Xiaomi ඔවුන්ගේ නවතම Xiaomi Mi Pad 3 හඳුන්වා දෙනු ලැබුවා. ඒ ගැන විස්තර දැන ගන්න. - SLViki

Latest

Tuesday, May 30, 2017

Xiaomi ඔවුන්ගේ නවතම Xiaomi Mi Pad 3 හඳුන්වා දෙනු ලැබුවා. ඒ ගැන විස්තර දැන ගන්න.



Xiaomi සමාගම මේ ලගදි එයාලගේ 7 වන සංවත්සරය සැමරුවා. ඉතින් ඒ හේතුවටත් එක්කම එයාල එයාලගේ අලුත් ප්‍රඩක්ට් එකක් වෙන Xiaomi Mi Pad 3 එළිදැක්වූවා. මේ ටැබ්ලට් එක එයාලගේ කලින් Mi Pad 2 ටැබ්ලට් එකේ අලුත් වර්ෂන් එකක් වගේ. ඉතින් මම මේ ආර්ටිකල් එකෙන් මේ ටැබ්ලට් එක ගැන පොඩි විස්තරයක් කියන්නම්.

මේ ටැබ්ලට් එක අඩු මුදලකට තියෙන හොද ටැබ්ලට් එකක් කියන්න පුළුවන්. මේකේ තියෙන ෆීචර්ස් ගැන කතා කලොත් මේකට තියෙනවා අගල් 7.9ක ස්ක්‍රීන් එකක්. ඒ වගේම 64GB ස්ටෝරේජ් එකකුත් තියෙනවා.තව හොද කැපැසිටි එකක් තියෙන 6,600 mAh බැටරියකුත් තියෙනවා.

කොටින්ම කිව්වොත් මේ ටැබ්ලට් එක පර්ෆොර්මන්ස් අතින් සහ ස්ටෝරේජ් එක අතින් සහ පවර් කන්සම්ෂන් අතින් හොද තත්වයක තියෙන ටැබ්ලට් එකක් කියන්න පුළුවන්. මේ ටැබ්ලට් එකේ තියෙන්නේ MIUI 8 කියන operating system වර්ෂන් එක. Mi Pad 2 එකේම පොඩි අප්ග්‍රේඩ් එකක් තමයි මේ ටැබ්ලට් එක.

Mi Pad 2  එකේ තිබ්බේ 2GB RAM එකක්. ඒ වගේම 16GB සහ 64GB storage version දෙකක් තිබුනා. එත් Mi Pad 3 එකේ 4GB RAM එකක් වගේම 64GB storage එකක් විතරයි තියෙන්නේ. බැටරි capacity එක 6,160 ඉදල 6,600 mAh වෙනකන් upgrade වෙලා තියෙනවා Mi Pad 2 එකේ ඉදන් Mi Pad 3 එකට. අලුත් බැටරිය නිසා standby පැය 867ක් පාවිච්චි කරන්න පුළුවන්. එත් media playback එකකදී වගේ නම් පැය 12ක් තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. කැමරාව මෙගා පිසල් 8 ඉදන් 12 වෙනකන් වැඩිදියුණු වෙලා තියෙනවා. ඒ වගේම f/2.2 model එකක් තමයි තියෙන්නේ.

Colors ගැන බැලුවොත් නම් තියෙන්නේ එක පාටයි. Champagne Gold වලින් විතරයි මේ ටැබ්ලට් ඔයාට ගන්න පුළුවන් වෙන්නේ. එත් කලින් ටැබ්ලට් එක නම් Dark grey වලිනුත් තිබුනා.

තවත් විශේෂ දෙයක් තමයි Mi Pad 2 එකේ android වගේම windows operating system එකත් run කරන්න පුළුවන් කම තිබුනා. එත් අලුත් ටැබ්ලට් එකේ run කරන්න පුළුවන් android operating system එක විතරයි. ඒකට හේතුව අලුත් ටැබ්ලට් එකේ තියෙන වැඩිදියුණු කල processor එක. Mi Pad 2 එකේ තිබුනේ Tegra K1 කියන processor එක. අලුත් ටැබ්ලට් එකේ තියෙන්නේ MediaTek MT8176 කියන චිප්සෙට් එක, ඒ චිප්සෙට් එකේ අන්තර්ගත වෙලා තියෙනවා 2.GHz Cortex-A72 cores දෙකක් සහ 1.7GHz Cortex-A53 cores හතරක්.

ඉතින් මේ ටැබ්ලට් එක ගැන නම් විස්තර මෙච්චරයි. ඔයාලට මේ ගැන ප්‍රශ්න තියෙනවනම් පහල comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම තවත් දැනගන්න ඕනේ දෙයක් තියෙනවනම් එකත් comment කරන්න.




No comments:

Post a Comment