මෙන්න ඉක්මනින් සුදු වෙන්න කැමැති අයට ප්‍රතිකාර වට්ටෝරු - SLViki

Latest

Thursday, February 9, 2017

මෙන්න ඉක්මනින් සුදු වෙන්න කැමැති අයට ප්‍රතිකාර වට්ටෝරු


සමේ වර්ණය සහ පැහැපත් බව

  • සමේ වර්ණය ජාතියදේශගුණික සාධක,පෝෂණය සහ පාරිසරික සාධක මත තීරණය වෙනවා. විවිධ ජාතීන්ගේ සමේ වර්ණය ඔවුනොවුන්ට ආවේණිකයි. ආසියාතිකයන්ගේ සම සමස්තයක් වශයෙන් දුඹුරු වර්ණයෙන් යුක්ත වෙනවා. අප්‍රිකානුවන්ගේ සම තද කළු පැහැති වන අතරම චීන සහ මොන්ගෝලියානුවන්ගේ සම කහ පැහැයට හුරුයි. ඒ අතර අනෙකුත් බටහිර ජාතීන්ගේ සම සුදු පැහැති වෙනවා.
  • උණුසුම් දේශගුණය සහිත ප්‍රදේශවල ජීවත්වන අයගේ සම තද පැහැයෙන් යුක්තයි. හිරු රශ්මිය නොවැටෙන රටවල ජීවත්වන අයගේද සම සුදු පැහැතිය. පරිසර දූෂණයඅපිරිසුදු බව වැනි සාධකද සමේ වර්ණය වෙනස් වීම කෙරෙහි අහිතකර ලෙස බලපානවා.
පෝෂණ මට්ටම සහ සමේ වර්ණය

  • යමෙකුගේ කාන්තිමත් සම කෙරෙහි පෝෂණයේ බලපෑම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. යමෙක් සියලු පෝෂණ පදාර්ථවලින් සමන්විත අංග සම්පූර්ණ ආහාර පරිභෝජනය කරන විට ඔහුගේ හෝ ඇයගේ සම කාන්තිමත් නොවපැහැපත් වෙනවා. ඒවගේමයි පෝෂණය අසතුටුදායක වන විට සමේ පැහැපත් බවද අඩුවෙනවා. විශේෂයෙන්ම විටමින් අතුරින් A, E,C සහ K කාණ්ඩයේ විටමින් සමේ නිරෝගී බවටත් පැහැපත් බවටත් අවශ්‍ය වෙනවා.
සමේ වර්ණය සහ පැහැපත් බව

  • සමේ වර්ණය කුමක් වුවද සම පැහැපත් නොමැති නම් එවැනි සමක් ඇති අයකු කිසිවකුගේ ආකර්ෂණයට ලක් නොවේ. සම කෙතරම් කළු පැහැති වුවද එය පැහැපත් නම් ඔහුගේ හෝ ඇයගේ සුන්දරත්වයට ආභරණයක් වැනිය.
  • මේ නිසා ලස්සන වීමට උත්සාහ කරන අය සිතේ තබා ගතයුතු කාරණය වන්නේසුදු වීමට උත්සාහ කරනවාට වඩා පැහැපත් වීමට උත්සාහ දැරීමයි.
  • ඔබේ ශරීර වර්ණය මඳක් කළු පැහැයට හුරුනම් ඔබ කෙතරම් කනස්සල්ලට පත්වනවා දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ වගේම සමහර තරුණ තරුණියන්ගේ සම සුදු පැහැයට පිහිටා තිබුණේ එය මලානිකනම් එයද නොසතුටට හේතුවක් විය හැකිය.
  • මේ නිසා සමේ වර්ණය කුමක්වුවද සම ඉතාමත්ම දීප්තිමත්ව තබා ගැනීමට ඔබට පුළුවන්.
  • දීප්තිමත්පැහැපත් සමක් කාගේත් අවධානයට ලක්වේ. මෘදු මොළොක් දීප්තිමත් සමක් හිමිකරගැනීම සඳහා වටිනා උපදෙස් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සඳහන් වේ.
කෙටි කලකින් පැහැපත් සමක්

