අලිගැට පේර වලින් ලස්සන වෙන හැටි. - SLViki

Latest

Saturday, May 27, 2017

අලිගැට පේර වලින් ලස්සන වෙන හැටි.



අලි ගැටපේර කියනේ ගොඩක් පෝෂණයෙන් පිරි පලතුරක් වගේම ඉතාම රසවත් පළතුරක්.ඒ වගේම අපේ ශරීරයට හොඳ පෝෂ්‍ය පදාර්ථ 25ක් පමණ අලි ගැටපේරවල අඩංගු වෙනවා.විටමින් A,B,C,E,K,කොපර්,යකඩ,පොස්පරස්,මැග්නීසියම්,පොටෑසියම්, ප්‍රෝටීන් වගේ ගොඩක් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා. අලිගැටපේර යුෂ මගින් ඔබට,ඇතිවිය හැකි විවිධ මුත්‍රා රෝග වලට වඩාත් සුදුසු පලතුරකි.දෙනෙත් ආරක්ෂා කිරීමට, දීප්තිමත් නෙත් සඟලක රහස, සමෙහි පැහැපත් බව වර්ධනය රැඳී ඇත්තේ අලිගැටපේර පලතුරේය.මුඛයෙහි ඇතිවිය හැකි විවිධ රෝගවලට ගුණදායකය.ශරීර ශක්තිය වර්ධනය කිරීමට අපූරු පලතුරකි.

පෝෂ්‍යදායි පළතුරක් වන අලි ගැටපේර වලින් ලස්සන් වෙන්න පුළුවන් ආකාරය ගැන ඔබට මෙම ලිපියෙන් දැන ගන්න පුළුවන්.

වියලි, රැළි වැටුන සමකට ෆෙෂල් මාස්ක් එකක් විදියට,

අවශ්‍ය දෑ-

    මී පැණි කෝප්ප 1/4ක්
    අලිගැට පේර ගෙඩි 1/2

මේවා භාජනයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න (ක්‍රීම් Mixture 1ක් එනතුරු). ඉන්පසු මේ මිශ්‍රණය ඔයාගේ මුහුණේ සහ ඛෙ ල්ලේ ආලේප කර විනාඩි 20ට පමණ පසු හොදින් සෝදා හරින්න.

අලිගැට පේර, සුසිනිදු දිදුලන කොණ්ඩයකට ,

අවශ්‍ය දෑ-

    අලිගැට පේර ගෙඩි 1 (ඔයාගේ කොණ්ඩය කොට නම්, අලිගැට පේර ගෙඩි එකකට අඩුවෙන් ප්‍රමාණවත් වේ)
    බිත්තර කහමද 1ක්
    ඔලිව් ඔයිල් තේ හැඳි 1/2ක්

මෙය හොඳින් මිශ්‍ර කර ඔයාගේ කොණ්ඩයේ ආලේප කර විනාඩි 30ක් පමණ තබා සෝදා හරින්න. (සේදීමේදී, සුපුරුදු පරිදි ෂැම්පු හා කන්ඩිෂනර් භාවිතා කරන්න)

ෆෙෂල් ක්ලේන්සර් එකක් විදියට ,

අවශ්‍ය දෑ-

    හොදින් ගසාගත් බිත්තර කහමද 1
    කිරි කෝප්ප 1/2
    සූරා ගත් අලිගැට පේර ගෙඩි 1/2

මේ සියල්ල භාජනයක දමා ගෑරුප්පුවකින් හොදින් මිශ්‍රකර ගන්න (ක්‍රීමි ගතියට එනතුරු). ඉන්පසු Cotton Swabs ආධාරයෙන් ඔයාගේ මුහුණේ ඉතා මෘදුව ආලේප කරන්න. මෙය ටික වෙලාවක් තිඛෙන්නට හැර, ඇල් වතුරෙන් සෝදා හරින්න.

අලිගැට පේර,ෆෙෂල් මොයිස්චර් එකක් විදියට ,

අවශ්‍ය දෑ-

    අලිගැට පේර ලෙලි 1ක්

අලිගැට පේර ගෙඩියේ ලෙල්ල ගෙන එය ඔයාගේ මුහුණේ (මෙය ආලේප කරන්නට කලින්, මුහුණ හොදින් පිරිසිදු කරගෙන තිබිය යුතුයි) උඩු අතට මෘදුව අතුල්ලන්න. ඉන්පසු, විනාඩි 15ක් පමණ තිඛෙන්නට හැර, හොදින් සෝදා හරින්න.

අලිගැට පේර,Soft skin body cream 1ක් ලෙස ,

අවශ්‍ය දෑ-

    ලෙමන් ජූස් තේ හැඳි 1ක්
    අලිගැට පේර ගෙඩි 1ක්

භාජනයක දමා මේවා හොදින් මිශ්‍ර කර (බීට් කර), එම මිශ්‍රණය ඔයාගේ මුළු ශරීරයේම ආලේප කර විනාඩි 20ක් පමණ තිඛෙන්නට හරින්න. ඉන්පසු ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න.

අලිගැටපේර සත්කාරය

අලිගැටපේර යනු ස්වාභාවිකවම ගොඩක් තෙත් ස්වාභාවයකින් යුතු පළතුරකි.අලිගැටපේර ගෙඩියක් ගෙන එහි ඇතුලත කොටස වෙන් කර ක්‍රීම් එකක ස්වාභාවයකින් යුතු ආලේපනයක් සකසා ගන්න.එම ආලේපනය මුහුණේ හා ඛෙල්ල අවට ආලේප කරන්න.පසුව එම සත්කාරය විනාඩි15ක් තබා සෙමින් සෝදා හරින්න.

අලි ගැටපේර මගින් ඔබට ලස්සන වීමට හැකි ආකාර ගැන ඔබ දැන් දන්නවනේ.ඔබට පුළුවන් ගෙදරදීම මෙවැනි සත්කාර කිරීම මගින් අතුරු ආබාධ නොමැතිව ලස්සන ඉන්න.




No comments:

Post a Comment