කටට රසට කබ්සා රයිස් සාදාගන්නා ආකාරය... - SLViki

Latest

Friday, February 3, 2017

කටට රසට කබ්සා රයිස් සාදාගන්නා ආකාරය...

කටට රසට කබ්සා රයිස් සාදාගන්නා ආකාරය...

Image may contain: food 

අවශ්‍ය ද්‍රව්‍ය

බාස්මති 2 කප් (ඔයාලාට කැමති ප්‍රමාණයක් හාල් අරගෙන මේ දමා තියෙන එවා වැඩි කර ගන්න )
ඔලිව් ඔයිල් 2 tbs
බටර් 1 tbs
කරාබු නැටි 3-4
බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3
කරදමුංගු ටිකක්
පොඩියට කපා ගත් ලුනු කප් 1
පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5
ටොමැටෝ පේස්ට් 2tbs
පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1
කොත්තමල්ලි කුඩු 2tbs
සුදුරු 1/2tsp
රස අනුව ලුණු
චිකන් ස්ටොක් අවශ්‍ය පමණ (නැතිනම් නෝර් සුප් කියුබ් 3-4 වතුර සමග දිය කර ගන්න )
ප්ලම්ස් හා කජු ටිකක්
ගම්මිරිස් කුඩු ටිකක්
සමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ. 500g

සාදන ක්‍රමය

මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න.
පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න.
පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා )
පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න.
පසු එකට ටොමැටෝ පේස්ට් ටික හා ටොමැටෝ සෝස් ටිකක් දමා කලවම් කර ගන්න.
පසු මේ මිශ්‍රනයට කොත්තමල්ලි කුඩු/සුදුරු කුඩු හා රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
අන්තිමට සොදා ගත් හාල්/කජු ප්ලම්ස්/ගම්මිරිස් කුඩු දමා ගන්න.පසු බත් උයා ගන්න ප්‍රමාණයට චිකන් ස්ටොක් දමා බත් බේරි නොකර උයා ගන්න.

සැ.යු.(මේ බත් එක Saudi Arabian රයිස් එකක්.හරි රසයි වගේම හොඳ සුවදකුත් එනවා.) ඔයාලාට ඕනේ නම් පොඩියට කපා ගත් තක්කාලි ගෙඩි 2කුත් ලුනු බදින කොට මේකට දමා ගන්න පුළුවන්.එ වගේම චිකන් ටික තම්බා ගෙන කේක් ට්‍රේ එකක දමා බේක් කරලා ගන්නත් පුළුවන්..


No comments:

Post a Comment