පුදුම හාස්කමක් ඇති ජලනන්දන පිරිත නිවැරැදිව ඔබට....... - SLViki

Latest

Monday, February 6, 2017

පුදුම හාස්කමක් ඇති ජලනන්දන පිරිත නිවැරැදිව ඔබට.......


අන විණ - කොඩි විණ මට්‌ටුකරන ජලනන්දන යන්ත්‍රය.
ජලනන්දන පිරිත යෑයි කිව් සැනින් බොහෝ දෙනා ඊට බියවෙති. එයට හේතුව නම් ජලනන්දන පිරිත නියමාකාරයෙන් ශබ්ද කර ගණ පිහිටුවා සඡ්Cධායනා කිරීමෙන් කෙනෙකුගේ අයහපත පිණිස සැකසූ යන්ත්‍ර මන්ත්‍රවල බලය සහ සියලු අනවිණ කොඩිවිණවල බලය බිඳී යාමය. එය සත්‍යයකි. එහෙත් කුමන ආකාරයකින්වත් බුදු ගුණ යන්ත්‍රයක හෝ ආරක්‍ෂාවක සත්‍ය බලය මෙකී පිරිතෙන් බිඳී නොයන බව ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කළ හැක.

පිරිත් පිළිබඳව මනා වැටහීමක්‌ නොමැති කම නිසා බොහෝ අය ජලනන්දන පිරිත අශුභ වැඩකටයුතු සඳහා භාවිතා කරන පිරිතක්‌ ලෙස සැලකීමට පුරුදු වී සිටින අතර එය නිවස තුළ සඡ්ජාධායනය කිරීමද අසුභ යෑයි යන මතයේ සිටිති. එය අනුවණ කමකි. ජලනන්දන පිරිතේ ඇති බලය පැරණි පොත පතෙහි මෙලෙස දැක්‌වේ.

මේකෙන් සියවර පස්‌ තෙල් මතුරා

වෙහෙර පහන් ගොස්‌ දල්වන්නේ

සීනෙන් විස්‌කම් දෙවියෝ ඇවිදින්

සිතූ දෙයකි සකි පවසන්නේ

එම වර බෝමුල පස්‌තෙල් මතුරා

නලල තිලක දී පලයන්නේ

සැමවර නඩුවෙන් ජයගන්නට හැක

මේ බව සිහියට අරගන්නේ

මෙම කවි පෙළේ තේරුම් දෙස බැලීමේදී මෙම පිරිතේ ඇති ගුණය බලවත් බව වටහා ගත හැකි අතර භාවිතා කිරීමෙන් ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලැබිය හැකි බව පැරණි පොතපතේ සඳහන් වේ. මෙම අති ප්‍රබල පිරිත ආශ්‍රයෙන් අපේ මුතුන් මිත්තන් ජලනන්දන යන්ත්‍රය නමින් යන්ත්‍රයක්‌ ප්‍රස්‌තාර ගත කොට එම පිරිතෙන් 108 වරක්‌ පිරිත් කර එදිනෙදා මුහුණපාන්නට සිදුවන කරදර බාධක වලින් මිදීමට භාවිතා කර ඇත.

ජන්මීන්ට බලපාන්නා වූ ජන්ම ඒරාෂ්ටක චන්ද්‍ර ඒරාෂ්ටක සියලු නවග්‍රහ දෝෂ මාරක බාධක මෙම යන්ත්‍රය පැළඳීමෙන් දුරු කරගත හැකිය. නඩු හබවලට ඉදිරිපත් වීමේදී පැළඳිය හොත් යුක්‌තිය දිනයි. පිරිසිදු සඳුන් තෙල් මෙම පිරිතෙන් 108 වරක්‌ පිරිත් කර නලලේ ආලේපයෙන් සර්ව ජන වශීය හා ශ්‍රියාව ඇති වේ.

නිවාස වලට බලපාන්නාවූ යක්‍ෂ, ප්‍රේත භූත වැනි සියලු අමනුෂ්‍ය දෝස හා සතුරන්ගෙන් ඇති වන අන වින බන්ධන දෝෂ සඳහා ගල්, වැලි 108 වරක්‌ මතුරා වැලි ගෙවන්තේ ඉසීමෙන් හා ගල් මුට්‌ටිවල දමා හතරකොණ වළලා ගැනීම බලගතු ආරක්‍ෂාවකි.

ශරීරවලට බලපාන්නා වූ විවිධ අමනුෂ්‍ය දෝෂ, සතුරන්ගෙන් එල්ල වන සතුරු කරදර ලෙඩ රෝග, ඇස්‌වහ කටවහ දෝෂ ආදී සියලු කරදර වලින් මිදීමට දෙහි ගෙඩි 7 ක්‌ මෙම පිරිතෙන් පිරිත් කර කපාගත් කල සියලු දෝෂයන් සමනය වේ.

