ඔබ ෆෙෂල් කල යුත්තේ ඇයි? - SLViki

Latest

Saturday, May 27, 2017

ඔබ ෆෙෂල් කල යුත්තේ ඇයි?


මුහුණට කරනු ලබන සුවිශේෂී සත්කාරයක් වන් ෆෙෂල් කිරීම දැනුවත් බවකින් කැප වීමකින් යුතුව ක‍්‍රමාණුකූලව පියවරින් පියවර කළ යුතු කාර්යයක් බව ඔබ දන්නවා ඇති. කරන්නන් වාලේ කිරිමෙන් බොහෝ විට සාර්ථක ප‍්‍රතිඵල අත් නොවන්නට හැකියාවක් ඇත.



මුහුණේ සම ශරීරයේ අනෙකුත් ස්ථාන වල සමට වඩා සියුම් සහ සංවේදී බවකින් යුක්ත වීම නිසා ඉතා ඉක්මනින් එහි වෙනස්කම් සිදුවේ. සම දුර්වර්ණ වීම, කුරුළෑ වැනි බිබිලි හට ගැනීම, සම මලානික වීම වැනි දෑ මුහුණේ සම කෙරෙහි අහිතකර ලෙස බලපායි. කාලයක් පවතින තරුණ පෙනුම ටිකින් ටික වියපත් වනවිට සම රැලි ගැසීමෙන් එය බාහිර වශයෙන් ඔබට පෙන්නුම් කරනවා. මෙහිදී වයසත් සමග සිරුරෙහි මතු කෙරෙන යම් යම් වෙනස් වීම්ද සිදුවන ආකාරය දක්නට පුළුවන්.



 නමුත් ලොව රූපලාවන්‍ය තාක්‍ෂණය වඩාත් දියුණු වෙත්ම වියපත් වීමේ කි‍්‍රයාවලිය ප‍්‍රමාද කරලීමේ හැකියාව ඇති විවිධ ප‍්‍රතිකර්ම රාශියක් ද නිපදවා තිබේ.ඔබට කල හැකි සරලතම දෙය තමයි ෆෙෂල් කිරීම. මුහුණට ෆෙෂල් එකක් කිරීමේදී අප බලාපොරොත්තු වන ප‍්‍රධානම කරුණක් වන්නේ මෙම මැරුණ සෛල ස්ථරයන් හොඳීන් ඉවත් කිරීමයි.මැරුණු ෙසෙල වල ස්වභාවය වන්නේ අලුතින් හටගැනීම, ටික කලක් පැවතීම සහ ඉන්පසු මරණයට පත්වීමයි. මෙය චක‍්‍රාකාරයෙන් නිරන්තරව සිදුවන දෙයක්. මරණයට පත් වන ෙසෙල අප හදුන්වනු ලබන්නේ මැරුණු ෙසෙල වශයෙන්.

ෆෙෂල් එකක් යනු මුහුණට කරන සත්කාරයකි. මෙමගින් ඔබේ සමට අත්වන ප්‍රතිලාභ බොහොමයකි. මූලිකවම මුහුණේ සම පිරිසුදු කිරීමක් මින් සිදුවේ.මෙමගින්,

මුහුණේ අනවශ්‍ය කොටස් ඉවත් කිරීම.
සම පැහැපත් වීම.
හොඳ රුධිර ගමනාගමනයක් වීම හා මාංස පේශීන් ශක්තිමත් කිරීම.
සමට පෝෂණය ගෙනදීම.
මානසික සුවයක් ^Relaxation& ලබාදීම.
ආදී හිතකර ප්‍රතිඵල රාශියක් අපේක්ෂා කළ හැකිය.




කිසිම දිනෙක ෆෙෂල් එකක් නොකළ කාන්තාවකගේ සිරුර ස්වභාවයෙන්ම පැහැපත් බවක් තිබිය හැකි වුවත් ඇයගේ මැරුණ ෙසෙල ස්ථර රාශියක් සම මතුපිට කාලයක් තැන්පත් වීමේ හේතුවෙන් මුහුණේ පැහැපත් පෙනුමක් දීප්තිමත් බවක් දක්නට නොහැකි වෙයි.එම නිසා ඔබට හැකිනම් මුහුණට ෆෙෂල් එකක්කර ගන්න ඔබේ පෙනුම තවත් වැඩි වේවි.



ඔබ ෆෙෂල් එකක් කරනවානම්  බැලැක් හෙඩ්ස් ඇත්නම් විනාඩි 3ක් ඇතුලත අයින් කරන්න.සර්ජිකල් ස්ප්‍රීට් පුළුන් කෑල්ලකට ගෙන බලැක් හෙඩ්ස් ඉවත් කරපු තැන් වල පමණක් ගාන්න.මෙය නොකලහොත් ෆෙෂල් කිරීමෙන් පසු දීර්ඝ කාලීනව වල වල් සෑදේ.මෙවැනි දේ නිවැරදිව කිරීමට ඔබ වග බලා ගන්න.එවිට ලස්සන පැහැපත් නිරෝගි පෙනුමක් ඔබට ලබා ගන්න පුළුවන්.

මේ ආකාරයට මුහුණට කරන සත්කාරයේදී සිදුවන්නේ පිරිසුදු කිරීමකි. මෙපමණක්ම නොව මානසික සහනයත් ඔබේ නිරෝගී හා පැහැපත් බවට ප්‍රධාන වශයෙන්ම බලපාන්නකි.


No comments:

Post a Comment