දවල් කෑමට හතු හදාගන්නා හැටි.. - SLViki

Latest

Saturday, February 11, 2017

දවල් කෑමට හතු හදාගන්නා හැටි..


බිම්මල් හෙවත් හතු ව්‍යංජන විශේෂයෙන් නිර්මාංශ අයට පිළිගැන්විය හැකි පහසු ආහාරයක්. අඩු මිලට ලබාගත හැකි බිම්මල් බොහෝ සුලබව වෙළඳපොළෙන් පහසුවෙන් ලබාගන්න පුළුවන්.මෙන්න වට්ටෝරුව.

අවශ්‍ය ද්‍ර‍ව්‍ය

බිම්මල් 200g
ලියාගත් රතු ළූණු 100g
සුදු ළූණු බික් කිහිපයක්
තක්කාලි 100g
අමු මිරිස්
ගම්මිරිස්, ලුණු
බැදගත් තුනපහ
උළු හාල්
රම්පෙ
කරපිංචා
පොල්තෙල්
පොල්කිරි

සාදන ක්‍ර‍මය

බිම්මල් සිහින් කැබලිවලට ඉරා ලුණු වතුරේ ගිල්වා මඳ වේලාවක් තබා සෝදා ගන්න. තෙල් ස්වල්පයක් ලිප තබා කරපිංචා, රම්පෙ, උළු හාල්, අමු මිරිස් සහ රතුළූණු දමා රන්වන් පැහැයට හැරුණු පසු බිම්මල්, තුනපහ සහ අවශ්‍ය පමණට ලුණු එක් කරන්න. මඳ වේලාවකින් මිටිකිරි සහ තක්කාලි ද දමා මිනිත්තු 10ක් පමණ පිසගෙන බාගන්න...


No comments:

Post a Comment