සති තුනෙන් සිරුර සිහින් කරගන්න ඔබත් කැමතිද ? - SLViki

Latest

Friday, October 14, 2016

සති තුනෙන් සිරුර සිහින් කරගන්න ඔබත් කැමතිද ?

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට් ඇති ප්‍රධාන පෙලේ ගැටළුවක් වන්නේ තරබාරු බවය.මෙය කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද එකසේ බලපාන ගැටළුවකි.නමුදු මනා හැඩයක් සහිත සිහින් සිරුරකට සහජ කැමැත්තක් ඇති කාන්තාවන් මෙම තරබාරු ගැටළුව පිළිබද දක්වන්නේ දැඩිකනස්සල්ලකි.


කාන්තා පුවත්පත් ,රූපවාහිනී කාන්තා වැඩසටහන් ආදියේ නිතර දක්නට ඇති සිරුර සිහින් කරගැනීමේ ක්‍රම මොවුන් අත්හදා බලති.විවිධ වෛද්‍යවරුන් හමුවන්නටද යති .ව්‍යායාම කල හැකි ස්ථානවලට ගොස් ඒවායේ උපදෙස් පිළිපදිති .නමුත් ,බොහෝ දෙනෙකුට තමන් රිසි හැඩයෙන් යුක්ත සිහින් සිරුරක් හිමිවන්නේ නැත .
මෙයට බොහෝ විට හේතු වන්නේ සිහින් සිරුරකට මඟ කියන මූලික කරුණු බොහෝ දෙනෙකු විසින් අමතක කිරීම හෝ නොසලකා හැරීමය .ප්‍රායෝගිකව ,පහසුවෙන් ක්‍රියාත්මක කල හැකි එවැනි කරුණු කිහිපයක් පිලිබදව අද අප කතාකරන්න හිතුවේ එබැවිනි .බොහෝ දෙනෙක් විවිධ ඖශධ වර්ග මඟින් සිරුර සිහින් කරගැනීමට උත්සහ දරති .එය සෞඛ්‍ය සම්පන්න නොවන බැව් මුලින්ම පැවතිය යුතුය. එබැවින් ස්වභාවික ක්‍රම අනුගමනය කිරීම සෞඛ්‍ය සම්පන්න වනවා සේම අනාගතයේ වැළඳිය හැකි රෝගවලින් ද වැළකෙන්නට හේතුවක් වෙයි .
මේ පවසන්නට සූදානම් වන්නේ ඔබට පහසුවෙන් අනුගමනය කළ හැකි පියවර කිහිපයකි .මේවා නිවැරදිව දිනපතා අනුගමනය කිරීමෙන් ඔබටම මෙහි ප්‍රතිඵල අත්විඳිය හැකිය .මෙම ක්‍රියා පිළිවෙත හරිහැටි අනුගමනය කිරීමෙන් සති තුනක් තුල මූලික ප්‍රතිපලය අත්විඳිය හැකියි .

දිනකට කුඩා ආහාර වේල් පහක්
උදෑසන ආහාරය සමඟ දිනකට ඔබ ගන්නා ආහාර වේල් සංඛ්‍යාව පහකට සීමා කරගන්න .ඒවා ප්‍රමාණයෙන් කුඩා විය යුතුය .බොහෝ දෙනෙකු උදෑසන ආහාරය පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වන්නේ නැත .නමුත් උදෑසන ආහාර නොගැනීම හේතුවෙන් දිවා කාලය වන විට දැඩි කුසගින්නක් ඇතිවීම ස්වභාවිකය .මන්ද පසුගිය රාත්‍රියේ සිටම හරිහැටි ආහාරයක් කුසට නොලැබුණු නිසාය .දිනය ආරම්භ කරන්නට නම් හොඳ ආහාරයක් අවශ්‍යය .
උදෑසන ආහාරය නොගැනීම නිසා දිවා කාලය වන විට ඇතිවන අධික කුසගින්න සමනය කිරීමට බොහෝ දෙනා පමණ ඉක්මවා ආහාර ගන්නා බව පෙනන්නට තිබේ .මෙසේ පමණ ඉක්මවා ආහාර ගැනීම තරබාරුවට මූලික පියවර තැබීමකි .එබැවින් එසේ නොකර දිනකට කුඩා ආහාර වේල් පහක් ලගා ගත යුතුය .එය සිරුරේ පරිවෘත්තිය ක්‍රියා නිසි අයුරින් සිදුවීමට හේතුවක් සේම සිරුර සිහින් කරගැනීමට මුල් පියවර තැබීමක්ද වෙයි .

වැඩියෙන් ජලය පානය කරන්න
බොහෝ දෙනෙකු පිපාසය ඇති අවස්ථාවකදී ද එය කුසගින්න යැයි වරදවා වටහාගෙන ආහාර ගැනීමට පෙළඹෙන බැව් පෙනෙන්නට තිබේ .ජලය වැඩි වැඩියෙන් පානය කරන විට සිරුර අනවශ්‍ය දෑ බැහැර කිරීමටද වැඩි වැඩියෙන් අවස්ථාව හිමිවේ .මෙය ද සිරුර සිහින් වීමට අවශ්‍ය දෙයකි .දිනකට අඩුම තරමේ ජලය බෝතල් 8ක් වත් පානය කල යුතු යැයි පැවසේ .ඔබ වැඩි වැඩියෙන් වෙහෙස වන අවස්ථාවක වැඩි වැඩියෙන් ජලය පානය කල යුතුය .එවිට දහදිය දැමීමද යහමින් සිදුවේ .

