ඓශ්චර්යා රායිගේ අම්මා බ්‍රින්ද්‍රා රායි හදන ඓශ්චර්යා කැමතිම කුකුළු මස් කරිය.. - SLViki

Latest

Sunday, May 28, 2017

ඓශ්චර්යා රායිගේ අම්මා බ්‍රින්ද්‍රා රායි හදන ඓශ්චර්යා කැමතිම කුකුළු මස් කරිය..


අවශ්‍ය ද්‍රවය

කුකුළු මස් කිලෝ 1
කොත්තමල්ලි ඇට තේ හැදී 1
තල ඇට තේ හැදී  1/2
සුදුරු තේ හැදී 1/4
ගම්මිරිස් ඇට 5
උළුහාල් තේ හැදී 1/2
සුදුළුනු බික් 2
ගාගත් පොල් ගෙඩි 1/2
සිහින්ව ලියාගත් ලොකු ළුණු ගෙඩි 2
වියලි මිරිස් කරල් 2
කහ තේ හැදී 1
ගිතෙල් තේ හැදී 2
ගෙඩියක පොල් කිරි
කුඩාවට කපා ගත් තක්කාලි ගෙඩි 1/2
කරපිංචා ස්වල්පයක්
පොල්තෙල් තේ හැදී 1
ලුණු අවශ්‍ය පමණට

සාදන ක්‍රමය

·         පළමුව මසාලා පව්ඩර් එක සාදා ගත යුතුයි.

·         හොදින් වියලා ගත් කොත්තමල්ලි ඇට,තල ඇට,සුදුරු,ගම්මිරිස්, වියලි මිරිස් කරල්,උළුහාල් කබලේ බැද හොදින් කුඩු වන තුරු බ්ලෙන්ඩරයේ අඹරා ගන්න.

·         දැන් මෙම මිශ්‍රණය පසෙකින් තබා භාජනයක් ගෙන ලිප තබා තෙල් ස්වල්පයක් රත් වීමට තබන්න.

·         තෙල් ටික රත් වෙන විට සකසා ගත් මසාලා මිශ්‍රණය එයට දමා විනාඩි 4ක් 5ක් පමණ බැද ගන්න.

·         පසුව එම මිශ්‍රණය වෙනත් භාජනයකට දමා පසෙකින් තබා එම ලිප තැබු භාජනයම ගෙන එයට ගිතෙල්,ළුණු,තක්කාලි දමා විනාඩි 3ක් කලවම් කරන්න.

·         දැන් එයටම ගාගත් පොල්,කහ කුඩු,කරපිංචා එක්කර තවත් විනාඩි 5ක් පමණ හැදිගාන්න.

·         දැන් ලිප නිවා මිශ්‍රණය නිවෙන්නට පසෙකින් තබන්න.

·         පෙර සකසා ගත් මසාලා මිශ්‍රනය සමග දැන් සකසා ගත් මිශ්‍රනයත් බ්ලෙන්ඩරයට දමා හොදින් අඹරා ගන්න.

·         එම මිශ්‍රණය ඔබට පේස්ට් එකක් ආකාරයට සැකසී ඇති අයුරු දකින්නට පුළුවන්.එම මිශ්‍රනයත් පසෙකින් තබා දැන් වෙනත් භාජනයක ගන්න.

·         භාජනයක් ගෙන ලිප තබා තෙල් රත් වන විට එයට ළුණු සහ තක්කාලි එක්කර රන්වන් වනතුරු බැද ගන්න.

·         දැන් එයට කුකුළු මස් කැබලි එක්කර ගන්න.

·         ලිපේ ගින්දර අඩුකර භාජනය පියනකින් වසා විනාඩි 10ක් පමණ  තබා එක්වරක් හොදින් හැදී ගා මිශ්‍ර කරගන්න.

·         දැන් එම කුකුළු මස් මිශ්‍රණයට පෙර සකසා ගත් මසාලා මිශ්‍රණය සමග කරපිංචා සහ රස අනුව ලුණු එක් කර නැවතත් හොදින් හැදී ගා මිශ්‍ර කර ගන්න.

·         නැවතත් පියන වසා මද ගින්දරේ විනාඩි 10ක් පමණ පිස ගන්න.

·         විනාඩි 10 ගත වූ පසු එය වතුර කෝප්ප හතරක් එක් කර ගින්දර වැඩි කර විනාඩි දෙකක් පමණ පිසගන්න.

·         පසුව ගින්දර අඩු කර පියන වසා කුකුළු මස් හොදින් පිසෙන තුරු පිසගන්න.

·         දැන් ලිප නිවා කුකුළු මස් කරිය උණු උණුවෙම තියෙද්දී පොල්කිරි එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න.

·         දැන් අහාරයට ගන්න පුළුවන්...
ජනයුගය පුවත්පත රහ අතිරේකය









No comments:

Post a Comment