ගැස්ට්‍රයිටිස් වලට සමු දෙන්න මෙන්න ක්‍රම.. - SLViki

Latest

Sunday, May 14, 2017

ගැස්ට්‍රයිටිස් වලට සමු දෙන්න මෙන්න ක්‍රම..


උදෑසන හිස්‌ බඩ දියබත් කෑම,
පොඩි මැටි කොප්පෙකට(කරි මුඩි) බත් ටික දාල වතුර දාල හොඳට වහලා තියන්න.පහුවදා උදේ මේ බත් එක අරන් බලන්න අර දාපු වතුර උරාගෙන බත් ඇට ටිකක් පිම්බිලා තියෙනවා වතුරත් අඩුවෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ පොල් ටිකක් ගාන එකයි. පොල් බෑවකින් 1/3 විතර ගාල උණුවතුර ටිකක් වෙන්න දාල හොඳ උකුවට මිටිකිරි තේ කෝප්ප 2/3 විතර හදා ගන්න.
දිය කිරි වත් පොල්කිරි ගොඩක් වත් හදා ගන්න එපා එතකොට මේක වතුර ගතිය වැඩි වෙලා රස නැති වෙනවා. රතුළුණු ගෙඩි 5 -6 ක් සුද්ද කරලා හීනියට ලියා ගන්න. රතුළුණු නැතිනම් රටළුණු ගෙඩියකින් 1/2 හෝ 2/3 හෝ උනත් කමක් නැ. හැබැයි රතුළුණු නම් රස වැඩියි.දැන් අර පොල්කූර අරගෙන අර වියලි මිරිස් කරල් ටික ඔය රුපයේ විදිහට අමුනගන්න.
අමුණා ගත්ත මිරිස් කරල් ටික ලිපේ ගින්දරට අල්ලා වටේම කරකවමින් පුච්චා ගන්න. ඉස්සරහා ඒවා ඉක්මනට පිච්චෙන නිසා එලෙස පිච්චුන ඒවා ගලවා තියන්න. නැතිනම් ඒ මිරිස් කරල්ටික අඟුරු වෙයි. මේ මිරිස් අතින් කුඩු කරන්න පුළුවන් ගානටයි පුච්චන්න ඕන. අඟුරු වෙනකන් පුච්චන්න එපා.සමහරු ඕකට අමු මිරිස් දානවා එතකොට කොළ රස එන නිසා.
කපා ගත්ත රතුළුණු ටික, පුච්චලා කැබලි කරගත් මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ තියන වතුර ඉවත් කරන්න එපා. දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලනම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න. දැන් මේකට පොල්කිරි ටික එකතුකරන්න සමහරු නම් පොල්කිරි ටිකක් රත් කරලා දානවා එහෙම ඕන නැ. පොල්කිරි නිකම්ම දාන්න. දැන් දෙහි බැව අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව. වැඩේ ඉවරයි. මේක සිම්පල් ප්ලැන් එකක්. දියකිරි, හරි මිටිකිරි, හරි ගොඩක් වැඩි උනොත් රස ටිකක් අඩුවෙයි. එ හින්දා බත් එක වැහෙන ගානට විතරක් දා ගන්න. මොකද රෑ දාපු වතුරත් බත් එකෙ තියනවා කියල අමතක කරන්න එපා. රෑ දාපු වතුර පෙරන්න එපා එතකොට කන්න වෙන්නේ රොඩ්ඩ විතරයි.
එක දිගට නොවෙයි දවසක් ඇර දවසක් මේ දිය බත කන්න පුළුවන් නම් මාසයක් දෙකක් යනකොට ගැස්ට්‍රයිටිස්වලට බායි කියන්න පුළුවන්.


කිතුල් පිටි කැඳ පානය කිරීම, මුං ඇට ආහාරයට එක්‌කර ගැනීම මගින්ද ඔබට සහනයක් ලබා ගන්න පුළුවන්.

