පිළිකා වළක්වා ගැනීමේ ක්‍රම. - SLViki

Latest

Saturday, May 27, 2017

පිළිකා වළක්වා ගැනීමේ ක්‍රම.



දැන් මිනිස්සුන් ගේ තියෙන ආහාර රටාවේ විදියට පිළිකා සෑදීම සදහා ලොකු අවදානමක් තියෙනවා. ඔබේ ශරීරයට වෛරසයන් ගෙන් සහ බැක්ටීරියාවන්ගෙන් ආසාදනය වුනොත් එහිදී ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාත්මක වී එම වෛරස් සහ බැක්ටීරියා ආසාදනයන්ගෙන් ඔබව ආරක්ෂා කිරීම සදහා සටන් කරනු ලබනවා.අපේ ආහාර වේලට එකතු කරගන්න සමහර ආහාර වර්ග පිළිකා සෑදීමට එරෙහිව ලොකු සටනක් දෙනවා. මෙන්න පිළිකා වලට එරෙහිව සටන් කරන්න කැමති අයගේ කෑම වේලට එකතු කර ගන්න පුලුවන් ආහාර වර්ග ටිකක්.

ගානට ගත්තොත් බියර් ආමාශ පිළිකා අවදානම අඩුවෙන්න පුලුවන්.....

බියර් දිනපතා බිවුවොත් පිළිකා සෑදීමේ අවදානම වැඩියි.වැඩිපුර බිවුවොත් උගුර/අක්මාව හා පියයුරැ ආශ්‍රිතව පිළිකා වැලදෙන්න පුලුවන්. බියර් ගානට ගත්තොත් ආමාශ පිළිකා අවදානම අඩුවෙන්න පුලුවන්.අමාශයේ වණ වලට බලපාන Helicobacter pylori (හෙලිකෝබැන්ටර් පයිරෝලි) කියන බැක්ටීරියා වර්ධනයට වැට බදින්නේ බියර්. මේ බැක්ටීරියා වර්ධනය ආමාශගත පිළිකාවලට හේතුවක්.

සුදු ලුනු වැඩිපුර කන්න.

බැක්ටීරියා මගින් ඇතිවන ආසාදන තත්වයන් සමග සටන් කිරීමට සමත් ක්‍රියාකාරී ද්‍රව්‍යක් වෙන ^Allicin& සුදුළුණු වල අන්තර්ගත වෙනවා.බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් මිනිසුන් 146 දෙනෙක් සදහා සති 12 ක කාලයක් තිස්සේ ආහාරය සදහා සුදුළුණු ලබා දෙමින් එහි ප්‍රතිපල පරීක්ෂා කිරීමේදී සනාත වී තිඛෙනවා එම පිරිසෙන් තුනෙන් දෙකකට වඩා වැඩි පිරිසකට සෙම්ප්‍රතිශ්‍යාව වැලදීමේ අවදානම් තත්වය ඉතාමත්ම අඩුවෙන් පැවති බව,ඒවගේම සුදුළුණු වලට ප්‍රියතාවක් දක්වන සතියකට කරාබු නැටි 6ක් පමණ ආහාරයට අරගනු ලබන පුද්ගලයින්ට කොලෙස්ටරෝල්,පිළිකාවන් වැළදීමට තිඛෙන අවදානම් තත්වය 30%කින්ද උදරය ආශ්‍රිතව පිළිකා තත්වයන් වැළදීමට ඇති අවදානම 50% කින්ද අඩු වෙන බව නූතනයේ කර ඇති පරීක්ෂණ වලින් සනාත වී තිඛෙනවා. ඒ වගේම පටකවල සිදුවන අසාමාන්‍ය වැඩීම් ^tumor& වලට සුදු ලූණු වලින් ඉඩක් ලැඛෙන්නේ නැහැ.ඒ වගේම පරීක්ෂණවලට අනූව ආමාශගත පිළිකා වැලදීමේ අවදානමත් 12 ගුණයකින් විතර අඩු කරන්න සුලු ලූණු සමත් බව හෙළි වී තිඛෙනවා.

