රසට සාම්බාරු හදන හැටි... - SLViki

Latest

Friday, February 10, 2017

රසට සාම්බාරු හදන හැටි...



අපිට පුරුදු රසට ගෙදරදිම සාම්බාරු හදන්නේ මෙහෙමයි. ගෙදර තියෙන දේවල් වලින්ම හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

කැරට්
බෝංචි
බටු
මුරුංගා
අල
වට්ටක්කා
තක්කාලි
පරිප්පු ටිකක්
ළුෑණු
කරපිංචා
රම්පේ
අමු මිරිස්
තුනපහ කුඩු
මිරිස් කුඩු
කහ කුඩු
ලුණු
කොත්තමල්ලි කොළ ටිකක්
( මේ ඔක්කොම ඕනෙ නැ. තියෙන තියෙන විදියට ගන්න )

තෙම්පරාදුව සදහා

සුදු ළුෑණු
ළුෑණු ටිකක්
අබ ටිකක්
කරපිංචා ටිකක්

සාම්බාරු හදන හැටි

ඉස්සෙල්ලාම කරන්න ඔනි එලවලු ටික සෝදලා කපා ගන්න එක.. පස්සෙ සෝදා ගත් පරිප්පු ටිකත්, තුනපහ ටිකත්, ලුණු, අමුමිරිස්,කරපිංචා රම්පේ දාලා වතුර එලවලු වැහෙන්නම දාලා හොදින් එලවලු ටික තම්බා ගන්න.

* කැමති නම් එලවළුත් එක්කම තක්කාලි ටික දමා තැම්නෙන්න තියන්න පුළුවන්. නැත්තම් තක්කාලි තෙම්පරාදු කරනකොට එකතු කර ගන්න.

පසුව තැම්බුනු එළවළු ටික තෙම්පරාදු කර ගන්න.
තෙම්පරාදුව සදහා තෙල් ටිකක් ලිප තබා මුලින් අබ ටික දමා පුපුරනකොට අනිත් සියල්ල දමා රන් වන් පාට වනතුරු බදගෙන එලවලු මිශ්‍රනයට එකතු කරන්න
පසුව අතින් කඩා ගත් කොත්තමල්ලි කොල ටිකක් එකතු කරගන්න.

* සාමාන්‍යයෙන් සාම්බාර් හොද්ද තියෙන්න ඔනි දියට. උකු ගතියක් තියෙන්න බෑ..එත් සමහරු ආසයි උකු වෙනව.
*වට්ටක්කා ,පරිප්පු යොදන නිසා හොද්දේ යන්තම් හරි උකු ගතියක් නැත්තේ නෑ. කැමති නම් තව උකු කර ගන්න පුලුවන්.
*හොද්ද උකු කර ගන්න නම් කැමති නම් පොල් කිරි දමා ගන්න.
නැත්තම් මෙහෙම කරන්න. එළවළු වැහෙනකන් වතුර දාලා තම්බ ගත්ත හොද්දේ කෑලි ටික පොඩ්ඩක් වෙනම භාජනයකට දමා හොද්දයි පරිප්පු ටිකයි බෙරෙන්ඩර් එකට දමා අඹරා ගන්න. පසුව එය එලවලු මිශ්‍රනයට දමා තෙම්පරාදු කර ගන්න.... 


No comments:

Post a Comment