මෙම යන්ත්‍රය නිසි ලෙස සකස්‌කොට නිවසේ තබා පුද පූජා පැවැත්වීමෙන් හා නිසිලෙස වතාවත් ඉටු කිරීමෙන් සොරසතුරු උවදුරු වැළකේ. සර්පයන්ගෙන් සිදුවන විපත් දුරුවේ. සතුරන් මෙල්ලවේ. ගෙදර දොර සමගිය, දියුණුව, ශ්‍රියාව ඇතිවේ. කර පළඳින අයද දුස්‌චරිතයෙන් වැළකිය යුතුය.

නව නිවාස ඉදි කරන්නන් අත්තිවාරමේ ගල් බැඳීමට පෙර නොපෑගුන ගල්වැලි ගෙන පිරිත්කර හෝ දැහැනෙන් 108 වරක්‌ ජීවම් කර එම කටයුතු සිදු කිරීමෙන් සියලු බාධක මැඩ පවත්වා නිවසේ වැඩ කටයුතු කඩිනමින් සිදු වන අතර එම ආරක්‍ෂාව එකී නිවස තිබෙනතුරු පවතී.

මෙම සියලු කටයුතු කරුණු කාරණා හරි හැටි දැන ගෙන හරියාකාරව සිදු කර ගත යුතු අතර පිරිත් කර ගැනීම ජීවම් කර ගැනීම යන්ත්‍ර මන්ත්‍ර කටයුතු පිළිබඳව නිසි දැනුමක්‌ ඇති නිර්මාංශ, පුරා සූදුවෙන් තොර සිල්වත් අයකු ලවාම මෙම කටයුතු සිදු කර ගැනීමට වගබලා නොගැනීම තුළින් නැති කරදරවලට මුහුණ පෑමට සිදු විය හැකිය. එබැවින් ඒ පිළිබඳව නිසි අවධානය යොමු කිරීමට කල්පනාකාරී වන්න.

ජලනන්දන පිරිත

චතු වීසති බුද්ධෝති

යෝ භවිස්‌සති උත්තමං

පාරමී බලපුත්තෙහි

ජලනන්දන මුත්තමං

අනෝමානී ජලං තීරේ

උත්තමං පත්තචීවරං

පාරමී තෙ ජලං හෝති

සර්ව බන්Jධන ඡේදනං

ආනන්දෝති මහාථෙරං

උත්තමං ධම්ම භාණ්‌ඩකං

යේන භික්‌ඛු මහාථෙරං

සයනේ බන්ධන විදවංසනං

ඉති ශ්‍රී ලෝක බුදෙධහි

යේන ධම්මානු භාවතෝ

යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා

විනාසං බුද්ධානුභාවතෝ

මුනින්දෝ හෝති නමෝ බුද්ධං

මාර සේනා පමද්ධති

දසකෝටි සහස්‌සානි

සර්වබන්ධන ඡේදනං

පාරමිතා ගුණා හොන්තී

සො භවිස්‌සති උත්තමං

අනෙකජාති සංසාරං

සහස්‌සං ධම්මානුභාවතෝ

සයානෝවා සහස්‌සානි

උත්තමං ගුණ පුග්ගලං

අසීතිං යේන සබෙබ පී

සබ්බසිද්ධි භවත්තු මේ

නිධන්ගත තඹ පත් ඉරුවකින් උපුටා ගන්නා ලද ජලනන්දන දැහැන

1. නමාමි ජින සත්ථාරං - අට්‌ඨ වීසති නායකං

තිරස පාරමී පූරෙන්තං - බෝධි මූලේ නිසීදනං

2. පංචමාර විධංසෙත්වා - බෝධි මූලේ නිසීදනං

සච්චභාව සකාසෙන්තෝ - ජලනන්දන නාමකං

3. දේව දේවාති සම්බුද්ධං - ආනුභාව මහප්ඵලං

අනන්ත ජින නාමේන - සබ්බ බන්ධන ඡේදනං

4. ගෝතමෝ සක්‍ය පුත්තේසි - ජල නන්දන සෝභනං

දේසිතං ධම්මානුභාවේන - සබ්බ බන්ධන ඡේදනං

5. සාරිපුත්තෝච ආනන්ද - මොග්ගල්ලෝනෝච සීවලී

සාවකත්තං මුනිං පත්වා - අරිය සංඝ මලං යසං

6. තස්‌සාභාවං සබ්බන්ථ - ජල නන්දන ඡේදනං

සබ්බ වින විනස්‌සත්තු - සිද්ධි භාග්‍ය කරං හිතං

7. සබ්බු පද්දව රෝගානී - යක්‌ඛ භූත භායානපි

විනස්‌සෙන්තු විසේසේන - සදා සිද්ධි භවන්තු මේ

(අනුන්ට කියන කල අග පදයේ "මේ" යන්න "තේ" කියා යොදන්න)..

තෙරුවන් සරණයි....



No comments:

Post a Comment