පිටසක්වල ජීවීන් ඉන්නා බවට ලංකාවෙන් හොඳම සාක්කියක්… - SLViki

Latest

Tuesday, May 16, 2017

පිටසක්වල ජීවීන් ඉන්නා බවට ලංකාවෙන් හොඳම සාක්කියක්…


විශ්වය හැමදාම මිනිසුන්ව කුතුහලයෙන් පුරවාලීය. ලොව පුරා විවිධ ප්‍රදේශ වලින් පාවෙන පීරිසි සහ පිටසක්‌වල ජිවීන් ගැන විවිධ දේ වාර්තා වන්නේ ඒ අසීමිත කුතුහලය හා සිහින වල ප්‍රකාශන ලෙසය. එහෙත් ඒ අතරේ ලෝකයේම ඇස්‌ ඇරුණු අපූරු සිද්ධියක්‌ පොළොන්නරුවේ අරලගංවිලෙන් වාර්තා වූයේ ය. ඒ පිටසක්‌වල ජීවීන් සම්බන්ධ විද්‍යාත්මකව තහවුරු කළ අතිශය වටිනා සාධක සමූහයක්‌ අරලගංවිලෙන් වාර්තා වීමය. මේ කියන්නේ ලෝකයම කැළඹවූ ඒ කතාව ය.

අරගංවිල ටිකිරි බණ්‌ඩාගේ කුඹුරේ සිදුවු මේ අරුම සිදුවීම ගැන මාධ්‍ය වර්තා කළේය. ඒ ගැන වගකිවයුතු අංශ දැනුවත් වීමත් සමග වෛද්‍ය පරේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂ වෛද්‍ය අනිල් සමරනායක සහ එම ආයතනයේ වෛද්‍ය පර්යේෂණ තාක්‌ෂණ විද්‍යාඥයෙක්‌ වු කීර්ති වික්‍රමරත්න හා ස්‌වාධීන තාරකා විද්‍යාගවේෂකයෙකු වන නදීක උදයකාන්ත අරලගංවිලට පැමිණියහ.එම පාෂාණ කැබලි වැඩිදුර පරීක්‌ෂා කිරීම සඳහා එංගලන්තයේ බකිංහැම්හි තාරකා ජීව විද්‍යා අංශයේ සහ කාඩිප් විශ්ව විද්‍යාලයේ සේවය කරනු ලබන ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්‌ වු මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ වෙත යවනු ලැබුවේය. 
 

එමෙන්ම ඔවුහු එම පාෂාණ සාම්පල ඇමරිකාවේ කැලිපෝනියා විශ්වවිද්‍යාලයටද, ජර්මනියේ ඉපැරණිම විශ්ව විද්‍යාලයක්‌ වන ගටින්ජන් විශ්ව විද්‍යාලයටද , ජපානයේ ටෝකියෝහි චීබා සරසවියටද යොමු කරන ලදී.නාසා ආයතනයේ කීර්තිමත් විද්‍යාඥ රිචඩ් ඩී. හුවර් හා අචාර්ය නුරි මියාකේ සමගින් ලංකාවට පැමිණි අවස්ථාවේදී  ඔවුහු උල්කාපාතය වැටුණු අරලංගවිල කුඹුරුයාය සොයා ගියහ.මේ පර්යේෂණ අවසනදී අභ්‍යවකාශයේ විසිරී පවත්නා ඩයටම ජීවි ඛාණ්‌ඩ වැසි ජලයත් සමග එකතුවි ඇදහැලිම නිසා ලංකාවේ විවිධ ප්‍රදේශ වලට විවිධ වර්ණයෙන් යුක්‌ත වු වැසි ඇදවැටුණු බව තහවුරු වුයේය.
අතර ලංකාවට පාට වැසි ඇදහැලුනේය. සෙවනගල ඉදිකොලපැලැස්‌ස ගම්මානයට 2012 වසරේ නොවැම්බර් 14 වනදා රතු පැහැති වරුෂාවක්‌ ඇදහැලීම රටට කතා කරන්නට වැදගත් මාතෘකාවක්‌ සැපයුවේය.
අරලගංවිලට උල්කාපත වැටුනේ දෙසම්බර් 29 වන දිනය. පසුව අනුරාධපුරය සහ පුත්තලම ප්‍රදේශයට කොල පැහැති වැසිද වැටෙන්නට විය. ජනවාරි 11 වැනිදා සොරබොර ප්‍රදේශයට කළු වැස්‌සක්‌ වැස්‌සේය. මහියංගනය රත්කි`ද සහ ගිරාදුරුකෝට්‌ට ප්‍රදේශයට උල්කාපාත කැබලි වැටුනේ මේ පාට වැසි වැටෙමින් පැවතුන කාලයේ දී වීමද විශේෂත්වයකි.


පෘතුවියෙන් සැතපුම් 260 ක දුරින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයකදී සොයාගත් උල්කා කැබැලි අංශු වල සිටි ඩයටම ජීවී විශේෂ හා පොළොන්නරුව අරලගංවිලට කඩා වැටුණු උල්කාපාත වල සජීවී ඩයටම ජිවී විශේෂ එක සමාන බවත් පෘතුවියෙන් ඔබ්බෙහි ජීවයක් පවතින බවට ප්‍රබල සාක්කියක් ලැබීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව පිළිගැනීමක් ලැබෙන බවත් එන්ගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලයයේ තාරකා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවසා ඇත.



එංගලන්තයේ මහාචාර්ය මිල්ටන් වෝර්න් රයිට්‌ තවත් අපූරු පරීක්‌ෂණයක්‌ සිදු කළේය. ජිවානුහරණය කළ පෙට්‌ටි කිහිපයක්‌ සහිතව මීටර 27000 පමණ උසට බැලුනයක්‌ යවන ලදී. පසුව ඉන් කිහිපයක්‌ දුරස්‌ථ පාලකයක්‌ මගින් තප්පර කිහිපයකට විවර කළ හේ නැවතත් එම පෙට්‌ටි තුළට කිසිම අංශුවක්‌ ඇතුඵ වීමට නොහැකි සේ වසා පෘථිවියට ගෙන්වා ගෙන පරීක්‌ෂා කෙරුවේ ය.
එම කුඩා පෙට්‌ටි විශේෂ රසයනාගාරයක්‌ තුළ ඉලෙක්‌ට්‍රොණ අන්වික්‌ෂ මගින් පරීක්‌ෂා කිරීමේ දී ලංකාවට ඇද හැලුනු රතු වැස්‌සේ රතු සෛල වලට සමාන සෛලයන් හමුවිය. ඒ අතර මේ දක්‌වා හදුනා නොගත් ඩයටම ජීවි සෛලද තිබිණි.පොලොවේ සිට මෙම බැලුනයේම රඳවා ම අභ්‍යවකාශයට යවා විවර නොකරන ලද පෙට්‌ටි තුළ කිසිම දෙයක්‌ අඩංගු නොවුණි.මේ ආකාරයෙන් දිගින් දිගටම සිදු කරනා පරීක්‌ෂණ වලින් අනාවරණ වූයේ උල්කාපාත හරහා වෙනත් ග්‍රහ ලොවක සිට ජීවින් ගමන් කරනා බවට ඔප්පු කිරීමට සාක්ෂි සනාථ කර ගැනීමේ පර්යේෂණ වල දී සිටියි.




No comments:

Post a Comment