සවු - මේ දවස් වල හැදෙන කටේ තුවාල වලට නියම බෙහෙත - SLViki

Latest

Monday, February 6, 2017

සවු - මේ දවස් වල හැදෙන කටේ තුවාල වලට නියම බෙහෙත


පායන කාලෙට ලොකු පොඩි අපි කාටත් විඳින්න වෙන වේදනාකාරී අත්දැකීමක් තමයි කටේ තුවාල කියන්නේ. ඉස්සර අපේ අම්මල අපට නිතරම සවු වලින් විවිධ ආහාර හදල දෙනවා. කාපු ගමන් කටේ තුවාල කොහේ ගියාද දන්නේ නැහැ. සවු කියන්නේ අපේ අසල්වැසි ඉන්දියාවේත් ආහාරයට නැතිවම බැරි දෙයක්. ශරීරය සිසිල් කරනවට අමතරව සවු කියන්නේ කබෝහයිඩ්රේඩ් බහුල ආහාරයක්. කැල්සියම්, පොටෑසියම්, සෝඩියම්, කොපර් වැනි ඛනිජ ද්‍රව්‍ය ස්වල්ප වශයෙන් මෙජි තිබෙනවා. සවු පාම් ගහේ කඳෙන් තමයි සවු හදන්නේ..

සවු වලින් හදන ලේසි කෑම දෙකක් මම කියල දෙන්නම්.

1.) සවු කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය :

වතුර කෝප්ප 2 යි
සවු කෝප්ප භාගයයි
පොල් කිරි කෝප්පයයි
හකුරු ග්‍රෑම් 50 යි
වියලි මිදී ග්‍රෑම් 50යි
කජු පියලි කීපයක් ( අවශ්‍යනම්)

සාදන ක්‍රමය

වතුර කෝප්ප දෙක බඳුනක දමා නටන තුරු රත් කරන්න. නටන වතුරට සවු එකතු කර සවු ඇට විනිවිද පෙනෙන තුරු උණු කරන්න. ඉන්පසු පොල් කිරි දමා කැට නොගැහෙන පරිදි හොඳින් හැඳි ගාන්න. කිරි නටන විට ගාන ලද හකුරු , වියලි මිදී සහ කජු පියලි එකතු කරන්න.

බඳුනක දමා උණුවෙන්ම පිළිගන්වන්න.

2) සවු පුඩිම්

අවශ්‍ය ද්‍රව්‍ය :

කිරි කෝප්ප 4 යි
සවු කෝප්ප 1 යි
ලුණු තේ හැඳි 2/1
කුරුඳු කුඩු තේ හැඳි 2/1
සීනි කෝප්ප 1 යි
බටර් තේ හැඳි 5 යි
වැනිලා තේ හැඳි 1 යි
බිත්තර 4යි
ජෑම් තේ හැඳි 5 යි

සාදන ක්‍රමය

පුඩිම් හදන තැටියක් ගෙන හොඳින් බටර් තවරන්න.
කිරි බඳුනකට දමා හොඳින් රත් කරන්න. එයට සවු, ලුණු සහ කුරුඳු කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
සවු විනිවිද පෙනෙන තුරු මද ගින්නේ රත් කරන්න.
සීනි කෝප්ප භාගයක් සමග බටර් සහ වැනිලා එයටම එකතු කර හොඳින් හැඳි ගාන්න. මෙම මිශ්‍රණය ලිපෙන් බා ගන්න.
බිත්තර කහ මද හොඳින් ගසා කිරි මිශ්‍රණයට එකතු කරන්න.
එය කලින් බටර් තැවරූ පුඩිම් තැටියට වක් කරන්න.

ජෑම් මෙම මිශ්‍රණය මතට දමන්න.

බිත්තර සුදු මදය තද වෙන තුරු හොඳින් ගසා ඉතුරු සීනි කෝප්ප භාගය එකතු කර නැවත ගසන්න. මෙම ද්‍රාවනය පුඩිම් තැටිය තුල ඇති මිශ්‍රණය මත අතුරා ගන්න.

සෙල්සියස් අංශක 160 ට පෙර උණුසුම් කරනලද ( preheated) අවන් එක තුලට දමා විනාඩි 40ක් පමණ බේක් කර ගන්න.

උණුසුම්ව හෝ සීතව පිළිගැන්විය හැකි රසවත් අතුරු පසකි.


No comments:

Post a Comment