ඇයගේ පෙනුම නිසා දිගින් දිගටම උසුළු විසුළු වලට ලක් උනා. ඇයගේ පුරුදු වෙනස් කර ගැනීමෙන් අවුරුද්දකට පසුව ඇය අදුරගන්නත් බැරි තරමට වෙනස් වෙලා. - SLViki

Latest

Sunday, May 21, 2017

ඇයගේ පෙනුම නිසා දිගින් දිගටම උසුළු විසුළු වලට ලක් උනා. ඇයගේ පුරුදු වෙනස් කර ගැනීමෙන් අවුරුද්දකට පසුව ඇය අදුරගන්නත් බැරි තරමට වෙනස් වෙලා.



මෙය මෙතෙක් මා දුටු පුදුම සහගතම වෙනස්වීමයි. ඒ වගේම මේ කතාව අනිත් අයටත් හුගක් හොද ආදර්ශමත් කතාවක්.

සමර් "Summer " කියන්නේ සෑම විටම ශරීර ප්‍රමාණයෙන් විශාල උන ගැහැණු කෙනෙක්. ඇය අවුරුදු 4 වෙනකොට ඇයගේ බර රාත්තල් 100ක් පමන වෙලා තියෙනවා.

ඇයව පරීක්ෂා කරපු වෛද්‍යවරු කියල තියෙනවා ඇය පමණය වඩා භායනක විදිහට ස්ථූල භාවයෙන් පෙලෙන බව. ඒ වගේම ඇය ඇගේ ජීවන ක්‍රමය වෙනස් කර නොගත්තොත් ඇයට මියා යාමට සිදු වෙන බව. නමුත් ඇයට ඇගේ මේ භයානක එදිනෙදා ක්‍රියාකාරම් වෙනස් කර ගැනීමට හැකියාවක් තිබිල නැහැ.

අවුරුදු 16 දී, ඇයගේ බර රාත්තල් 350ක් වෙලා තියෙනවා. ඇයට වාහනයක ආසනයක පවා ඉද ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම පඩිපෙල් නැගීමටද ඇයට නොහැකි වෙලා තියෙනවා. "මට මාව තේරුනේ හරියට කාමරයේ ඉන්න අලියෙක් වගේ" ඇය පැවසුවා.

අනිත් අතට ඇයට නොනවත්වා අන් අයගෙන් එල්ල වල හිරිහැර. ඇයගේ මහතා නිසා ඇයට එල්ල වන තාඩන පීඩන සහ උසුළු විසුළු කිරීම් ඇයට සෑමවිටම දරාගෙන ඉන්න සිද්ද වෙලා තියෙනවා. ඇය පිටතින් හොදින් ඉන්නවා වගේ පෙනුනට ඇතුලතින් ඇය පහලටම කඩා වැටී සිටියා.

නමුත් 2014 පෙබරවාරි මාසය වෙන විට ඇය ඇයගේ ජීවිතයේ පහලම මට්ටමට වැටී තිබුනා. ඇය ලෝකයෙන් වෙන් වී තනිවම ප්‍රතිකාර සෙවීමට පටන් ගත්තා. අවසානයේදී ඇගේ ජීවතයේ ලොකු වෙනසක් කර ගැනීමට ඇය සූදානම් වී සිටියා.

එතනින් සමර් ගේ ජීවිතය වෙනස් කර ගැනීමේ ගමන පටන් ගත්තා. ඔබ විශවාස කරන එකක් නැහැ ඇය අවුරුද්දක් තුල වෙනස් උන ආකාරය. ඇය මේ සියල්ල කලේ ස්වාභාවික ක්‍රම වලට. සෞක්යමත් ආහාර රටාව සහ ආහාර පාලනය මෙන්ම කඩිසර ජීවන රටාව මගින් ඇය ඇගේ ශරීරය වෙනස් කර ගැනීම ඇරබුවා.

බලන්න මේ වීඩියෝව ඇයගේ වෙනස් වීම සිදු වූ ආකාරය. ඒ වගේම මේ ආදර්ශමත් කතාව අනිත් අයටත් දැන ගන්න share කරන්නත් අමතක කරන්න එපා..








No comments:

Post a Comment