2017 හදුනවා දීමට නියමිත Apple සමාගමේ නවතම දුරකථනය Apple iPhone 8 - SLViki

Latest

Sunday, May 28, 2017

2017 හදුනවා දීමට නියමිත Apple සමාගමේ නවතම දුරකථනය Apple iPhone 8


තාක්ෂණික ලෝකය ගැන උනන්දුවක් දක්වන හරි ඒ දේවල් ගැන හොයන කෙනෙක් නම්, ඔයා දැනටමත් දන්නවා ඇති Apple සමාගමේ අලුත්ම ස්මාර්ට් phone එක මේ අවුරුද්දේ ඒ කියන්නේ 2017 අග භාගය වෙන කොට හදුන්වල දෙන්න යන බව. 2017 අවුරුද්ද කියන්නේ Apple සමාගමට හුගක් විශේෂ අවුරුද්දක්. මොකද කියනවනම් 2017 අවුරුද්දට Apple සමාගමේ 10 වෙනි සංවත්සරය තියෙනවා. ඒ කියන්නේ Apple සමාගම පටන් අරන් දැන් අවුරුදු 10 වෙනවා. ඉතින් ඒ හේතුවත් නිසාම මේ අවුරුද්දේ release කරන්න ඉන්න අලුත් ස්මාර්ට් phone එකේ ලොකු වෙනස් කම් කිහිපයක්ම කරන්න බලාපොරොත්තු වෙන බව Apple සමාගම කලින්ම කියල තිබ්බා.

මේ හේතු නිසාම මේ දවස් වල තාක්ෂණික ලෝකය තුල ලොකු කතා බහක් යනවා මේ අලුත්ම Apple iPhone එක මොන වගේ වෙනස් කම් වලින් ඒවිද කියල. ඉතින් මේ ලිපියෙන් මම කතා කරන්න යන්නේ අන්න ඒ ගැනයි. මේ වෙනකන්ම හරියට නිල නමක් මේ ජංගම දුරකතනයට නැති උනත් තාක්ෂණික ලෝකයේ හුග දෙනෙක් හදුන්වන නමින් මමත් මේ phone එක හදුන්වන්නම්. ඒ කියන්නේ මේ phone එකේ නම බොහෝ දුරට Apple iPhone 8 වේවි.

මේ Apple Devices ගැන හැමතිස්සෙම කතා කරන ඒ වගේම හුගක් නිවැරදි තොරතුරු අඩංගු වෙන macrumors.com වෙබ් අඩවියේ අලුත් Apple iPhone 8 එක ගැන ගොඩක් විස්තර තියෙනවා. ආරංචි වෙන විදිහට නම් මේ දුරකථනය තව මාස කිහිපයකින් වෙළදපොලට නිකුත් කරන්න සූදානම් වෙලා ඉන්නවලු. ඒ වගේම මේ phone එකේ විශාල වෙනස්කම් කිහිපයක්ම සිදු වෙලා තියෙනවලු.

ආරංචි වෙන විදිහට මේ වෙනකොට Apple සමාගම දුරකථන Prototype 10ක් විතර පරීක්ෂා කරලා තියෙනවලු. ඉතින් එයාල එහෙම කරන්නේ හොදම දෙයක් එලියට දෙන්න හිතාගෙනනේ.

ඉතින් මේ අලුත් phone එකේ Apple දුරකථන වල ප්‍රසිද්ධ touch ID එක අයින් කරලලු. ඒ වෙනුවට මේ Touch ID එක සහ Front Facing Camera එක Display එක ඇතුලෙන් තියෙන විදිහට හදනවලු. ඒ කියන්නේ අලුත් iPhone 8 එකේ Home Button එක නැහැ. ඒ වගේම මේ Phone එකේ Edge - to - Edge Display එකකින් බලා ගන්න පුළුවන් වේවි කියලයි ආරංචිය. ඒ වගේම මේ අලුත් Design එක නිසා iPhone එකේ ඉහලින් සහ පහලින් තියෙන Bezels දෙක ඉවත් වෙලා තියෙනවලු. එත් ඉතින් මේ Touch ID එක Display එක ඇතුලෙන් හදන්න Apple සමාගමට ලේසි වෙලා නැති බව ආරංචියි. එත් කොහොම හරි එයාල ඒ ප්‍රශ්නේ විසදගන්න ඇති.

මේකේ තියෙන Edge-To-Edge Design එකත් එක්කම මේ iPhone 8 එක Size එකෙන් අගල් 4.7 ක iPhone එකක Size එකට සමාන වේවි. ඒත් Display Size එක අගල් 5.5 කින් බලා ගන්න පුළුවන් වේවි. තවත් ආරංචි වෙන විදිහට අලුත් phone එක අගල් 5.8 ක screen එකකින් බලා ගන්න පුළුවන් වේවි. ඒ වගේම අගල් 5.15ක ප්‍රමාණයක් අපට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තියේවි. ඉතුරු ටික වෙන් කරලා තියෙන්නේ home button එක වෙනුවට තියෙන virtual button එකටලු.

