ඔබ උසින් අඩු කෙනෙක්ද......? එහෙනම් ඔබ වාසනාවන්තයි. - SLViki

Latest

Saturday, May 20, 2017

ඔබ උසින් අඩු කෙනෙක්ද......? එහෙනම් ඔබ වාසනාවන්තයි.

උස කෙනෙකු වෙනවාට වඩා ඔබ කොට කෙනෙකු නම් ඔබ වාසනාවන්තයි.මෑතකදී කරන ලද පරීක්ෂණ වලින් එය ඔප්පු වී ඇත.ඔබ උසින් අඩුයි කියල උස අය දිහා බලාගෙන දුක් වෙන කෙනෙක්නම් අදින් පසු එය නවත්වා දැමිම ඔබගේ වැඩක්.ඔබ දන්නවද උස යනවට වඩා කොට උනාම උස අයට නැති වාසි ගොඩක් ඔබට හිමි බව.ඔබ අසා ඇති  උසින් අඩු අයගේ ජයග්‍රහණ ගැන.මෙහිදී ඔබ නොසිතන දේවල් ඔබට ලැබෙනු ඇත.මෙම ලිපිය කියවන ඔබ උස කෙනෙක්නම් ඔබ දැනටමත් කුතුහලයෙන් බව නොඅනුමානයි.ඔබ උසින් අඩු කෙනෙක්නම් ඔබටද කුතුහලයක් ඇති මේ පිලිබදව.ඔබ උසින් වැඩි කෙනෙක්නම් උසින් අඩු අයගේ සාර්ථකත්වයේ රහස දන ගන්නට මෙම ලිපිය උදවු වේවි.


ඔබට පිලිකා සැදීමේ අවදානම උස අයට සාපේක්ෂව අඩුයි.
මෙය යුරෝපියන් යොදාගෙන කරන ලද අධ්‍යනයකින් හෙළි වී ඇත.කෙනෙකුගේ උස යාම සදහා උපකාරී වන හෝර්මෝන පිළිකාවක් ඇති කිරීමට හේතුවක් වන බව නිරීක්ෂන වලින් පෙනී ගොස් ඇති බව ඔබ දැනගෙන සිටියා ද?  ඔබ උස හෝ උසින් අඩු වුවත් ඔබ ඔබගේ ශාරීරික සෞඛ්‍ය නිවැරදිව පවත්වාගෙන සිටිනම් ඔබට නිරෝගිමත් ජීවිතයක් ලගා කර ගන්න හැකියාවක් තිබේ.
ඔබගේ විවාහ ජීවිතය සාර්ථකයි.
ඔබ දන්නවද? 5’.7” ට වඩා උසින් අඩු අය දික්‍කසාද වීමේ ප්‍රවනතාවය උස වැඩි පුද්ගලයන්ට සාපේක්ෂව 32% කින් අඩු බව.මෙයට හේතුව ලෙස දක්වන්නේ උසින් අඩු පුද්ගලයන් ඇති කර ගන්නා සම්බන්ධතාවය විවාහය දක්වා යන විට බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන් පසු සිදු වන බවයි.එසේ දිගු කාලයක් පවත්වාගෙන යන සම්බන්ධය කෙටි කලකදී ඇති කර ගන්නා සම්බන්ධයට වඩා සාපේක්ෂව සාර්ථක වේ යනුවෙන් අබිගේයිල් විස්මන් විසින් අදහස් කර ඇත.ඔබ විවාහය ඉක්මනින් කිරීමට උත්සහ කිරීමට යන්න එපා.මන්ද අවුරුදු 20 ට පෙර සිදු කරන විවාහ වලින් 60% ද, අවුරුදු 22 ට පෙර  සිදු කරන විවාහ වලින්  40% ද කෙලවර ව ඇත්තේ දික්කසාදයෙනි.එම නිසා ඔබගේ විවාහ දිවිය සාර්ථක වන්නේ ටිකක් කල් යන්න යන්නයි.


ඔබ වැඩි කලක් ජීවත් වනු ඇත.
PLOS සගරාව මගින් 2012 දී සිදු කරන ලද පරීක්ෂණයකින් උසින් අඩු අය වැඩි කාලයක් ජීවත් වන බව තහවුරු වී ඇත.උසින් වැඩි අය තම ශරීරය පිළිබද සැලකිලිමත් වුවද උසින් අඩු අයට සාපේක්ෂව අභාවයට යන බව පෙනී ගොස් ඇත.මෙහිදී සටහන් වන්නේ කොට පුද්ගලයන්ට දිගු කලක් ජීවත් කරවන ජානයක් හිමි බවයි.
ඔබගේ ලිංගික ජීවිතය සාපේක්ෂව සාර්ථකයි.
මෙයට උස ඔබ ඉරිසියා කර වැඩක් නැත.මෙය ඇත්තකි.2015 වසරේදී  Journal of Sexual Medicine නම් සගරාව විසින් හන්ගේරියානුවන් අතර සිදු කල පරීක්ෂණයකදී 5.9 ට වඩා උසින් අඩු  පුරුෂයන්ට වඩා උස අයට සාපේක්ෂව සතියකට 2.96 වාර ගණනක් මොවුන් ලිංගික සුවය විදින බවයි.උසින් අඩු පුද්ගලයන් කාන්තාවන්ගේ අවදානය වැඩියෙන් දිනා ගන්නා බව ඔබ දන්නවද? මෙයට හේතුව වන්නේ ගැහැනුන් හිනස්සන පිරිමින්ට කාන්තාවන් කායිකව වැඩිපුර අවදානයක් හිමි වන නිසාය.කෙනෙකුගේ සිනහවක් ඔබට විය හැකිනම් ඔබට ඒ සදහාද යම් කුසලතාවයක් තිබිය යුතුය.එවැනි පිරිමින්ට ගැහැනුන්ගේ ආකර්ෂණය ලබා ගැනිම ඉතා පහසුය.
මෙවැනි හේතු නිසා උසින් අඩු කෙනෙක් පිළිබද උසින් වැඩි ඔබට ඉරිසියාවක් ඇති වන්නට පුළුවන්.නමුත් මෙය උසින් අඩු ඔබට සුභ ආරංචියක් වනු නොඅනුමානයි.




                      





No comments:

Post a Comment