රසට ලේසියෙන්ම චොප්සි හදන්න මෙන්න වෙනස්ම ක්‍රමයක්... - SLViki

Latest

Friday, February 3, 2017

රසට ලේසියෙන්ම චොප්සි හදන්න මෙන්න වෙනස්ම ක්‍රමයක්...


අවශ්‍ය දේවල්

1.කැරට් ගෙඩියක්
2.අල ගෙඩියක්
3.බෝංචි කරල් කීපයක්
4.රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්
5.ගෝවා කොළ දෙක තුනක්
6.හතු ස්වල්පයක්
7.තලාගත් ඉගුරු/සුදුලූනු
8.ඔයිස්ටර් සෝස් මේස හැදි දෙකක්
9.සෝයා සෝස් මේස හැන්දක්
10.කෝන් පිටි මේස හැදි දෙකක්
11.ලුනු ස්වල්පයක්
12.ගම්මිරිස් ස්වල්පයක්

සාදන ක්‍රමය

වතුර ටිකක් ලිප තබා උතුරන විට ලුනු ස්වල්පයක් දමන්න.


එයට කපාගත් කැරට්, අල, බෝංචි, හතු, ගෝවා දමා වතුර හොදින් නටනවිට එළවළු කැබලි ටික පෙරා වතුර වෙනමත් එළවළු වෙනමත් තබා ගන්න.


වෙනත් භාජනයක් ගෙන ලිප තබා රත්වන විට තෙල් ස්වල්පයක් දමා තලාගත් ඉගුරැ, සුදුලූනු දමා තෙම්පරාදු කරන්න.
කලින් පෙරාගත් වතුර වලින් ප්‍රමාණයක් මෙයට එකතු කරන්න. ඉන්පසු ඔයිස්ටර් සෝස්, සෝයා සෝස් දමා එය කැටි නොගැසෙන පරිදි හොදින් දියවනතුරු හැදි ගාන්න.


කෝන් පිටි මේස හැදි දෙකත් ඇල් වතුර ස්වල්පයක් දියකර එයද ලිප ඇති භාජනයට ටික ටික එකතු කරමින් හැදි ගාන්න.
එවිට උකු මිශ්‍රණයක් ලැබේවි, දැන් මෙම මිශ්‍රණයට තමිබා නොගත් බෙල් පෙපර් ටික දමා විනාඩියක් පමණ තැම්බෙන්නට හැර මුලින් තමිබාගත් සියල්ලම එයට එකතු කරන්න.


ලුනු රස මදිනම් ලුනු ඉස ගන්න. ගම්මිරිස් ස්වල්පයක් ඉස ගන්න මිශ්‍රණය පදමට එනවිට ලිපෙන් බාගන්න.


No comments:

Post a Comment