ග්‍රීන් ටී බිම පුරුදක් කර ගන්න.

Green Tea වල ඇත්තේ ‘Polyphenols’ ය.ඔබ දන්නවද චීනය ,ජපානය වැනි රටවල් වල අධික කාලයක් තිස්සේ කිසිම අතුරු ආබාධයකින් තොරව Green Tea භාවිත කරමින් සිටිනවා. Green Tea ඔවුන්ගේ දීර්ඝ ආයුෂවිදීමේ රහස වන්නට පුළුවන්.එමෙන්ම විෂ නාශකයක්ද වෙයි. Black tea වලට වඩා Green Tea ශරීරයට හිතකර විෂබීජ නාශකයකි. දවසකට කළු තේ කෝප්ප 5ක් සතියක් තිස්සේ පානය කරන ලද පුද්ගලයාගේ රුධිරයේ ඇති වෛරස් ආසාදනයන් සමග සටන් කිරීමේ ශක්තිය වෙනත් උණු පානයන් පානය කරන පුද්ගලයන්ට වඩා දස ගුණයකින් වැඩි බව හාර්වඩ් විශ්ව විද්‍යාලයේ කරන ලද පර්යේෂණයකින් ඔප්පු වී තිඛෙනවා.ඇමයිනෝ ඇසිඩ් මගින් තමයි ශරීරයට එම ප්‍රතිශක්තිය ලබා දී තිඛෙන්නේ. ග්‍රීන් ටී වල තියෙන EGCG නම් රසායනය ලෝකයේ මෙතෙක් සොයාගත් ප්‍රබලතම පිළිකා මර්ධනකාරකයක් බව සමහර පර්යේෂකයෝ කියනවා.

දෙහි -  ලෙමනේඩ් වර්ග බිමට එකතු කර ගන්න.

දෙහි වර්ග වල තියෙන සිට්රස් ඇසිඩ් පිළිකා ෙසෙලවලින් ඇතිවන අවදානම අඩුකරනවා.

රෑ කෑමෙන් පසු ඇවිදීම පුරුදක් කර 
 
පියයුරැ පිළිකාවලට ප්‍රධානතම හේතුවක් තමයි සිරැරේ තියෙන ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටම.ඔබගේ සිරුර තරබරුයිනම් ඔබට ලෙඩ ගොඩකට මුල එයයි. විනාඩි 30ක් පමණ ඔබට පුලුවන්නම් ඇවිදින්න ඊස්ට්‍රජන් මට්ටම යම් මට්ටමකට පහල බස්සව ගන්න පුළුවන් වෙනවා.සතියට දවස් 3ක් විතර මාස 3ක් 4ක් පමණ කරන්න ඔබට පුලුවන්නම් ඔබට නිරෝගී සැපවත් ජීවිතයක් ලබා ගන්න පුළුවන්.

වතුර හොදට බොන්න.
සාමාන්‍යෙයන් වැඩුනු කෙනෙක් දවසට වතුර ලීටර් 2.5 ක් වත් බිම වැදගත් වෙනවා. හැබැයි තමන් ඉන්න පරිසර තත්ත්වයන් අනූව මේක වෙනස් වෙනවා.අවුවේ වැඩ කරනවා නම් ටිකක් වැඩි පුර ඕනි වෙනවා.කොච්චර වතුර ප්‍රමාණයක් ඕනි වෙනවාද කියලා බලන්න ඕනිද කියලා දැනගන්න තියෙන හොදම Indicator එක තමයි මූත්‍රා වල වර්ණය. තද කහ (රතු පැහැයට හුරු) නම් අනිවාර්යෙන්ම වතුර බෝතලයක් වත් බිම අවශ්‍ය වෙනවා.

කොහොම නමුත් නිසි පරිදි වතුර බීමෙන් මූත්‍රාශ පිළිකා අවදානම 50% කින් පමණත්, අන්ත්‍රවල පිළිකා 45% කින් පමණත් අවම කර ගන්න පුලුවන් බව තමයි පර්යේෂකයෝ පවසා තියෙන්නේ.








No comments:

Post a Comment