ආරංචි වෙන විදිහට නම් අලුත් iPhone එකේ තියෙන්නේ LCD display එකක් නෙවෙයි. ඒ වෙනුවට තියෙන්නේ flexible plastic OLED display එකක්ලු. ඒ හින්දා අලුත් iphone එක හුගක් තුනී වේවි. ඒ වගේම battery එක පාවිච්චිය හුගක් අඩු නිසා battery power එක වැඩි කාලයක් තියා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම display quality එක ඒ වගේම contrast ratio එක හුගක් හොද මට්ටමක තියෙයි. නමුත් කලින් නම් ආරංචි පැතිරිලා තිබ්බේ Samsung Galaxy S7 Edge එකේ වගේ display එක දෙපැත්තෙන් curvy ගතියට නැතුව  iphone 7 එකේ display එක විතරක්  දෙපැත්තෙන් පොඩ්ඩක් curve උන 2.5D display එකකින් මේ අලුත් iphone 8 එක තියේවි කියලයි. ඒ මේ curve display හදන අයට මේ display ලබා දෙන්න තිබ්බ අපහසුතා නිසා කියලයි ආරංචි.

ඒ වගේම ආරංචි වෙන විදිහට නම් අලුත් iphone එකේ body එක පරණ iphone 5,5s,6,6s,7 සහ SE වල වගේ aluminum body එකක් නොවී iphone 4 එකේ වගේ glass body එකක් වේවි. අඩුම තරමින් 2017 අවුරුද්දේ නිකුත් වෙන්න තියෙන එක iphone model එකක හරි body එක මේ විදිහට වෙනස් වෙන්න පුළුවන්. Apple supplier කෙනෙක් වෙන catcher technology සහ analyst කෙනෙක් වෙන Ming-Chi Kuo ට අනුව apple watch එකේ වගේ මේ glass body එක පොලිෂ් කරපු stainless steel frame එකක හදල තියේවි.

"iPhone 8" concept based on alleged leaked design renderings


ඒ වගේම iphone 7 එක වගේම iphone 8 එකත් water resistance වේවි. ඒ වගේම වැඩිදියුණු කල IP68 water resistance rating එකකින් මේ iphone එක සමන්විත වේවි. ඒ නිසා මේ iphone එකට වැස්සෙන්, ජලය ඉහිරීම, හරි පොඩි වැඩි වතුරකට වැටුනම හරි මොකුත් වෙන එකක් නැහැ. එක rumor එකක තිබ්බ විදිහට අලුත් iphone එකේ lightning port එකක් වෙනුවට USB-Type C එකක් තියෙයිලු. එත් පස්සේ ආරංචි වෙච්ච විදිහට නම් 2017 දීත් ඔවුන් lightning port එකත් එක්කම ඉදියි.

ආරංචි වෙන විදිහට, iphone එක ඇතුලත නැනෝ මීටර් 10, A11 Chip එකක් තියේවි. ඒ නිසා හුදක් හොද ස්පීඩ් එකක් වගේම හුගක් හොද efficiency එකක් තියෙයි. ඒ වගේම wireless charging සහ iris, facial, සහ gesture recognition කියන තාක්ෂනයන් මේ අලුත් iphone එකත් එක්ක තියේවි. ඒ වගේම මේ iphone එකේ dual lens camera එකේ, lens දෙකම optical image stabilization කියන තාක්ෂණයෙන් අන්තර්ගත වේවි.

මේ iphone 8 එකේ front facing camera එක ගැන කතා කලොත් ආරංචි වල හැටියට නම් මේ front facing camera එකට 3D Sensing හැකියාව තියෙනවලු. ඒ නිසා camera එක ඉදිරියේ ඇති වස්තුවේ පිහිටීම සහ ගැබුර අදුර ගන්න පුළුවන්ලු. ඒ නිසා facial සහ iris recognition වලට පහසුවක් වේවි. ඒ වගේම වැඩිදියුණු කල සිරස් පසුපස camera යුගලය නිසා ඉතා හොද ගුණාත්මක බවකින් යුතු photo ගැනීමේ හැකියාවද, ඉදිරිපසද dual-camera පද්දතියකින් සමන්විත වේවි.

අගල් 5කින් යුතු Apple iPhone 8 "premium" model එකට ඔවුන් OLED Display එකත් ඒ වගේම සාමාන්‍ය අගල් 4.7 සහ අගල් 5.5 iphone model දෙකේ සම්ප්‍රදායික LCD screen එකත් ඇතුලත් කර නිර්මාණය කරයි.

"iPhone 8" rendering said to be based on leaked CAD drawings


මේ model තුනේම කලින් කියපු A11Processors ඇතුලත් වේවි. ඒ වගේම glass body සහ wireless charging පහසුකමත් තියේවි. නමුත් සාමාන්‍ය iphone model දෙකේ edge to edge display එකක් තියෙයිද නම් කියන්න බැහැ. ඒ වගේම premium model එක නම් හුගක් ගණන් වේවි. හරියටම ගාන කියන්න බැරි උනත් සමහරවිට ඩොලර් 1000 පැනල ගණන් වේවි. සමහරවිට ගාන පරණ iphone 7 එකේ ගණන් වලට ලගින් යන ගානක් වේවි.

අලුත් iphone එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් features
  •     5.8" OLED display
  •     Faster A11 processor
  •     Glass body
  •     Edge-to-edge display
  •     Camera and Touch ID integrated in display
  •     No Home button
  •     Wireless charging
  •     Three models - One OLED, two standard
ඉතින් මේ ලිපියෙන් නම් ඔයාලට කියන්න තියෙන දේවල් මෙච්චරයි. තවත් මේ අලුත් iphone 8 එක ගැන විස්තර ඉදිරි ලිපි වලින් දෙන්නම්. ඔයාල දන්නා දේවලුත් තියෙනවනම් commentඑකක් දාල කියන්න. ඒ වගේම ඔයාලට දැන ගන්න මොන හරිදෙයක් තියෙනවනම් ඒ ගැනත් comment section එකේ දාන්න.



No comments:

Post a Comment