්‌ වර්ගයක්‌ ආලේප කරන්න. මේ මගින් ඔබට යහපත් ප්‍රතිඵලයක්‌ ලබන්නට පුළුවන්. නමුත් දහදිය දමා, කිහිළි අපවිත්‍රව ඇතිවිට ඩියෝඩ්‍රන්ට්‌ තවරන්න එපා.
සුවඳ විලවුන්

සුවඳ විලවුන් වර්ගයක්‌ ආලේප කිරීම මගින් ද දහදිය දුඟද මඟහරවා ගත හැකියි. එය තෝරා ගැනීමේදී සෞම්‍ය සුවඳක්‌ ඇති සැර අඩු වර්ගයක්‌ තෝරාගන්න. සබන් පාවිච්චියේදී සමට හානිකර නොවන සම වියළීමට ලක්‌ නොකරන සුවඳින් අඩු සබන් වර්ගයක්‌ තෝරාගන්න.
විලවුන් සුවඳ දිගු කලක් ශරීරයේ රඳවා තබා ගන්න tips කිහිපයක්
·  සුවඳ විලවුන් ගැල්වීමට ප්‍රථම මොයිස්චරයිස් වර්ගයක් ආලේප කරන්න. එය ඔබ ගල්වන සුවඳ විලවුන්වල සුගන්ධය දීර්ඝ වේලාවක් රඳවා තබාගැනීමට උපකාරී වෙනවා.
·  ඔබේ සුවඳ විලවුන් බෝතලය දීර්ඝ කාලයක් පාවිච්චි කිරීමට නම් තාපය, ආලෝකය සහ ආර්ද්‍රතාව අඩු ස්ථානවල ගබඩා කරන්න. විශේෂයෙන්ම ජනෙල් අසලින් සුවඳ විලවුන් බෝතල් අෑත්කර තබන්න.
·  සුවඳ විලවුන් ගැල්වීමේදී ඔබ ස්නානය කළ පසු ඇඳුම් ඇඳීමට හා ආභරණ දැමීමට ප්‍රථම ගල්වන්න.
·  අතේ මැණික් කටුව අසල සුවඳ විලවුන් ගැල්වූ පසු දෑත් එකමත එක පිරිමැදීමෙන් වළකින්න.
·  මධ්‍යසාර අඩංගු සුවඳ විලවුන් වර්ගයක් එක එල්ලේම හිසකෙස් මත ගල්වන්න එපා. එය ඔබේ හිස පීරන බුරුසුවේ හෝ පනාවට ඉසින්න. ඉන් පසු හිස පීරන්න. එහි සුවඳ දීර්ඝ වේලාවක් හිසකෙස් මත රැඳේවි.
·  සුවඳ විලවුන් බෝතලයේ අවසාන දියර බින්දුව දක්වාම පාවිච්චි කරන්න.
·  ඔබටම අනන්‍ය වූ සුවඳ විලවුන් වර්ගයක් තෝරා ගන්න.
·  ඔබ අලුත් සුවඳ විලවුන් වර්ගයක් පරීක්ෂා කිරීමේදී එය ගැල්වූ වහාම සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් වළකින්න. තරමක් වේලා (වියළි බව) ගතවුණු පසු සුවඳ ආඝ්‍රාණය කරන්න.
·  ඔබ නින්දට යෑමට ප්‍රථම ඔබ හිස තබන කොට්ටයක සුවඳ විලවුන් ගල්වන්න එය සුව නින්දක් ඔබට ලබාදේවී.
·  කොට්න් බටන් කිහිපයකට සුවඳ විලවුන් ගල්වා එය පොලිතින් ආවරණයක බහා ඔබේ අත්බෑගයේ තබා ගන්න.
ඔබේ ඇඳුම් අල්මාරියට පතුලට ටිෂු කිහිපයක් දමා ඒ මත සුවඳ විලවුන් ගල්වන්න. ඔබේ ඇඳුම් සුවඳින් යුතු වේවි.
යට ඇඳුම්
දිනපතාම යට ඇඳුම් හොඳින් සෝදා තද අව්වේ වියළාගන්න. එසේම දහදිය උරාගන්නා කපු රෙදිවලින් නිම වූ යට ඇඳුම් තෝරා ගැනීමත් වැදගත්. වෙනත් රෙදිවලින් නිම වූ යට ඇඳුම්වලට දහදිය උරාගන්නේ නෑ. ඒ නිසා ඔබ වෙතින් දුගඳක්‌ හමන්නට පුළුවන්.
පිරිසිදුකම ගැන වැඩි අවධානයක්‌ යොමු කිරීමෙන් ඔබ සමාජයේ ප්‍රසන්න පුද්ගලයෙක්‌ බවට පත්වනු ඇත.
ශරීරය සුවඳ කරන ආලේපයක්‌ නිවසේදීම සාදාගනිමු
·  සුදු හඳුන්, සුවඳ කොට්‌ටං, වෙනිවැල්ගැට, ලොත්සුඹුල්, අමුකහ සමාන ප්‍රමාණවලින් ගෙන එකට අඹරා තලපයක්‌ මෙන් සාදාගන්න. හැකිනම් මෙයට පිරිසිදු කරගත් කොහොඹ දළු ද දමාගත හැකියි.
·  දිය නා පිරිසිදුවීමෙන් පසු පිරිසිදු ශරීරය මත මේ තලපය හොඳින් තවරා පැය 1/2 සිට පිරිසිදු වතුරින් සෝදා හරින්න.
·  ඔබට ඇත්තේ වියළි සමක්‌ නම් ඉහත මිශ්‍රණයට කෝමාරිකා කැබැල්ලක්‌ ද එකතු කරගන්න.




No comments:

Post a Comment