පලතුරු වැඩි වශයෙන් ආහාරයට එකතු කරගන්න
පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගන්න .එමෙන්ම ඔබ නිවසින් බැහැර යනවිට බෑගයේ කුමන හෝ පළතුරක් දමාගෙන යාමට මතක තබාගන්න .ඔබට යම් අවස්ථාවක කුසගින්නක් දැනුනහොත් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලබාගැනීමට අවස්ථාවක් නොමැති නම් කල යුතු හොඳම දෙය මෙම පලතුරු ආහාරයට ගැනීමය .එය සිරුර තරබාරුවට හේතුවක් නොවන අතර සෑහෙන වෙලාවක් ගතවන තුරු කුසගින්නද නිවා දමනු ඇත .යම් ලෙසකින් ඔබ ඒ වෙනුවට වෙනත් ආහාරයක් ලබාගත්තේ නම් එය නිසැකවම සිරුර තරබාරුවට හේතුවන බර ආහාරයක් වන්නට ඉඩ තිබේ .

සෙමින් ආහාර ගන්න
හදිසි කාර්යයට යාමට ඇත්තා සේ ආහාර අනුභව කිරීමේ පුරුද්දෙන් ඈත් වන්න.එමෙන්ම ,තව පොඩ්ඩක් කෑවා නම් හරි යැයි සිතෙන විට ආහාර ගැනීම නවත්වන්න .කුස සම්පූර්ණයෙන් පිරි ඇති බව මොලයට තේරුම් ගැනීමට අඩුම වශයෙන් මිනිත්තු විස්සක්වත් ගතවේ .එබැවින් කුස හොඳින්ම පිරුණු බව ඔබට දැනෙන විට තවත් මිනිත්තු විස්සකට පසුව මොලය එය තේරුම් ගන්නේ පමණට වඩා ආහාර ලබාගෙන ඇති අවස්ථාවක් ලෙසය.
ආහාර ගන්නා ප්‍රමාණය පිලිබදව සැලකිලිමත් වන්න
අධික ලෙස ආහාර ගැනීම සිරුරේ බර වැඩිවීමට නිසැක ලෙසම හේතුවේ .එය ඔබ දන්නා දෙයකි .ඔබ ගන්නා ආහාර ප්‍රමාණය පිලිබදව සැළකිල්ලක් නොදක්වන්නේ නම් සිදුවන්නේ සිරුර සිහින් වනු වෙනුවට එය තවත් තරබාරු තත්වයට පත්වීමයි .ස්වාභාවිකවම සිහින් සිරුරක් ඇති අයගේ ආහාර ගැනීමේ රටාව පිලිබදව මදක් විමසිලිමත් වන්න .ඔවුන් බොහෝ දෙනෙකු ආහාර ලබාගන්නේ කුඩා ප්‍රමාණයන්ගෙන් බැව් ඔබට පෙනෙනු ඇත .

අධික ලෙස කැලරි සිරුරට එක්කර ගැනීමෙන් වලකින්න
වර්තමානයේ ශක්තිජනක පාන වර්ග ගැනීම් විලාසිතාවක් බවට පත්ව ඇතිබව පෙනේ .මේවායේ අධික කැලරි අඩංගුවේ .එමෙන්ම සෝඩා හෝ වෙනත් පැණි බීම වර්ගවලද අධික ලෙස කැලරි ප්‍රමාණයක් අඩංගුය .අධිල ලෙස කැලරි අඩංගු පාන වර්ග ලබා ගත්තද ඒවා දහනය කිරීමට තරම් ව්‍යායාමයක් සිරුරට ලැබෙන්නේ නැත .එය සිරුර තරබාරුවට හේතුවකි .
එබැවින් එවැනි පාන වර්ග අතහැර අඩු කැලරි හෝ කැලරි කිසිවක් අඩංගු නැති පාන වර්ග පමණක් පානයට හුරුවන්න .එයද සිරුරේ සිහින් බව ඇතිකර ගැනීමට මනා පිටිවහලක් වනු ඇත .ඔබ මෙම සියලු පියවරයන් නියමාකාරයෙන් අනුගමනය කරන්න .හැකි සෑම අවස්ථාවකම සිරුරට ව්‍යායාම ලබාදෙන්න .එවිට සති තුනකින් ඇරඹෙන සිරුර සිහින් වීමේ ක්‍රියාවලිය තුලින් මනා හැඩයෙන් යුතු සිහින් සිරුරක් හිමිකරගන්නට ඔබට වෙහෙසක් දරන්නට සිදුවන්නේ නැත .




No comments:

Post a Comment