රසට මයිලෝ එකක් බොමුද ? - SLViki

Latest

Monday, February 6, 2017

රසට මයිලෝ එකක් බොමුද ?


ඔන්න අද හරිම පහසුවෙන් රස්නේ කාල වලට වගේම සාමාන්‍ය දිනවලට රසට මයිලෝ එකක් හදාගන්න විදිය කියලා දෙන්න යන්නේ.පුංචි දුලා පුතාලට ආසාවෙන් රස කර කර බොන්න පුළුවන් විදියක් තමයි මේ. ඉතින් කැමති නම් හදල බලන්නකෝ...

අවශ්‍ය ද්‍රව්‍ය 

ෆ්‍රෙෂ් මිල්ක් 1 කප්

මයිලෝ කුඩු මේස හැඳි 2

පැණිරස නැති කොකෝවා පවුඩර් මේස හැඳි 3

බිටර් චොකලට් 15 g / චොකලට් ගන්නේ නැතිනම් තවත් කොකෝවා පවුඩර් තේ හැඳි 2 වැඩි කරගන්න ..

අයිස් කැට 8 පමණ

රස පරිදි සුගර් සිරප් හෝ උණු වතුර පොඩ්ඩකින් දියකරගත් සීනි රස පරිදි

මී පැණි තේ හැඳි 2 දැම්මේ නැති උනත් කමක් නැහැ රස පරිදි සුගර් සිරප් දාගන්න පුළුවන්

සාදන ක්‍රමය

දැන් ඉතින් මේ ඔක්කොම බ්ලෙන්ඩර් එකට දාල හොඳට විනාඩි කීපයක්ම පෙන එන්න බ්ලෙන්ඩ් කරලා වීදුරුවකට දාල උඩින් තවත් මයිලෝ කුඩු ටිකක් ඉහලම බීලා බලන්නකෝ රස කොහොමද කියල.ඒ වගේම ගොඩාක් රස්නේ කාලයකට නම් තව අයිස් කැට ටිකකුත් එකතු කරලම ගෙදරට එන අමුත්තන්නට , පුංචි දුලා පුතාලට වගේම වැඩිහිටි අපි කාටත් රස කර කර බොන්න පුළුවන්..


No comments:

Post a Comment