කාල තරණය සැබෑවක් වන ලකුණු - SLViki

Latest

Wednesday, May 24, 2017

කාල තරණය සැබෑවක් වන ලකුණු

ඇත්තටම කාල තරණය කියන්නෙ මොකක්ද? අපිට කාලය හරහා ගමන් කරන්න පුලුවන්ද? නැත්නම් මේක හුදෙක් මතවාදයක් විතරක්ද? අපි හැමෝටම මේක ප්‍රශ්නයක්.. කාලය කියන්නෙ ඇත්තටම අපිට පාලනය කරන්න පුළුවන් දෙයක්ද? ඇත්තටම එහෙම පුළුවන් නම්....


මේ සම්බන්ධව පොත්පත් වගේම ගොඩක් චිත්‍රපටි නිර්මාණය වෙලා තියනවා.. The time machine, back to the future , Tomorrow people සහ මෑතක නිකුත් උන The flash කතා මාලාවත් මේ අතරින් කිහිපයක්..
1905 වර්ශයේදී ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂිත මූලධර්මය ඉදිරිපත් කරමින් කාලය හා අවකාශය සෑමවිටම එකිනෙක බැඳී පවතින බවත් අවකාශයෙන් තොරව කාලයත්, කාලයෙන් තොරව අවකාශයත් පැවතිය නොහැකි බවට ප්‍රකාශ කලා. අයින්ස්ටයින්ගේ අවකාශ-කාල සංකල්පයට අනුව අවකාශයේ මාන හතරක් ගැන සඳහන් වේ. 

දිග, පළල සහ උස ප්‍රථම මාන තුන වන අතර කාලය සිව්වන මානයයි. මෙයින් ප්‍රථම මාන තුන හරහාම අපට උවමනා ආකාරයට ගමන් කලහැකි අතර සිව්වන මානය වන කාලය හරහා අපට උවමනා ආකාරයට ගමන් කල නොහැක (අද වන තෙක්). (කාල තරණය අප සියලු දෙනාම අත් දකිනා නොවැළැක්විය හැකි ක්‍රියාවකි. අපි සෑම විටම කාලය නම් මානය හරහා පැයකට එක් පැයක වේගයකින් ගමන් කරමින් සිටින්නෙමු. නමුත් සාමාන්‍යයෙන් කාල තරණය යනුවෙන් හඳුන්වන්නේ මෙම වේගයට වඩා වෙනස් වූ වේගයකින් කාලය හරහා ගමන් කිරීමයි.) අධික වේගයකින් (ආලෝකයේ වේගයට ඉතා ආසන්න හෝ ආලෝකය වේගය ඉක්මවා ගිය වේගයක්) ගමන් කරනා රාමුවකදී කාලය ගතවීමේ වේගය පෘථිවියේදී කාලය ගතවීමේ වේගයට වඩා අඩු බව අයින්ස්ටයින් සඳහන් කර ඇත.මෙහිදී පෘථිවිය අධික වේගයෙන් ගමන් ගන්නා රාමුවට සාපේක්ශව නිශ්චල රාමුවක් ලෙස සලකනු ලැබේ.එනම් ආලෝකයේ වේගයෙන් (තත්පරයට කිලෝමීටර් 300,000ක්) ගමන් කිරීමෙන් අපට අනාගතයට ගමන් කල හැක. නමුත් රාමු දෙකේ සිටින කිසිවෙකුටත් කාලය ගතවීමේ වෙනසක් දැනෙන්නේ නැත.

ඔබ වයස අවුරුදු 20දී ආලෝකයේ වේගය මෙන් 99.5% වේගයකින් ගමන් කරන අභ්‍යවකාශ යානයක ගමන් ආරම්භ කලේ යයි සිතන්න. අභ්‍යවකාශ යානයේ ඇති ඔරලෝසුවක් භාවිතයෙන් කාලය මනිනා ඔබ හරියටම වසර 5කට පසුව නැවතත් පෘථිවියට පැමිණේ. එවිට ඔබගේ වයස අවුරුදු 25ක් වන අතර ඔබ ගමන් ආරම්භ කරන විට ඔබගේ සම වයසේ සිටියෙකු ඔබ නැවත පැමිණෙන විට වයස්ගත පුද්ගලයෙකු බවට පත්ව ඇති ආකාරය ඔබට දැකගත හැකිවනු ඇත. (නැතහොත් ඔවුන් මියගොස් පරම්පරා ගණනක් ගතවී තිබෙන්නටද පුලුවන.) එනම් ඔබ අභ්‍යවකාශ යානය හරහා පෘථිවියේ අනාගතයට ගමන් කර ඇත.

නමුත් මෙවැනි වේගයක් ප්‍රායෝගිකව තවමත් ළඟාකරගෙන නැත. නමුත් සෛද්ධාන්තිකව මෙම තත්වය පිළිගෙන ඇත. කෙසේ වෙතත් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කල සාපේක්ෂතාවාදයේ එන තවත් සංකල්පයක් වෙයි. එනම් කිසිම විශ්වීය වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවා යා නොහැකි බවයි. එනම් අප ආලෝකයේ වේගයට ඉතා ආසන්න වේගයක් ළඟාකරගත්තද අපට අනාගතයට ගමන් කලහැකි වන්නේ එක්තරා කාලසීමාවක් දක්වා පමණි. අපට අනාගතයට ගමන් කිරීමේ ශක්‍යතාවයක් (හැකියාවක්) ඇත. නමුත් අතීතයට ගමන් කිරීම සම්බන්ධව ගැටලුකාරී තත්වයක් ඇත.

කොන්ටම් විද්‍යාවේ සඳහන් වෙන පණු කුහර (wormholes) මගින්, කළු කුහර මගින්ද කාලය හරහා අතීතයට යා හැකි බවට මතයක් පවතී. කළු කුහර අවකාශ-කාල තත්ව දෙකක් සම්බන්ධ කරන උමං මාර්ග ලෙස ක්‍රියාකරන බවට මතයක් ඇත..

ආලෝකයේ වේගයට සමානව හෝ ඊට වැඩ වැඩියෙන් වේගයක් ලඟා කරගත හැකි නම් කාල තරණය සැබෑවක් බවට පත් වීම සිහිනයක් පමණක්ම නොවනු ඇත..


No comments:

Post a Comment