සතුටෙන් සිටීමට නම්, ජීවිතයට සතුට ලගා කර ගන්නා ආකාරය පිලිබදව වැදගත් ලිපියක්! - SLViki

Latest

Tuesday, May 16, 2017

සතුටෙන් සිටීමට නම්, ජීවිතයට සතුට ලගා කර ගන්නා ආකාරය පිලිබදව වැදගත් ලිපියක්!



ඔබට සතුට අවශ්‍ය නම් ඔබ මුලින්ම කල යුත්තේ ඔබ ඔබ දෙස හොදින් බැලීමය. මනුෂ්‍යයෙක් යනු මේ විශ්ව ධාතුවෙහි දුහුවිල්ලක් වැනිය. සොබා දහම තුල සිහියෙන් කටයුතු නොකලොත් අපට සතුට කොහෙන්වත් ලබා ගත නොහැක.. අපට අයිති නැති සොබාදහමේ වාතය අපි ආශ්වාස කර මුළු ශරීරය පුරාම ගමන් කලාට පසුව ප්‍රශ්වාස කරයි. ඊට පසු එම වාතය ගස්වැල් උරාගෙන ඔවුන් නැවතත් නිකුත් කරන ඔක්සිජන් අපි නැවතත් ලබා ගනියි. මෙය චක්‍රයකි. මෙම චක්‍රය ස්වභාවධර්මයට අයිතිය. එම අයිතිය අපි මමය මගේය කියා ලබා ගනිමින් කොතරම් දුක් විදිනවාද? අපමණ කාලයක් සංසාරයේ දුක් විදිමින් සැරිසරන පෘතක්ජන සත්වයන් සංසාරයේදී අත්විදින දුක් ප්‍රමාණය පෙන්වීමට තථාගතයන් වහන්සේටද උපමා නොමැති විය.

එකම මවක් මිය යාම හේතුවෙන් හෙලූ කදුළු මහා සාගරයටත් වඩා වැඩිය. එලෙසම මේ සංසාරයේ තමාගේ මව නොවූ පියා නොවූ පුතු නොවූ දුව නොවූ එකදු සත්වයෙක් වත් නැත්තේමය. එසේනම් මමය මගේය යයි කියා අපට අයිති නැති ශරීරයක් අයිති කර ගනිමින් එයට සැප සම්පත් දීමට අපි කොතරම් දුක් විදිනවාද? මෙම ශරීරය මාගේ නම් මට අවැසි විදිහට තියෙනවාද?. හැකි පමණ සරල වන්න. ලෝභ ද්වේශ මෝහ වලින් පුළුවන් තරම් අවම වන්න. මමත්වය හැකි පමණ දුරු කරන්න. එවිට විශ්ව ශක්තිය ඔබට විවිර වීමෙන් සතුට ඔබ කර ලගා වේ. මෙය හොදින් අත්හදා බලන්න.

H.P සෝමරත්න

 


No comments:

Post a Comment