ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගමු - SLViki

Latest

Monday, February 6, 2017

ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගමු


අයිස් ක්‍රීම් කන්න අපි හැමෝම කැමතියි. විවිධ විදියට රසගන්වපු අයිස් ක්‍රීම් වර්ග වෙළඳ පොළේ තියනවා. එත් අපිට ගෙදරදීම හදන අයිස් ක්‍රීම් රස බලන්න පුළුවන් උනොත් එක අලුත්ම අත්දැකීමක් වේවි. එතින් අපි හිතුව ගෙදරදීම අයිස් ක්‍රීම් හදන ක්‍රමයක් කියල දෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

කිරි ටින් 1
ජෙලටින් තේ හැඳි 01
කිරි පිටි මේස හැඳි 04
සීනි සවල්පයක්
වැනිලා
කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 01
උණු හා ඇල් ජලය

සාදා ගන්නා ක්‍රමය

කිරි ටින් එක කඩා භාජනයකට දමන්න. එයටම ඇල් ජලය එකතු කර හොදින් සොලවන්න. ඉන්පසු ජෙලටින් මේස හැඳි 04ක් පමණ ජලයේ දිය කර කිරි බන්දුනටම එක කරන්න. ඔබගේ රස අනුව සීනි , කස්ටර්ඩ් පවුඩර් හා වැනිලාද එකතු කර හොදින් ගසා ගැනීමට අවශ්‍ය වේ. මෙසේ සාදාගත් මිශ්‍රණය විනාඩි 45ක් පමණ අධි ශීතකරණයේ තැබිය යුතුය. ශීතතකරණයෙන් පිටතට ගෙන නැවතත් හොදින් ගසා නැවත ශීතතකරණයටම දමන්න. මෙසේ තුන් වරක් පමණ කිරීමෙන් පසු බාවිතයට ගන්න.


No comments:

Post a Comment