සමේ නිරෝගී බවත් පැහැපත් බවත් ඇතිකර ගැනීම සඳහා පහත සඳහන් උපදෙස් පිළිපදින්න.
  • සමේ තෙතමනය ආරක්ෂා කර ගන්න. දිනපතා වතුර වීදුරු කිහියක් පානය කරන්න. සම වියළීමට ඉඩදීමෙන් ඉක්මනින් සම දුර්වර්ණ වී සමේ රැලි ඇතිවෙනවා. වියළි සමක් ඇති අයට සමේ වියළි බව නැතිකර ගැනීම සඳහා කෝමාරිකා අඩංගු මොය්ස්චාරයිසර් එකක් ආලේප කළ හැකිය. දිනපතා සුදුසු ඖෂධීය තෙල් වර්ගයක් ආලේප කිරීමෙන්ද සම වියළීම වළකිනවා.
  • සම අධික හිරුඑළියට නිරාවරණය වීම වළක්වාගන්න. අධික සූර්යාලෝකය නිසා සම වියළීමට ලක්වෙනවා. සමේ පටක ක්‍රමයෙන් විනාශ වීමට ගන්නවා. ඒ වගේම ඉක්මනින් සම දුර්වර්ණ වී සම රැලි වැටීමට ලක්වෙනවා. නිවෙසෙන් පිටතට යන එන අවස්ථාවලදී ශරීරය ආවරණය කරගැනීම මෙන්ම සුදුසු sun cream වර්ගයක් ආලේප කිරීමද වැදගත්.
  • දෛනික පෝෂණය නිසි පරිදිය පවත්වාගන්න. සමේ පැහැපත් බව ඇතිකිරීමට හේතුවන කොළ එළවළු වර්ගකහ පැහැති පලතුරු වර්ගකැරට් යනාදිය දිනපතා ආහාරයට ගැනීමෙන් සම පැහැපත් වෙනවා. සම නිරෝගී වෙනවා.
  • දිනපතා කිසියම් ව්‍යායාමයක නියැළීමට උත්සාහ කරන්න. එවිට වැඩිපුර දහදිය දැමීමෙන් සමේ රෝම කූප විවෘත වී අනවශ්‍ය විස ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර වේ. එවිට සම නිරෝගී වේ. පැහැපත් වේ.
ඉක්මනින් පැහැපත් වීමට

  • දිනපතා ගිතෙල් තේ හැඳි එකක් ආහාරයට ගන්න. එළ`ගිතෙල් තනිකරම හෝ ආහාර සමග මිශ්‍ර කර ගත හැකිය. ඉන්දීය ජනතාවට ඔවුන්ගේ දෛනික ආහාර වේලට ගිතෙල් තිබිය යුතුමයි. එසේම පුදුමයකට මෙන් ඔවුන්ගේ සම ඉතාම සුන්දරයි. මෘදු මොළොක්ය.
  • ඔබේ සමේ වියළි බව වැඩිනම් ගිතෙල් මේස හැඳි එකක් පමණ ගතහැකිය. මෙසේ එක දිගට මසක් පමණ ගිතෙල් පරිභෝජනය කිරීමෙන් සමේ පැහැපත් බව ඇතිවේ. මීට අමතරව ගිතෙල් සහ එළිකිරි ආදී ඖෂධ ද්‍රව්‍ය යොදා පිළියෙල කරනු ලබන ඖෂධීය අහාර  වර්ග ද වෙළෙඳපොළේ දක්නට ලැබේ.
  • විශේෂයෙන් ඔබ ඕනෑවට වඩා කෙට්ටු කෙනකු නම් ඉහත සඳහන් ඖෂධීය අහාර  වර්ග ගැනීමෙන් සම පැහැපත් වනවාටත් අමතරව ඔබගේ කෙට්ටු බවද මගඟහැරී යයි.
  • දිනපතා එළකිරිවල යොදය ඇගේ ආලේප කර සම්බාහනය කරන්න. සමේ දුර්වර්ණ ලප කැළැල් එමගින් ඉවත් වේ. සමේ වියළි බව දුරුවේ. සම පැහැපත් වේ.
  • කැරට් අලයක් එළකිරෙන් තම්බා ආහාරයට ගන්න. ඉන් එළකිරෙන් තැමිබූ කැරට් අලය පොඩිකර මේස හැඳි දෙකක් පමණ දිනපතා ආහාරයට ගැනීමෙන් සම පැහැපත් වේ.
  • වතුර රහිතව මිරිකාගන්නා පොල්කිරි අඩු කෝප්ප භාගයකට වියළි කහකුඩු ස්වල්පයක් මිශ්‍රකර ඇග පුරා ආලෝප කර හොඳින් සම්බාහනය කරන්න. එවිට සමේ වියළි බව නැතිවනවා පමණක් නොව සම පැහැපත්ද වේ.
  • රත්හඳුන්වැල්මදට. සුවඳකොට්ටම් යන ඖෂධීය ශාක සමේ කාන්තිමත් බව ඇතිකරනවා.
  • මේ නිසා ඉහත ඖෂධ වර්ග තුනට ලොත් සුඹුළුරුක්මල්නුගඅරළු සහ රතු පරිප්පු සමව ගෙන චූර්ණ කර එම මිශ්‍රණය එළකිරි සමග මිශ්‍රකර ඇ`ග පුරා ආලේප කර මඳ වේලාවක් තිඛෙන්න හරින්න.
  • පසුව ඇග සෝදා නාන්න. මෙසේ සතියකට කිහිපවරක් කිරීමෙන් සම පැහැපත්වේ. මේ අනුව සමේ පැහැපත් බව හා සමේ පැහැය හෙවත් වර්ණය එකක් නොව දෙකක් බව ඔබට පැහැදිලි වෙනවා ඇත. මේ සියලු කාරණා අනුගමනය කිරීමෙන් ඔබට ඉතා පැහැපත් සුන්දර සමක් ඉක්මනින් ලබාගැනීමට හැකිවනු නොඅනුමානය.



No comments:

Post a Comment