මුං කිරිබත් ආහාරයට ගැනීම, තම්බා ගත් මුං ඇට ආහාරයට ගැනීම, මුං ඇට තම්බා ගත් වතුර බීම, මුං ඇට ව්‍යාංජනයක්‌ ලෙස ගැනීමද අම්ල පිත්ත රෝගයට මහඟු ගුණදායකය.

බෙලි කොළ, හීන් උඳුපියලිය සමාන ප්‍රමාණයක්‌ ගෙන අව්වේ හොඳින් වියළා කුඩු කර කෝපි මෙන් වත්කර බීම.

මුං ඇට, වී පොරි, බාර්ලි ඇට, සැවැන්දරා මුල්, කළාඳුරු අල, සුදු හඳුන්, කොත්තමල්ලි, තිප්පිලි කලං එකහමාර බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා පෙරා සීනි දමා බොන්න.

කොත්තමල්ලි, සැවැන්දරා, පුහුල් දඬු, පත්තාඩගම්, රසකිඳ තම්බාගත් වතුර නිතර පානය කරන්න.

සූදුරු, මහදුරු, උක්‌පුරුක්‌, වී පොරි, සුදු හඳුන්, සැවැන්දරා තම්බා පෙරා ගත් වතුරට සීනි දමා පානය කිරීම.

ගොටුකොළ, හාතාවාරිය කොළ, උඳුපියලිය කොළ ආදිය කොළ කැඳ වශයෙන් සකස්‌ කර බීම.

කොත්තමල්ලි කබලේ බැද කුඩුකර පානය, බෝ පොතු වියළා චූර්ණය කිතුල් හකුරු සමග, සුදු හඳුන් ඉඟිනි ඇට, සැවැන්දරා තලා තැඹිලි ගෙඩියක දමා උදෑසන පෙරා බීම.

සැවැන්දරා මුල්, වී පොරි, සුදු හඳුන්, මානෙල් අල, ඉරිවේරිය දඬු සමාන ප්‍රමාණ බැඟින් ගෙන පත අට එකට සිඳ පෙරා සීනි, මී පැණි දමා බීම.

හාතාවාරිය අල, ඉරමුසු මුල්, සුදු හඳුන්, සැවැන්දරා මුල්, ඉරිවේරිය දඬු, කූරතම්පලා මුල්, මුද්දරප්පලම්, වැල්මදට, මානෙල් අල, වැල්මී කළඳයි මදටිය හතර බැගින් ගෙන අට එකට සිඳවා පෙරා සීනි දමා බීම.

උක්‌ පුරුක්‌, මානෙල් අල, නුගමුල්, වැල්මී, අළු කෙසෙල් අල, නෙළුම් රේනු, නුග කරටි, මුද්දරප්පලම්, රට ඉඳි කළං එකහමාර බැගින් ගෙන අට එකට සිඳවා පෙරා සීනි දමා බීම.

කවුපි, කඩල, මුං ඇට ආදී ධාන්‍ය වර්ග, කැකිරි, පොළොස්‌, පිපිඤඤා,වට්‌ටක්‌කා, කෙහෙල් මුව, පතෝල, බත් වලින් පෙරා ගත් කැඳ වතුර, පළා වර්ග, ඇඹුල් කෙසෙල් හැර අනෙකුත් කෙසෙල් වර්ග, සුදු කිරි (කහට නොදමා), සව් කැඳ, කිතුල් පිටි කැඳ, කොළ කැඳ වර්ග, බෙලි මල් වතුර යෝගට්‌ ආදිය හිතකර වේ.

අප විසින් තෙල් මිරිස්‌ වැඩි ආහාර ගැනීමේදී සිදුවන්නේ මෙම උෂ්ණය තවත් වැඩිවීමයි. එබැවින් පොල් සම්බෝල, සුදු පාන්, බනිස්‌, රට දෙල්, බලමාළු, ඉස්‌සන් දැල්ලන්, කකුළුවන්, අච්චාරු, නාසයෙන් දිවෙන් සෙම වැගිරෙන්නට අධික මිරිස්‌ යෙදූ ආහාර ගැනීම අත්හැරීම කළ යුතුමය.




No comments:

Post a Comment