ඔයාගේ ෆෝන් එක Original ද කියලා බලන්නේ කොහොමද? - SLViki

Latest

Tuesday, June 6, 2017

ඔයාගේ ෆෝන් එක Original ද කියලා බලන්නේ කොහොමද?


ඔබ ලග තියන දුරකථනය ගුණාත්මකතාවයෙන් හා කල්පැවත්මෙන් කොයි තරම් ඉහලින්ද කියල බලන්න පුළුවන් ක්‍රමය ගැනයි අද අපි මේ ලිපියෙන් කියල තියෙන්නේ.බලන්න ඔබත් බාල phone එකක්ද තත්වයෙන් උසස් phone එකක්ද පාවිච්චි කරන්නේ කියල. අද වන විට ලෝකයේ වැඩිම දුරකථන ප‍්‍රමාණයක් නිපදවන රට වෙන්නේ චීනය. ඊට අමතරව ඇමරිකාව, පින්ලන්තය, ජර්මනිය, කැනඩාව, මෙක්සිකෝව, දකුණු කොරියාව, ඉන්දියාව වගේ රටවලූත් බහුලව දුරකථන නිෂ්පාදනය කරන රටවල්. හැබැයි ඉතින් දුරකතනය හදන රට අනුව එහි කල්පැවැත්ම හා ගුනාත්මකතාවය තීරණය වෙනවා.



උදාහරණ විදියට ඉන්දියාව, චීනය වගේ රටවල් වල ෆෝන් හදන්නේ බොහොම බාල විදියට. එතකොට ඇමරිකාව, පින්ලන්තය වගේ රටවල් හදන දුරකථන ගුණාත්මකතාවයෙන් හා කල්පැවත්මෙන් උසස්. අද අපි ඔබව දැනුවත් කරන්නේ ඔබේ දුරකතනය නිපදවපු රට සොයා ගන්න ආකාරය ඔබට කියල දෙන්නයි.



මේක බොහොම පහසු වැඩක්. ඔයාල දන්නවා නේද හැම ෆෝන් එකකටම එනවා IMEI අංකය කියලා එකක්. මේ IMEI අංකය මගින් ඔයාට පහසුවෙන්ම දැන ගන්න පුළුවන් ෆෝන් එක හැදුවේ මොන රටේද කියලා. හරි එහෙනම් මුලින්ම IMEI අංකය ගන්න හැටි කියල දෙන්නම්කො.



ඔයාගේ දුරකතනය අරන් මෙන්න මේ අංක ටික ඩයල් කරන්නකෝ *#06#

එතකොට ඔයාගේ Screen එකේ වැටේවි අංක 15කින් යුක්ත නම්බර් එකක්

අන්න ඒ දිග අංකයේ හත්වෙනියට හා අට වෙනියට එන අංක දෙක පිලිවෙලින් මතක තියාගන්නකෝ

දැන් පහල තොරතුරු දිහා බලලා ඔයාගේ දුරකතනය නිපදවපු රට මොකක්ද කියල බලා ගන්න

05 හෝ 50 නම් - දුරකථනය නිපදවා ඇත්තේ ඇමරිකාවේ , බ‍්‍රසීලයේ හෝ පින්ලන්තයෙයි

08 හෝ 80 නම් - දුරකථනය නිපදවා ඇත්තේ ජර්මනියෙයි

00 නම් දුරකථනය නිපදවා ඇත්තේ Original Factory එකෙයි, ගුණාත්මක තත්වය අතින් ඉතාම ඉහලයි

01 10 07 70 19 91 නම් දුරකථනය නිපදවා ඇත්තේ පින්ලන්තයෙයි. හොද ප‍්‍රමිතියකින් යුක්තයි

02 හෝ 20 නම් දුරකථනය නිපදවා ඇත්තේ එක්සත් අරාබි එමීර් රටේ හෝ ඉන්දියාවෙයි. ගුණාත්මක බව ඉතාම අඩුයි

03 හෝ 30 නම් දුරකථනය නිපදවා ඇත්තේ චිනයෙයි

04 හෝ 40 නම් දුරකථනය නිපදවා ඇත්තේ චිනයෙයි

06 හෝ 60 නම් දුරකථනය නිපදවා ඇත්තේ හොංකො, චීනයේ හෝ මෙක්සිකොවෙයි.

13 නම් දුරකථනය නිපදවා ඇත්තේ Azerbaijan යි. ගුණාත්මක බව ඉතාම අඩු අතර සෞඛ්යටද අහිතකරයි

එහෙනම් හොයා ගන්නකො ඔයාගේ දුරකථනය ඔයා හිතාගෙන හිටපු තරම් හොද එකක්ද නැද්ද කියලා.



No comments:

Post a Comment