ලේ දුන්නම ඇග දුර්වල වෙනවා කියන කතාවේ ඇත්ත නැත්ත................ - SLViki

Latest

Wednesday, May 24, 2017

ලේ දුන්නම ඇග දුර්වල වෙනවා කියන කතාවේ ඇත්ත නැත්ත................


රුධිරය පරිත්‍යාග කිරීම නිසා එම පුද්ගලයාගේ නීරෝගී බව අඩු වනවාද ? සෞඛ්‍ය තත්වය පරිහනියට පත්වනවාද ?මෙන්න මේ ප්‍රශ්න ඔබටත් තියනවා වෙන්න පුළුවන්.සමබර ආහාර වේලක් ගන්නා නීරෝගී පුද්ගලයකු රුධිරය පරිත්‍යාග කරන නිසා රෝගී තත්වයකට හෝ ඔහුගේ සෞඛ්‍ය තත්වයේ යම් පසු බෑමකට ලක් වන්නේ නැහැ.

සෑම තත්පර 30කටම වරක් ලංකාවේ කොහේ හෝ කෙනෙකුට රුධිර පාරවිලයනයක අවශ්‍යතාවක් ඇතිවේ.ජනතාවගෙන් 30% පමණ කොටසක් ලේ දන්දීමට අවශ්‍ය අවම සුදුසුකම් ඇතත් වාරිශිකව ලේ දන් දෙන්නේ 2%කටත් වඩා අඩු කොටසකි.

ඔබත් ජීවිතයේදී එක් වරක් හෝ ලේ පරිත්‍යාග කිරීමට කැමැත්තෙන් ඇති. ඒත් පළමු වරට ලේ දෙන පුද්ගලයන්ට ශාරීරිකව දුර්වල වීමක් ඇති වේ දැයි කියා අනිසි බියක් ඇතිවෙන්න පුළුවන්. නමුත් මේ කාරණා ගැන දැනුවත් වන ඔබ නම් ඒ ගැන බිය විය යුතු නැහැ.

ඔබගේ රුධිරය මුලින්ම පරික්‍ෂාවකට ලක් කෙරෙයි. එමඟින් ඔබේ රුධිරය තවත් අයකුට ලබාදීමට සුදුසු තත්ත්වයක පවතීදැයි නිගමනය කරයි. ලේ දීමේදී ඔබේ මුළු ශරීරයේ රුධිරයෙන් 1/10ක් අඩුවෙයි. එය තරමක සිරුරට දැනෙන තරමේ ඌනතාවකි. සාමාන්‍ය පුද්ගලයකුගේ නම් එම රුධිර ප්‍රමාණය වර්ධනය වීමට සති 6ක පමණ කාලයක් ගත විය හැකියි.

මාංශ ආහාර වලින් වැලකී සිටින එනම් නිර්මාංශ පුද්ගලයන්ට රුධිරය දන් දීමේදී සෞඛ්‍ය ගැටලු මතු විය හැකිද ?

එය වැරදි මතයකි.ඔබ නිරෝගී පුද්ගලයෙකි.ඔබට ඕනම මාස 4කට වරක් ලේ දන් දෙන්න පුළුවන්.

ලේ දුන් පසු ඔබ සැලකිලිමත් වෙන්න ඕන දේවල්...........

ආහාර පිළිබඳ සැලකිලිමත් වීම
මෙලෙස ලේ දුන් පසුව ඔබේ ආහාර වේල ගැනත් තරමකවත් සැලකිල්ලක් දක්වන්න. විශේෂයෙන්ම ප්‍රෝටීන් බහුල ආහාර සති 6ක්වත් වැඩිපුර ඔබේ ආහාර වේලට එක්කර ගැනීමට උනන්දු වන්න. එමෙන්ම යකඩ බහුල ආහාර සෝයා හා පරිප්පු වැනි ආහාරත් නිර්මාංස ඔබට වඩාත් සුදුසුයි. නිර්මාංස අයෙක් නම් විටමින් ඩී අතිරේකයක් වශයෙන් වෛද්‍ය නිර්දේශ මත ලබා ගැනීම වඩා වැදගත් කාරණයක්. පෝෂණීය එළවළු හා පලතුරු ආහාරයට ගැනීමත් නිරෝගීභාවයට බලපාන නිසා සිරුරට ඌතාවක් ඇති නොවන ලෙස ඔබේ ආහාර වේල සකස් කර ගන්න.

ක්ලාන්තය ඇතිවීම
ලේ දුන් විගසම ඇතැම් අයට ක්ලාන්ත ගතියක් ඇතිවෙයි. ඔබ රුධිරය දීමේදී ඇඳක වැතිර සිටගෙන නැවැත සිට ගැනීමේදී මොළයට රුධිර සැපයීම අඩුවන නිසා මෙවැනි තත්ත්ව ඇතැම් අයට ඇතිවිය හැකියි. එකවර ශරීරයෙන් රුධිරය 500ථතක් අඩුවීම නිසා මොළයට රුධිරය සැපයීමේ අසමතුලිත බවක් තත්පර ගණනකදී සිදුවන නිසාත් ක්ලාන්ත ගතිය මතුවිය හැකියි.

රුධිර සීනි මට්ටම අඩුවීම
නිරාහාරව සිට රුධිරය දුන් විටත් මෙවැනි ක්ලාන්ත ගති ඇතිවෙයි. එවිට රුධිරයේ සීනි මට්ටම පහළ යෑමෙන් ශරීරයට අවශ්‍ය ශක්තිය හීන වෙමින් කැරකිල්ල හා දහදිය දැමීම වැනි අපහසුතාද මතුවිය හැකියි. මෙනිසා කිසිම විටෙක නිරාහාරව සිට ලේ දීමට නොයන්න. එවැනි අවස්ථාවක ග්ලූකෝස් ස්වල්පයක් ගැනීමෙන් එම ගතිය මඟ හරවා ගත හැකියි.

අධික මහන්සිය
ලේ දුන් පසු සතියක් පමණ ගතවන තෙක් ජිම් එකට ගොස් අධික ව්‍යායාම්වල යෙදීමෙන් අෑත් වන්න. මේ කාලයේදී ශරීරයට යම් විවේකයක් ලබා දෙමින් ප්‍රෝටීන් බහුල ආහාර පිළිබඳ උනන්දු වෙමින් ශරීරය ශක්තිමත් කර ගන්න. විශේෂයෙන්ම අධිකව වෙහෙසෙන ක්‍රියාකාරකම්වලින් ඈත්ව සිටින්න.
ඉතින් ඔබත් රුධිරය පරිත්‍යාග කිරීමට සුදුසුකම් තිබියදී මෙවැනි මිත්‍යා විශ්වාස වලට බියෙන් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වැලකී සිටිනවානම් මෙම මිත්‍යා විශ්වාස බැහැර කොට රුධිර පරිත්‍යාගයට දායක වන්න.

රුධිර පරිත්‍යාග කිරීමෙන් ඔබට සිදුවන වාසි රැසකි.අතිරික්ත යකඩ ශරීරයේ තැන්පත් වීම අවම කරන අතර එමගින් වකුගඩු , අක්මාව,හර්දය ඇතුලු සිරුරේ බොහෝ අවයව නීරෝගීව තබ ගැනීමට රුධිර පරිත්‍යාගය ඉවහල් වේ.
ඉතින් ඔබත් රුධිරය පරිත්‍යාග කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයෙක් නම් ඔබට ලැබී ඇති එ මහගු අවස්ථාව මග හරින්න එපා !




No comments:

Post a Comment