කටට රසට වටලප්පන් හදන්න මෙන්න පහසුම ක්‍රමය - SLViki

Latest

Sunday, May 14, 2017

කටට රසට වටලප්පන් හදන්න මෙන්න පහසුම ක්‍රමය


අද අපි කියල දෙන්න යන්නේ කටට රසට පහසුවෙන්ම වටලප්පන් හදන්න පුළුවන් ක්‍රමයක් ගැන.
 අවශ්‍යය ද්‍රව්‍ය
  • හකුරුග්‍රෑම් 250
  • බිත්තර 5
  • මිටි කිරි අඬු කෝප්ප 1 1/4
  • වැනිලා ස්වල්පයක්
  • කරදමුංගු 2
  • කරාඹුනැටි 3
  • කජු මද 10
  • වියලි මිදි ග්‍රෑම් 10
 සාදන අයුරු:
මුලින්ම හකුරු හීනියට ගා ගන්න. ගා ගත් හකුරු මිටි කිරිවල  හොඳින් දිය  කර ගන්න. දිය කරගත් මිශ්‍රණය පෙරා ගන්න. නැත්නම් දිය නොවුණු හකුරු කැබලි තිබිය හැක. මිටිකිරි වෙනුවට පොල් කිරි ක්‍රීම් වුවද භාවිතා කළ හැකිය. දැන් බිත්තර ටික හොදින් බීට් කර ගන්න. මතක ඇතුව බිත්තර බීට් කරද්දි ලුණු පොඩ්ඩක් එකතු කර ගන්න. එවිට බිත්තර ටික හොදින් බීට් වෙලා තියේවි. බිත්තර වලට දිය කරගත් හකුරු මිශ්‍රණය ටික ටික එකතු කරමින්  බීට් කරගන්න. අවසානයට වැනිලා බින්දු කීපයකුත්, සිහින් වෙන්න කුඩු කර ගත්තු කරදමුංගු කරාඹුනැටි කුඩුත් එක්කරන්න. සාදික්කා කුඩු ටිකකුත් අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. 

මේ රසකාරක, බිත්තර වලින් එන පිලී රසය හා සුවඳ නැති කරනවා මෙන්ම හොඳ රසයකුත් වටලප්පමට එක්කරනවා.ඇලුමිනියම් බඳුනක හෝ තාපයට ඔරොත්තු දෙන වීදුරු භාජයනයකට හරි මිශ්‍රණය වත්කරගන්න. බඳුනේ කට තෙල් කරදාසියකින් හෝ ඇලුමිනියම් පත්‍රයකින් හෝ ආවරණය කරන්න. පීඩන උදුනනක (Pressure Cooker) නම් විසිල් 5ක් යනතුරු තම්බා ගන්න. හුමාලයෙන් තම්බා ගන්නවා නම් ස්ටීමරය (Steamer) තුළ  බහා විනාඩි 30 – 45 ක් (හොඳින් හුමාලය පිට වීමට ගත්තාට පසු) අතර කාලයක් තම්බා ගන්න. කජු සහ වියළි මිදි උඩින් ඉස ශීතකරණයක බහා සිසිල් වු පසු සංග්‍රහ කරන්න.




No comments:

Post a Comment