ආතරයිටිස් සදහා අගනා පානයන් 05 ක් මෙන්න ඔබට - SLViki

Latest

Tuesday, February 7, 2017

ආතරයිටිස් සදහා අගනා පානයන් 05 ක් මෙන්න ඔබට


ආතරයිටිස් කියන්නේ මිනිස් ශරීරයේ එක් සන්දියක් හෝ කිහිපයක ඇති වන ඉදුමුම් ස්වාභාවයට. මේ රෝගය වයස් භේදයකින් තොරව ගැහැනු , පිරිමි සෑම කෙනෙක්ටම ඇති වන එකක්. රෝග ලක්ෂණ වන්නේ සන්ධි වේදනාව හා සන්ධි ක්‍රියාකාරිත්වය දුර්වලවීම වගේ දේවල්. මෙහිදී සන්ධි අවට කුෂන් එකක් මෙන් ක්‍රියාකරන කාටිලේජ වලට හානි සිදු වෙන නිසා තමයි සන්ධි වල වේදනාව හට ගන්නේ. 

මුත් මේ වේදනාවට සුව දෙන විශ්මිත පානයක් 5ක් ගැන කියලා දෙන්නම්. ඔබ ලබා ගන්නා ආහාර අතර ඇතැම් එළවළු හා පළතුරු මෙම ආතරයිටිස් රෝග තත්වය නිවාරනයට උපකාරී වෙනවා . ඔබ ආතරයිටිස් රෝගියෙක් නම් පහත සදහන් වන බීම වර්ග ඔබේ සන්ධි වේදනාවට හොද හොද ප්‍රතිකාරයක් වේවි.

1) බ්‍රකෝලි නොහොත් ගෝවා මල් හා කැරට් පානය

නැවුම් ගෝවා මල් කෝප්ප භාගයක්
මධ්‍ය ප්‍රමාණයේ කැරට් අල 3ක්
මදය ඉවත් කරන ලද ඇපල් ගෙඩියක්
ලෙමන් ගෙඩි භාගයක්

මේ සීයල්ල හොදින් බ්ලෙන්ඩර් කර ජූස් එකක් මෙන් සාදා ගෙන පානය කිරීම ආතරයිටිස් රෝගය මැඩපවත්වා ගැනීම සදහා උපකාරීවේ.

2) කැරට් , අන්නාසි , සැල්දිරි පානය

මධ්‍ය ප්‍රමාණයේ කැරට් අල 6ක් . අන්නාසි ග්‍රෑම් 30 . සැල්දිරි එකට මිශ්‍ර කොට ජූස් එකක් මෙන් සාදා එයට දෙහි යුෂ එක්කොට පානය කිරීම ද ඉතා හොදය

3) බ්ලු බෙරි ගස්ලබු පානය

නැවුම් බ්ලු බෙරි කප් දෙකක් සමග හොදින් ඉදුණු ගස්ලබු යොදා ජුස් එකක් මෙන් සාදා පානය කිරීම ආතරයිටිස් රෝගයට තවත් පිළියමකි

4) චෙරි දෙළුම් පානය

නැවුම් චෙරි සමග හොදින් පැසුණු දෙළුම් යොදා දෙහි යුෂ මිශ්‍ර ‍කොට ජුස් සාදා පානය කිරිම

5) අමු අර්තාපල් පානය

අමු අර්තාපල් ගෙන එය සිහින් පෙති ආකාරයෙන් කපා වතුර විදුරුවක බහා තබන්න. උදැසන අවදි වී හිස්බඩ එම වතුර පානය කිරීම මෙම රෝග තත්වය මැඩපවත්වා ගැනීමට සුදුසුයි

පානයන් සේ සකස් කර ශරීරයට එක් කර ගැනීමට අමතරව ආතරයිටීස් රෝගයෙන් මිදීම සදහා පහත සදහන් එළවළු හා පළතුරු වෙන් වෙන් වශයෙන්ද ආහාරයට ගැනීම වඩා සුදුසුය.

කොළ ගෝවා, මල් ගෝවා, රතු අල, සුදු ලුණු , කිරල, වියළි මිදි, ගස්ලබු , කැරට් , ඇපල්, පෙයාස්, චෙරි, දෙළුම්

ඉහත ආහාර වර්ග ආතරයිටිස් රෝගය මගින් ඇති කරන වේදනාව මැඩපවත්වා ගැනීමට ඔබට බෙහෙවින් උපකාරී වේවි. 


No comments:

Post a Comment