පොළොස් චට්නි හදමු.. - SLViki

Latest

Tuesday, February 7, 2017

පොළොස් චට්නි හදමු..



රසට පොලොස් චට්නි හදා ගන්න මෙන්න ක්‍රමය.හරිම රසයි.ඒ වගේම ගුණයි.

අවශ්‍ය ද්‍රව්‍ය
තරමක පොළොස් ගෙඩියක්
විනාකිරි අඩුකෝප්ප ¼
කුඩා අමු ඉගුරු කැබැල්ලක්
සුදුලූනු බික් 5ක්
අබ ටිකක්
කරාබු නැටි 2-3ක්
කරදමුංගු ඇට 02ක්
කුරුදු පොතු කැබැල්ලක්
කෑලි මිරිස් මේස හැඳි 1
රතුලූනු 50 g
සීනි 250 g
ලුණු රසට අනූව

සාදන ආකාරය

පොළොස් ගෙඩිය සෝදා දෙකට හෝ හතරට පලා හොදින් මෘදු වන තුරු තම්බා ගන්න. දැන් දිය බේරා හැර වහල්ල,කටුව ඉවත් කර සිහින් කැබලි වලට කපා ගන්න. රතුලූනු ටික සිහින්ව ලියා ගන්න. ඉගුරු, සුදුලූනු, අබ,විනාකිරෙන් අඹරා ගන්න.දැන් මැටි භාජනයක් ගෙන එයට සීනි, විනාකිරි,ලුනු,සුදු ලුනු ,විනාකිරෙන් අඹරාගත් අබ,ඉගුරු දමා ලිප තබන්න.රසට අනූව ලුණු ද එකතු කරන්න.දැන් සිහින්ව කපා ගත් පොළොස්ද දමා මද ගින්නේ පිස ගන්න.ඉස්ම හිදී පදම ආ විට ලිපෙන් බා ගන්න.නිවෙන්නට හැර වියළි බෝතල් වල අසුරා ගන්න.කල් තබා ගෙන භාවිතයට ගත හැකිය.


No comments:

Post a Comment