ෆෝන් එකේ සීරීම් ඉවත් කර ගන්න මෙන්න ක්‍රම.. - SLViki

Latest

Monday, May 29, 2017

ෆෝන් එකේ සීරීම් ඉවත් කර ගන්න මෙන්න ක්‍රම..



මෙම ක්‍රම අත්හදා බැලීමට පෙර.....

බැටරිය ගලවා ඉවත් කිරීම.
සෙලෝටේප් වැනි ආවරණයක් යොදා පෝර්ට්ස් ආවරණය කිරීම.
ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තැබීම,කල යුතුය.

දත් බෙහෙත් මගින් සීරීම් ඉවත් කිරීම..

මෙයට දත් බෙහෙත් පාවිච්චි කල යුතු අතර ජෙල් වැනි දත් බෙහෙත් පාවිච්චි නොකරන්න.
කපු පිරිසිදු කිරීමේ රෙදි කැබැල්ලක හෝ සිනිදු පිරිසිදු රෙදි කැබැල්ලක අගට දත් බෙහෙත් කුඩා ප්‍රමාණයක් යාන්තමින් තවරන්න.
දත් බෙහෙත් ඇති රෙදි කැබැල්ල භාවිතයෙන් ඔබගේ ජංගම දුරකථනයේ තිරයේ ඇති සීරීම ඉවත් වන තෙක් වෘතාකාරව අතුල්ලන්න.
තිරය මත රැදි වැඩිපුර දත් බෙහෙත් ඉවත් කිරීමට ලාවට තෙත් කරන ලද රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.

බේකින් සෝඩා මගින් සීරීම් ඉවත් කිරීම...

බේකින් සෝඩා වතුර සමග මිශ්‍ර කරන්න. හොදින් කලතන්න.
පිරිසිදු,සිනිදු,රෙදි කැබැල්ලක තවරා මෘදුව තිරයේ ඇති සීරීම් මත තවරන්න.
තිරය මත රැදි වැඩිපුර ආලේපනය ඉවත් කිරීමට ලාවට තෙත් කරන ලද රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.

එළවලු තෙල් මගින් සීරීම් ඉවත් කිරීම....

ඉතා කුඩා සැගවුණු සීරීම් වලට මෙය තාවකාලික විසදුමක් වේ.එළවලු තෙල් එක බිංදුවක් සීරීම් මත තැවරීම ඉක්මන් බාහිර සවියක් ලෙස සදහන් කල හැක.

Brasso හෝ වෙනත් ඔප මිශ්‍රණ වර්ග (පොලිෂ්) මගින් සීරීම් ඉවත් කිරීම.....

මෙය තරමක් අනතුරු දායකයි.මෙය අවධානම් සහගත ක්‍රමයකි.Brasso හෝ Silvo වැනි පොලිෂ් භාවිතයේදී සමහරක් අවස්ථාවලදී තිරයේ වැස්ම ඉවත් වී විශාල සීරීම් ඇති වීමටද හැකියාවක් ඇත.ඒ නිසා ප්‍රවේසම් වෙන්න.
ඔප මිශ්‍රණයෙන් කොටසක් සාමාන්‍ය ප්‍රමාණයේ භාජනයකට දමන්න.තුවායක් උඩින් භාජනය තැබීමෙන් ඉවත විසිවන පොලිෂ් ප්‍රමාණය අවම කල ගත හැක.
ඔප මිශ්‍රනයෙහි සිනිදු රෙදි කැබැල්ලක් ගිල්ලවන්න.
රෙදි කැබැල්ල මගින් ඉහලට සහ පහලට තිරයේ ඇති සීරීම් මත අතුල්ලන්න.
තිරය මත රැදි වැඩිපුර ඔප මිශ්‍රණය ඉවත් කිරීමට ලාවට තෙත් කරන ලද රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.

බිත්තර සහ පොටෑසියම් ඇලුමිනියම් සල්ෆේට් මගින් සීරීම් ඉවත් කිරීම....

මෙය අන්තර්ජාලයේ පරීක්ෂණ මගින් සොයාගෙන ඇති ක්‍රමයකි.
අවශ්‍ය දේවල්,
ක්ෂුද්‍ර තන්තු සහිත රෙදි කැබැල්ලක් (microfiber )
බිත්තරයක්
ඇලුමිනියම් ලෝපතක්
ඇලම් ( පොටෑසියම් ඇලුමිනියම් සල්ෆේට් ,බෙහෙත් මද්‍යස්ථාන වලින් ලබා ගත හැක )
එක බිත්තරයක් සමග එක ඇලම් තේහැන්දක් සාස්පානක දමා මිශ්‍ර කරන්න.මෙය ෆෙරන්හයිට් 150 ට රත් කරන්න.
ක්ෂුද්‍ර තන්තු සහිත රෙදි කැබැල්ලක මෙම මිශ්‍රණයේ පොගවන්න.
මෙම රෙදි කැබැල්ල ඇලුමිනියම් ලොපත මත තබන්න.ඉන්පසු අංශක 300ක උදුනක රෙදි කැබැල්ල සම්පුර්ණයෙන්ම වියලෙන තෙක් තබා තබන්න.
රෙදි කැබැල්ල උදුනෙන් පිටතට ගෙන සීතල පිරිසිදු දියෙන් තත්පර 20 සිට 30 දක්වා කාලයකට සෝදා හරින්න.ඉහත පියවර නැවත නැවත තුන් වරක් පමණ සිදු කරන්න.ඉන්පසු රෙදි කැබැල්ල පැය 48 ක් වාතයේ තබා වියලන්න.
මෙම රෙදි කැබැල්ල සීරීම් ඉවත් කිරීමට භාවිතා කරන්න.

ළදරු පුයර මගින් සීරීම් ඉවත් කිරීම.....

ළදරු පුයර වලට වතුර එකතු කර ආලේපනයක් සාදා ගන්න.පිරිසිදු,සිනිදු,රෙදි කැබැල්ලක තවරා මෘදුව තිරයේ ඇති සීරීම් මත තවරන්න.
තිරය මත රැදි වැඩිපුර ආලේපනය ඉවත් කිරීමට ලාවට තෙත් කරන ලද රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.

මෝටර් රථ වල සීරීම් ඉවත් කිරීමේ ක්‍රීම් මගින් සීරීම් ඉවත් කිරීම.....


ටර්ටල් ඉටි (turtle wax ) ,3M සීරීම් ක්‍රීම් වැනි මෝටර් රථ සීරීම් ඉවත් කිරීමේ ක්‍රීම් මගින් මෙම සීරීම් ඉවත් කර ගත හැක.ක්‍රීම් ස්වල්පයක් රැගෙන එය පිරිසිදු,සිනිදු,රෙදි කැබැල්ලක අතුරා තිරය පිසදමන්න. ( මෙය රවුමට පිස දමන්න )

ඉහත දක්වා ඇති සියලුම ක්‍රම වලදී ඔබගේ ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වෙන්න.


No comments:

Post a Comment