ඔම්ලට් ආප්ප... - SLViki

Latest

Saturday, February 11, 2017

ඔම්ලට් ආප්ප...


අහලා ටිකක් හුරු නැහැ නේද?? බලන්නකෝ හරිම රසයි.ආප්ප වලට පොඩි වෙනසක් කරමු...

අවශ්‍ය ද්‍රව්‍ය 

කැකුළු හාල් කෝප්ප 2ක්
වේලුනු පොල් ගෙඩියක් ගා කිරි කෝප්ප 2ක්
සීනි මේස හැදි 1ක්
යීස්ට් තේ හැදි1/2ක්
ඔම්ලට් හදාගන්න ඕන කරන එළවලු වර්ග ටිකක්

සාදන ක්‍රමය

කැකුළු හාල් කෝප්ප 2ක් ගෙන පැය 4ක් ඇල් වතුරේ පොඟවා ගන්න.
වේලුනු පොල් ගෙඩියක් ගා කිරි කෝප්ප 2ක් ගන්න එකක් දැන් පාවිච්චියට සහ අනික ආප්ප හදන විට ගන්න වෙන් කරන්න.
වතුර බේරා ගත් කැකුලු හාල් ටික බ්ලෙන්ඩර් එකට දමා පොල් කිරි ටික ටික දමමින් පොල් කිරි කෝප්ප 1 සමග කොටා ගන්න.එයට සීනි,යීස්ට්,දමා හොදට බ්ලෙන්ඩ් කරන්න..
මෙය එක රාත්‍රියක් තබා පසුව දා අනිත් පොල් කිරි කෝප්පය , පැණි කෝප්පයක් මිශ්‍ර කරන්න.එය මිශ්‍ර කරන විට එක පාර නොදා ටිකෙන් ටික දාන්න.
තමන්ට ඕන ප්‍රමාණට පදම ආවාම කිරි දාන එක නතර කරන්න.
ඔම්ලට් හදාගන්න ඕන කරන එළවලු වර්ග ටික වෙන වෙනම භාජන වල තබා ගෙන ආප්පය දැමීමට සූදානම් වෙන අවස්ථාවේ දී ඔම්ලට් මිශ්‍රණය ක්ෂණිකව හදාගන්න.
ඊට පස්සේ බිත්තර ආප්ප දානවා වාගේ ඔම්ලට් ආප්පෙත් හදාගන්න
ඉතින් දැන් ඔම්ලට් ආප්ප හදා ගන්න පුලුවන්....


No comments:

Post a Comment