හරිම ගුණයි කුරක්කන් කිරි රොටී - SLViki

Latest

Friday, February 10, 2017

හරිම ගුණයි කුරක්කන් කිරි රොටී


අපි හැමදේම ගෙදර හදන් කෑවත් වැඩක් නැහැ යාලුවනේ අපි කන්නේ කඩේ තියෙන හැමදේම ගෙදර හදාගෙන නම්.මම දන්නා විදියට නම් වෙන්න තියෙන එකම දේ කඩේ තියෙන ඒවා ගෙනත් කාල මාසෙකින් ලෙඩ වෙනවා නම් කඩේ තියෙන ඔක්කොම ගෙදර හදන් කෑවම වෙන්නේ ඕනේ නම් තව මාස තුනක් විතර සතුටින් ලෙඩ නොවී ඉන්න පුළුවන් වෙයි කියලයි මට හිතෙන්නේ.ඉතින් ඒ නිසා නිතරම දවසි දවස සතියෙන් සතිය අපි අපේ ශරීරයට එකතු කරගන්න පෝෂණ ගුණය සමබල කරගන්නවා නම් ගොඩාක් හොඳයි කියල මම හිතන්නේ හදනකොට කනකොට රසයි නියමයි කියල හිතුනත් ටික කාලයක් ගිහින් දියවැඩියාව කොලොස්ටෝරෝල් හදවත් රෝග ඇඟට ආවොත් ඉතින් එතනින් එහාට ජ්වත් වෙන්න වෙන්නේ අපි හැමෝටම පසුතැවීමෙන් නිසයි .ඉතින් කැමති නම් මේ රෙසිපි එකත් කියවලම බලන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය

කුරක්කන් පිටි 1 1/2 කප්

බිත්තර 1 / බිත්තර 2 ගන්නවා නම් රස වැඩියි හොඳේ

පොල් කිරි 1 1/2 කප් - කප් / මම නම් ගොඩාක් උකුවට නෙමෙයි පාවිච්චි කරන්නේ,හැබැයි ගොඩාක් දියටත් නෙමේ,ඒ වගේම අවශ්‍ය උනොත් තව පොල් කිරි වැඩි කරගන්න

කෑලි මිරිස් කුඩු ටිකක්

ගා ගත් පොල් හෝ දෙසිකෙටට් පොල් මේස හැඳි 2

හීනියට චොප් කරගත් ළුණු ගෙඩි 1/2 කට පොඩ්ඩක් අඩුවෙන්

හීනියට ලියාගත් අමු මිරිස් කරල්4 පමණ

කරපිංචා ටිකක් / මම ගත්තේ වියලි ඒවා නිසා කපල ගත්තේ නැහැ .ඒත් ෆ්‍රෙෂ් ඒවා ගන්නකොට පොඩ්ඩක් කපල ගන්න

ලුනු තේ හැඳි 1 1/2

ඔලිව් තෙල් අවශ්‍ය පරිදි / මම ගන්නේ ඔලිව් තෙල් උනත් එළවලු තෙල් උනත් කමක් නැහැ .

සාදන ක්‍රමය

මුලින්ම පොල් කිරි පවුඩර් වලින් පොල් කිරි හදනවා නම් උණු වතුරෙන් දියකරගෙන නිවෙන්න තියන්න .. ඊටපස්සේ කුරක්කන් පිටි වලට බිත්තර 1 , ලුනු ටිකක් දාල හොඳට whisk එකකින් හෝ හැන්දකින් කවලම් කරන්න ..ඊටපස්සේ හදාගත්තු පොල් කිරි 1 1/2 කප් වගේ මුලින් එකතු කරලා කවලම් කරන්න.

දැන් ඒකටකෑලි මිරිස් ටිකකුත් එකතු කරලා කවලම් කරන්න .. කුරක්කන් වලට කෑලි මිරිස් ටිකක් එකතු උනාම රස වැඩියි. ඊටපස්සේ තෙල් ටිකක් සාස්‌ පාන් එකකට දාල මුලින් චොප් කරගත් ළුණු සමග ලියාගත් අමු මිරිස් ,කරපිංචා තෙම්පරාදු කරමින් ඒවා තෙම්පරාදු වෙලා වගේ කියල හිතෙනකොට දෙසිකෙටට් පොල් හෝ ගා ගත් පොල් ද එකතු කරලා සුවඳ එන්න තෙම්පරාදු කරලා ලුනු චුට්ටකුත් ඉහලම අර කුරක්කන් මිශ්‍රණයට එකතු කරලා විනාඩි 15 පමණ වහල තියන්න ..

ඊටපස්සේ රත් වූ තැටියකට තොසේ වලට වගේ තෙල් ටිකක් ගාමින්ම හදාගත් මිශ්‍රණය ලොකු හැන්දකින් කවලම් කරමින් එක හැන්දක් වක්‍ කරලා තැටිය කරකවමින් තුනී කර එක පැත්තක් හොඳින් පිච්චෙන්න තියලා උඩත් හොඳට අමු ගතිය යන්න ඇරලම අනිත් පැත්ත හරවන්න .. නැත්නම් කුරක්කන් පිටි වලින් හදන නිසා කැඩෙන්න බලනවා .. ඒ නිසා උඩත් හොඳට පිච්චෙන්න ගින්දර ටිකක් අඩුවෙන් තියාගෙනම පුච්චන්න .. ඊටපස්සේ ඉතින් කැමති ඕනෙම කරියක් හදල ඒවා එක්කම මේසෙට යවන්නත් පුළුවන් ..

නැත්නම් තෙම්පරාදු නොකර ගා ගත් පොල් හෝ දෙසිකෙටට් විතරක් ඒවත් තෙම්පරාදු නොකරම අර කුරක්කන් මිශ්‍රණයට එකතු කරලා කවලම් කරලා රත් වූ තාච්චියේ පෙර කිවූ විදියටම තුනී කර පුලුස්වා ගෙන ජෑම් , පිනට් බටර් වගේ දෙයක් ගාල කන්නත් පුළුවන්. ඉතින් රස ගුණ පිරුණු මගේ ගෙදර මම මගේ ක්‍රමයට හදන මෙන්න මේ කුරක්කන් කිරි රොටි ඔයාලත් හදල බලන්නකෝ ඔයාලගේ ගෙදර අයත් මෙහෙම කන්න කැමතිද කියල .. ඒ වගේම කුරක්කන් වලින් කිරි රොටි හදනකොට ගොඩාක්ම හොඳට ගැලපෙන්නේ ළුණු ,අමු මිරිස් ,කරපිංචා එකතු කිරීමය. 


No comments:

Post a Comment