ක්ලියෝපැට්රාගේ රූපලාවන්‍ය රහස් පිළිබද අපුරු ලිපියක් - SLViki

Latest

Sunday, May 14, 2017

ක්ලියෝපැට්රාගේ රූපලාවන්‍ය රහස් පිළිබද අපුරු ලිපියක්


ක්ලියෝපැට්රා කියන්නේ ඊජිප්තුව පාලනය කල අධිරාජිනියක්. මිනිස් ඉතිහාසය තුල ඇයගේ තරම් වෙනත් කිසිදු කාන්තාවකගේ රූපසපුව පිළිබද වර්ණනා අපට අසන්නට ලැබී නැති තරම්. ජුලියස් සීසර් වැනි ඉතා ප්‍රභල අධිරාජ්‍යයන් පවා තමා වසගයේ පවත්වා ගන්නට ඇය යොදා ගත්තේ ඇගේ රූසපුවයි. ඒවගේම ඇය රූපලාවන්‍ය ක්‍රම පිලිබද විශාල දැනුමකින් හෙබි තැනත්කියක් බව පැවසෙනවා.

ඇය විසින් රූපලාවන්‍ය රහස් ඇතුලත් පොතක් ද රචනා කල බව පැවසුවත් එය මේ වන විට විනාශ වී ගොස් අවසන්. නමුත් කට වහරින් පැමිණි ඇය විසින් භාවිතා කල බව පවසන රූලාවන්‍ය ක්‍රම බොහෝ ප්‍රමාණයක් දැනටත් ඉතිරිව පවතිනවා. ඒ අතරින් ඔබටත් භාවිතා කරන්න පුළුවන් ඉතා ප්‍රතිඵලදායී ස්වභාවික රූපලාවන්‍ය සත්කාර කීපයක් මෙහි දක්වා තිඛෙනවා.
කිරි ස්නානය
නාන තටාකයට කිරි සහ පැණි මිශ්‍රකර නෑම ක්ලියෝපැට්රාගේ රූසපුව රැකගැනීමේ රහසක්. බූරුවන්ගේ කිරිපිරිසිදු මී පැණි සමග ආමන්ඩ් තෙල් නාන තටාකයට එක් කර ස්නානය කිරීම ඇගේ සුමදු හා දීප්තිමත් සමේ රහස බව කියැවෙනවා. පැණි කෝප්ප භාගයකට කිරි කෝප්ප 3ක් සහ ආමන්ඩ් තෙල් මේස හැදි 5ක් එකතුකර නාන ජලයට මිශ්‍රකර ස්නානය කර තිඛෙනවා. බූරුවන්ගේ කිරි වෙනුවට එළුවන්ගේ කිරි වුවත් මේ සදහා යොදාගන්න පුළුවන්
ලුණු ස්ක්‍රබ් එක
කිරි හා පැණි ස්නානයෙන් පසුව ක්ලියෝපැට්රා ඇගේ සේවිකාවන් ලවා අපූරු ස්වභාවික ස්ක්‍රබ් එකක් යොදාගනිමින් ශරීරය සම්බාහනය කරගෙන තඛෙනවා. ඒ සදහා ඇය යොදාගෙන ඇත්තේ මුහුදින් ලබා ගන්නා ලුණුයි. ක්‍රිම් වර්ගයක් සමග ලුණු මිශ්‍රකර සම්බාහනය කිරීම සමේ මැරුණු සෛල ඉවත් කරන ඉතා සාර්ථක ක්‍රමයක්. මෘදු හා දීප්තිමත් සමක් ලබා ගැනීමට ක්ලියෝපැට්රාට හැකිවුණේ මේ නිසයි.
මුහුණට සිදුකල ස්වභාවික සත්කාර
කෝමාරිකා සහ මීපැණි මිශ්‍රකර සදා ගන්නා ආලේපනයක් ඇය විසින් face pack එකක් ලෙස භාවිතා කර තිඛෙනවා. ඒවගේම කිරි මැටි හා පිපිඤ්ඤා යුෂ මිශ්‍රණයක්ද මේ සදහා භාවිතා කර තිඛෙනවා. මී මැසි වද වල ඇති ඉටි එක්කර සදාගන්නා ලද ආලේපනයක් මුහුණේ සම රැලි වැටීම වලක්වා ගැනිමට භාවිතා කර තිඛෙනවා.
කොල පැහැති මිදි පොඩිකර සදාගත් පල්පයට මීපැණි මිශ්‍රකර හොදින් පිරිසිදු කරගත් තෙතමනය සහිත මුහුණේ ආලේපකර විනාඩි 15 කට පසුව හොදින් සෝදා හැරීම ක්ලියෝපැට්රා මුහුණට සිදුකල තවත් සත්කාරයක්

