කොස් මැල්ලුම හදා ගන්නෙ කොහොමද ?? - SLViki

Latest

Friday, February 3, 2017

කොස් මැල්ලුම හදා ගන්නෙ කොහොමද ??

කොස් මැල්ලුම හදා ගන්නෙ කොහොමද ?? 

 Image may contain: food

අවශ්‍ය ද්‍රව්‍ය
  • කොස් 500g
  • අමුමිරිස් කරල් 2-3ක් 
  • ගාගත් පොල් 150g 
  • ළුණු ගෙඩි 4ක් 5ක්
  • ගම්මිරිස් ඇට 05ක් පමණ 
  • සුදු ළුණුබික් 2ක් 3ක් 
  • අබ තේ හැඳි 02ක් 
  • කහ තේ හැඳි 1/2
  • දියලුණු තේ හැඳි 01ක්
  • කරපිංචා ඉත්තක් හා කුරුඳු පොතු කැබැල්ලක්
සකස් කරන ආකාරය

කොස් මදුලු සිහින්ව ලිය භාජනයකට දමා එයට ළුණු කරපිංචා එකතු කර තම්බාගන්න.
ඉන්පසු පොල් කහ කුරුඳු පොතු ගම්මිරිස් අබ එකට දමා අඹරා ගන්න.
කොස්තැම්බී හොඳින් දිය සිඳුනු පසුව එයට අඹරාගත් පොල් මිශ්‍රණය මිශ්‍රකර මද ගින්නේ තබා පිස ගන්න...


No comments:

Post a Comment