දේශීය රහස් ඛෙහෙත් වට්ටෝරු වලින් දවස් 30න් කෙට්ටු වෙන්න ඔබට මෙන්න ඔබට අවස්ථාවක්. - SLViki

Latest

Saturday, May 27, 2017

දේශීය රහස් ඛෙහෙත් වට්ටෝරු වලින් දවස් 30න් කෙට්ටු වෙන්න ඔබට මෙන්න ඔබට අවස්ථාවක්.



වර්තමාන සමාජය තුල ජිවත්වෙන බොහෝදෙනාට තියෙන බරපතල සෞඛ්‍යය ගැටලුවක් තමයි මේ තරබාරුකම/ස්ථුලතාවය(Obesity) කියලා කියන්නේ.ඉතින් මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වෙන්නේ නැති උනාට ගැහැණු ,පිරිමි දෙපාර්ශවයටම ලොකු හිසරදයක් වෙලා අවසානයි.ස්‌ථුලතාවය අඩු කරගැනීමට ආහාර පාලනය සිදු කළ යුතු අතර ශරීරයේ ගබඩා වී ඇති අධික කැලරි ප්‍රමාණය දහනය කිරීම සඳහා ව්‍යායාම වල නිරත වීම අනිවාර්ය වේ.නමුත් කාර්යබහුල අයට මෙසේ ව්‍යායාම වල නිරත වෙන්න වෙලාවක් නැහැ.අන්න ඒ නිසාම මේ රහස් ඛෙහෙත් වට්ටෝරු ඔබේ එදිනෙදා ජීවිතයට යොදා ගන්න.

මෙන්න ඔබට රහස් වට්ටෝරුව,

වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර උදේ හිස් බඩ පානය කරන්න එයින් ඔබට ශරීර බර අඩු කර ගැනීමට උපකාරයක් ලැබේ.

උදෑසන අවදි වූ විගස පළමුව තරමක් රස්සනය ඇති වතුර වීදුරුවක් පානය කිරීම මගින් ආහාර ජීර්ණය හොඳින් සිදුවන අතර මල බද්ධයද වළක්වයි.

රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යෑමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර පානය කරන්න.මෙය දිනපතා කිරීමෙන් සිරුරේ බර අඩු කර ගන්න පුළුවන්.

උදේ ආහාරය ලෙස කොළ කැද වතුර පමණක් ආහාරයට ගන්න.එයට ඉගුරු කැබැල්ලක්ද එකතු කිරීමෙන් ගුණ වැඩි වෙයි.

කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමග මිශ්‍රකර උදේට පානය කරන්න.

ගෝවා මගින් ශරීර බර අඩු කරයි. දෙහි යුෂ සමග සලාදයක් වශයෙන් ආහාරයට ගැනීම සුදුසුය.

දිනපතා ආහාරයෙන් පසු සුදු ලූනු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප 1ක් පානය කරන්න.ආහාර දිරවීම වර්ධනය කරයි. මේද අවශෝෂණය අඩු කරයි. ශරීර  බර අඩු කරයි.

මේ අනුව ශරීර බර අඩු කිරීම සඳහා ආහාර පාලනය සහ ක්‍රියාශීලී දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැඛෙනවා .ගෙදරදී පිළියෙල කරගත හැකි සරල ආහාර හා අත් ඛෙහෙත්ද ඇති බව ඔබ දැන් දන්නවා.

සාමාන්‍යයෙන් ඔබ ස්ථුලතාවය මග හරවා ගැනීමට කරන දේවල්.

ආහාර පුරැදු වෙනස් කිරිම - මේද සහිත ක්ෂණික ආහාරයන්ගෙන් වැළකිම.ආහාරයේ අඩංගු මේද ප්‍රමාණය අඩුකිරිම.නියමිත ආහාර වේල් ප්‍රමාණය ලබාගැනිම සහ එවායේ ප්‍රමාණය අඩුකිරිම.අමතර ආහාර වේල් ප්‍රමාණය අඩුකිරිම.ආහාරයට පළතුරැ එක්කර ගැනිම . නිවසේ සකස් කරන ලද ආහාර ලබාගැනිම.කුඩා ළමුන් නිතර ආහාර ලබාගැනිම වැළැක්විම සදහා නිවසේ ආහාර ගබඩා කර තැබිම අවම කිරිම.

දේහ ස්කන්ධයේ සිදුවන වෙනස්විම නිතර මැනබැලිම - ඉහත වෙනස්විම් සමඟ දේහයේ ස්කන්ධයේ සිදුවන වෙනස්විම ප්‍රමාණාත්මකදැයි මැනබැලිය යුතුය.එසේ නොවන්නේනම් ඊට අනුරැප වෙනස්විම් සිදු කළ යුතුය.

ශල්‍යයමය ප්‍රතිකර්ම - ආමාශයෙන් කොටසක් කපා ඉවත් කිරිම මගින් ආමාශයේ ධාරිතාවය සහ ආහාර ලබාගන්නා ප්‍රමාණය අඩු කිරිම,ආමාශයට ඇතුල්වන ආහාර ප්‍රමාණය පාලනය කිරිම වැනි ක්‍රමවේදයන් යොදා ගතහැකිය.

හැසිරිම් රටාවේ සහ චර්යාත්මක වෙනස්විම් සිදුකිරිම - දේහයට ලබාගන්නා කැලරි ප්‍රමාණයට සාපේක්ෂව සුදුසු ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැනිම.දිපනපතා නියමිත වේලාවක් සුදුසු ව්‍යායාම් වල නිරතවිම.(ව්‍යායාම් වල නිරතවිමට පෙර සුදුසු වෛද්‍යයවරයකුගේ උපදෙස් ලබාගත යුතුය.හෘදයාබාධ සහ ශ්වසන ආබාධ පවතින පුද්ගයන්ගේ ව්‍යායාම කිරිමට පවතින හැකියාවන් සීමා සහිතය.) හැකි සැමවිටම කයවෙහෙසා කරන වැඩවල නිරතවිම.එසේම කුඩා ළමුන් රෑපවාහිනි සහ පරිගණක ක්‍රීඩාවල නිරතවන කාලය සීමාකිරිම සහ සුදුසු ක්‍රිඩා වලට යොමු කිරිම.

ඖෂධ ප්‍රතිකාර ලබාගැනිම - ඉහත ප්‍රතිකාරයන් සමඟ සැලකිය යුතු වෙනසක් සිදුනොවන්නේ නම් හෝ විශේෂීත රෝග තත්වයක් පවති නම් එ සදහා සුදුසු ඖෂධ ගබා ගත යුතුය [orlistat" locaserin" Metformin" Antidepressants]




No comments:

Post a Comment