රෝස වතුර ටෝනර්
ක්ලියෝපැට්රා විසින් රෝස වතුර ස්වභාවික ටෝනර් වර්ගයක් ලෙස යොදා ගෙන ඇත. රෝස වතුර යොදාගනිමින් උදයේ සහ සවස මුහුණ පිසදැමීමෙන් මෘදු හා සුසිනිදු සමක් ලබා ගැනීමට හැකිවනවා. උණුසුම් දින වලදී අවශ්‍ය විට රෝස වතුර මුහුණට ඉස ගැනීමෙන් මුහුණේ ඇති තෙතමනය රැක ගනිමින් නවුම්බව පවත්වාගෙන යාමට උදව් වෙනවා. එමෙන්ම රෝස වතුර ආකර්ශණිය සුවදකින් ද යුක්තයි.
ඇපල් විනාකිරි
ක්ලියෝපැටිරා විසින් මුහුණ සේදීම සදහා ඇපල් විනාකිරි යොදා ගෙන තිඛෙන අතර එය මේ වනවිටත් ලෝකේ ප්‍රචලිත රෑපලාවන්‍ය සත්කාරයක්. ඇය උණුවතුර බේසමකට ඇපල් විනාකිරි කෝප්ප කාලක් එක්කර මුහුණ සේදීම සිදුකර ඇති අතර එය පිස දැමීමකින් තොරව වියළිමට ඉඩ හැර තිඛෙනවා. මෙසේ සේදීමට පෙර මුහුණ පිරිසිදු කරගෙන තිබීම ඉතා වැදගත්. මෙමගින් මුහුණට ඉතා හොද රුධිර සංසරණයක් ලබා දී සමේ ච්‍ය අගය සමබරව පවත්වා ගැනීමට සමත් වෙනවා.
අක්ෂි සත්කාරය
ක්ලියෝපැට්රා ඇගේ ඇස්වල දීප්තිමත්බව හා නිරෝගීබව පවත්වා ගෙන යාමට සැල්දිරි හා ගංජා යොදාගනිමින් සදාගත් මිශ්‍රණයක් භාවිතා කර තිඛෙනවා.
හිසකෙස් සත්කාරය
මී පැණි මේස හදි තුනක් සමග කැස්ටර් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැන්දක් මිශ්‍රකර හොදින් සෝදාගත් කෙස් කලඹට යොදා විනාඩි 5-15 අතර කාලයක් හොදින් පොගවා ගැනීමෙන් පසුව සෝදා හැරීම හානි වු හිසකෙස් වලට ක්ලියෝපැට්රා කල සත්කාරයයි. එමෙන්ම එයින් හිසකෙස්වල දීප්තිමත් බව හා මෘදු බව වැඩිකර ගන්න පුළුවන්.
මුහුණු ආලේපනය
ක්ලියෝපැට්රාගේ මෙම ස්වභාවික ආලේපනය ඕනෑම සමකට සුදුසු ඉතා අනර්ඝ ආලේපනයක්. මේ සදහා කෝමාරිකා යුෂ මේස හැදි දෙකක්රෝස තෙල් බිංදු හතරක්ආමන්ඩ් තෙල් මේස හැන්දක් සහ මීවද ඉටි මේස හැදි දෙකක් අවශ්‍ය වෙනවා. මුලින්ම මී ඉටි වලට ආමන්ඩ් තෙල් දමා දීයවන තුරු රත්කර ගත යුතු වෙනවා. ඉන්පසු එයට අනිකුත් ද්‍රව්‍ය එක්කර ගන්න පුළුවන්. එය සිසිල් වු විට විටමින් E ස්වල්පයකුත් එක්කර ගන්න පුළුවන්. මෙම මිශ්‍රණය ශිතකරණයේ තබා සතියක් පමණ පාවිච්චියට ගන්න පුළුවන්. 




No comments:

Post a Comment