රට ඉඳි කේක් හදමු... - SLViki

Latest

Saturday, February 11, 2017

රට ඉඳි කේක් හදමු...


රට ඉදී ටිකක් වැඩිපුර දාලා රසට හදන්න පුලුවන් කෑමක් මෙන්න අද අපි ඔබ වෙත ගෙනාවා.හැමදාම හදන කේක් එකට වෙනසක් කරමු..

අවශ්‍ය දේවල් 

ඇට ඉවත් කර ගත් රටඉදි 500 ග්‍රෑම් ( රට ඉදි වැඩියෙන් එකතු කර ගැනීමෙන් රස වැඩියි )
වතුර කෝප්ප 1
දුඹුරු සීනි 100 ග්‍රෑම්
බිත්තර 2
බටර් 125 ග්‍රෑම්
පිටි කෝප්ප 1 1/2
වැනිලා තේ හැදි 2
බේකින් පවුඩර් තේ හැදි 1
බේකින් සෝඩා තේ හැදි 1

සාදන ආකාරය

පෑන් එකක් ගෙන ඊට රටඉදි,බටර්,සීනි සහ වතුර දමා ලිප තබන්න.වතුර ඉතිරෙන විට හොදින් කලවම් කරන්න. දැන් වතුර සිදී රටඉදි මෙලෙක් වනවිට ලිප වසා පෑන් එක පැත්තකින් තබන්න.දැන් එයට බේකින් සෝඩා එකතුකර ලී හැන්දකින් කලවම් කර ගන්න. විනාඩි දහයක් පමණ වසා තබන්න.

බිත්තර කඩා හොදින් බීට් කර ගන්න.එයට පිටි,බේකින් පවුඩර්, වැනිලා එකතු කර මිශ්‍ර කරන්න. දැන් එය රටඉදි මිශ්‍රණයට එකතු කර නැවත හොදින් මිශ්‍ර කර ගන්න. තෙල් කඩදාසියක් දැමූ බේකින් ට්‍රේ එකකට එම මිශ්‍රණය දමා 180 උශ්ණත්වයෙන් විනාඩි 30 ක් බේක් කර ගන්න...


No comments:

Post a Comment