High End ස්මාර්ට් දුරකථන අතරට එක් උන අලුත් සාමාජිකයා - Xiaomi Mi 6 ගැන දන්නවද? - SLViki

Latest

Monday, May 29, 2017

High End ස්මාර්ට් දුරකථන අතරට එක් උන අලුත් සාමාජිකයා - Xiaomi Mi 6 ගැන දන්නවද?


පසුගිය දවසක Beijing University of Technology Gymnasium එකේදී Xiaomi ලා ඒ ගොල්ලොන්ගේ අලුත්ම ස්මාර්ට් ජංගම දුරකථනය වන Xiaomi Mi 6 හදුන්වාදීම කළා. අත්තරම මේ phone එක ඉතා අඩු මුදලකට හිතා ගන්නවත් බැරි specification දෙන phone එකක්. ඉතින් මම හිතුව මේ ලිපියෙන් පොඩ්ඩක් මේ ස්මාර්ට් phone එක ගැන කතා කරන්න.

ඉතින් මේකේ Specification ගැන කතා කලොත් මේකේ processor එක high-performance snapdragon 835 processor එකක්. ඒ වගේම 6GB RAM එකකුත් තියෙනවා. storage දෙකකින් බලා ගන්න පුළුවන් 64GB සහ 128GB විදිහට. ඒ වගේම මේකේ screen එක විදිහට four-sided 3D glass එකක් තියෙනවා. තව Dual Camera තාක්ෂනයත් මේකට තියෙනවා. ඒ වගේම dual speakers තියෙනවා. තව phone එක ගොඩක් වෙලා පාවිච්චි කරන්න පුළුවන් වෙන්න 3,350mAh battery එකකුත් මේ phone එකේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ phone එකේ Under glass finger print scanner එකකුත් තියෙනවා. ඒ වගේම මේක වතුර යන්නේ නැති වෙන්න sealed body එකක් සහ sealed sim tray එකක් තියෙනවා.

තවත් විශේෂම දෙයක් තමයි කලින් අවුරුද්දේ නිකුත් කරපු Mi Mix එකේ වගේම මේකෙත් කැරට් 18 රත්තරන් වලින් වැඩ දාපු විශේෂ Ceramic Model එකකුත් තියෙනවා.

ඉතින් මේ phone එකේ design එක ගැන කතා කලොත් මේ phone එකට තියෙන්නේ clean සහ simple කන්නාඩියක් වගේ polished පෙනුමක්. මේකේ edge එකේ තියෙනවා ටිකක් තද stainless steel frame එකක්. මේ phone එක සම්පුර්ණයෙන්ම වතුරෙන් ආරක්‍ෂිත නැහැ. නමුත් වතුර ඉහිරුමකදී නම්ත්නම් වැස්සකදී නැත්නම් පොඩි වතුරකදී වගේ ආරක්ෂා වෙන්න sealed body එකක් තියෙනවා. ඒ වගේම මේකේ sim tray එකත් සීල් කරලා තියෙන්නේ.






මේ phone එක පාට තුනකින් බලා ගන්න පුළුවන් කළු, රිදී සහ නිල් වර්ණ වලින්. ඒ වගේම අර අමතර සෙරමික් version එකත් තියෙනවා.

තවත් මේකේ features ගැන කතා කලොත් මේ phone එක ගැන තිබ්බ ගොඩක් කට කතා ඇත්ත වෙලා තියෙනවා. හරියට snapdragon 835 processor එක සහ 12 MP Dual camera පද්දතිය වගේ.

මේ snapdragon 835 processor එකේ තියෙන්නේ Samsung සහ Qualcomm යන සමාගම් වලින් නිෂ්පාදනය කරපු නැනෝ මීටර් 10 චිප්සෙට් එකක්. මේ සමාගම් වලින් කලින් හදල තිබ්බ නැනෝ මීටර් 14 චිප්සෙට් එකට වඩා මේක වැඩිදියුණු කරපු එකක්. මේ නිසා 30% ක efficiency එකකුත් 27% ක performance සහ 40% ක power consumption එකකුත් මේකට එකතු වෙලා තියෙනවා.ඉතින් මේ processor එක දුවන්නේ 2.45GHz clock speed එකකින්. ඒ වගේම ලොකු LITTLE architecture එකක් මේකට තියෙනව. ඒ කියන්නේ මේකේ processor එකේ තියෙන cores 8න් 4ක්ම run වෙන්නේ 1.8 GHz speed එකෙන්. ඒ නිසා efficiency එක වැඩි වෙලා තියෙනවා.

මේකේ තියෙන චිප් එක නිසා Qualcomm ලගේ quick charge 4.0 එකත් මේකට support කරනවා. ඒ කියන්නේ විනාඩි 5ක් charge කරල පැය 5ක් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ බැටරි එකෙන් ඔයාට දවසෙම වැඩ ගන්න පුළුවන්. හැබැයි මේකට wireless charging පහසුකම නම් නැහැ.

හැබැයි මේකේ display එක නම් අනික් phone එක්ක සසදල බලද්දී ගොඩක්ම හොද තත්වයේ නැහැ. එත් අගල් 5.15 තිරය නිසා තනි අතින් ලේසියෙන්ම වැඩ කර ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 1 - 600 nits එළියක් සහ sunlight display එකක් තියෙනව. ඒ වගේම 4096 ක smart backlight adjustment level එකක් තියවනවා.

මේකේ dual camera පද්දතිය ගැන කතා කලොත් එක කැමරාවක් මෙගා පික්සල් 12 wide-angle ලෙන්ස් එකකින් සහ අනික් කැමරාව මෙගා පික්සල් 12 ටෙලිෆොටෝ කැමරාවකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ phone එක 10X ඩිජිටල් සූමින්ග් 2x ඔප්ටිකල් සූමින්ග් සහ ෆොර්-ඇක්සිස් OIS.වලින් සමන්විත වෙනවා.

මේ තියෙන්නේ මේ phone එකේ ස්පෙසිෆිකේෂන් ටේබල් එක.


මේ Xiaomi Mi 6 phone එක ගැන වීඩියෝවක්.







No comments:

Post a Comment