තවමත් හිමාලයේ ගිරි ශිඛර අතර ජීවත්වෙතැයි විශ්වාස කරන
යෙටී නමැති අද්භූත මිනිසාගේ පා සටහන් සමූහයක් නැවත වරක් තමන්ට දකින්නට ලැබුණු බව
ජපන් ගවේෂක කණ්ඩායමක් පසුගියදා වාර්තා කළේය.
දින හතළිස් දෙකක පමණ කාලයක් හිමාලයේ කඳු වළලු අතර
ගවේෂණයක යෙදුණු මෙම කණ්ඩායමේ නායක යොෂිටෙරු ටකාෂි පවසන අන්දමට ඔවුන්ට මේ පාසටහන්
හමුවී ඇත්තේ හිමාලයේ, අඩි විසිපන්දහස් එකසිය තිස්පහක් පමණ උසින් පිහිටි කඳු
මුදුනකදීය.
ඔවුන් විසින් ඡායාරූප ගතකර ඇති මෙම පා සටහන්වලට දිග අඟල්
8 ක් පමණ වන අතර, ඒවා මිනිස් පා සටහන්වලට හැඩරුවින් සමාන බව කියැවේ.මේ මිහිතලයේ හැම
අස්සක් මුල්ලක් නෑරම ජීවය පවතිනවා. දිනෙන් දින සත්ව විද්‍යාඥයින්ට අලූත් ජීවීන්
හමුවෙනවා. ඒත් සමහර සත්ව විද්‍යාඥයින්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අබිරහසක් වූ ජීවීන්
ද මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු ලැබෙනවා.
එවැනි එක් ජීවියෙක් තමයි ‘යෙටී’ එහෙමත් නැතිනම් හිමාලයේ ‘පිළිකුල් සහගත හිම මිනිසා’ Abominable Snow Man කියලා කියන්නේ. ටිබෙට් ජාතිකයන් ‘යෙටී’ නමින් මෙම සත්වයා හැඳින්වූවත් ආසියාවේ තවත්
රටවල් කිහිපයක ම මෙවැනි සත්වයන් සිටින බව කියැවෙනවා. ඒ ඒ රටවල විවිධ නම්වලින් මේ
සත්වයා හඳුන්වනවා. එහෙත් යෙටී කියන නමයි, වඩාත්ම ප්‍රසිද්ධ වී තියෙන්නේ.
ප්‍රධාන වශයෙන් යෙටී යන නමින් වූ සත්වයා ජීවත් වෙනවා
යැයි කියන්නේ නේපාලයටත් ටිබෙට් දේශයටත් අයත් හිමාල කඳුකරයේ. කෙසේ වෙතත් මෙය යෙටී
ගැන අසන්නට ලැබුණු ප්‍රථම අවස්ථාව නොවේ. අවුරුදු ගණනාවක් තිස්සේ ටිබැටය හා නේපාලය
ආශි‍්‍රතව විසූ ගම් වැසියන් ද, එඩේරුන්, දඩයම් කරුවන්,
කඳු නඟින්නන් හා විවිධ ගවේෂකයින් ද, නොයෙක්
වර මෙම අදිසි මිනිසා තමන්ට හමුවූ බවත්, හිම මත ඔහුගේ
පාසලකුණු දැක ඇති බවත් සඳහන් කර ඇත.
යෙටී ගැන අසන්නට ලැබෙන මේ තොර - තුරු ඇමෙරිකාවේ හා
කැනඩාවේ සිටින්නේ යැයි විශ්වාස කරන “බිග් ෆුට්” හා
ඕස්ටේ්රලියාවේ “යෝවී” පිළිබඳව
ප්‍රකාශිත තොරතුරු වලට සමානකම් දක්වයි.යෙටී ගැන අපූරු විස්තර මහා ඇලෙක්සෙන්ඩර්
අධිරාජ්‍යයාගේ සමයේ පටන් වාර්තා වී තියෙනවා. කි්රප්ටෝසූලොජිස්ට් cryptozoologists හෙවත් ගුප්ත සත්වවේදීන් අද පවා හිමාල අඩවිය ගවේෂණය
කරන්නේ යෙටී ගැන සත්‍ය තොරතුරක් සොයමිනුයි.
හිමාලයේ හිම මිනිසා මොන වගේද ?
විවිධ නම්වලින් හැඳින්වුවත් මෙම සත්වයාගේ හැඩරුවත් සමානයි. මේ සත්වයා ජීවත් වන්නේ කඳුකරයේ හිමෙන් වැසුණු ප්රදේශවලයි. මීටර් 7 ත් 10 ත් අතර ප්‍රමාණයක් උස පි්රමටාවෙක් එහෙමත් නැත්නම් අගේ්රෂියෙක් විය හැකි, වනගතව ජීවත් වන මෙම සත්වයාගේ හිසේ සිට දෙපතුළ දක්වාම ලෝමවලින් එහෙමත් නැතිනම් දිග කෙස්වලින් පිරිලයි, තියෙන්නේ. කකුල් දෙකෙන් ඇවිදියි. වාසය කරන්නේ හුදෙකලා වූ පාළු උස් ප්රදේශවලයි. මිනිස් ආශ්‍රයට බියයි. ඌට බාධා කළොත් නපුරු හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙයි.
විවිධ නම්වලින් හැඳින්වුවත් මෙම සත්වයාගේ හැඩරුවත් සමානයි. මේ සත්වයා ජීවත් වන්නේ කඳුකරයේ හිමෙන් වැසුණු ප්රදේශවලයි. මීටර් 7 ත් 10 ත් අතර ප්‍රමාණයක් උස පි්රමටාවෙක් එහෙමත් නැත්නම් අගේ්රෂියෙක් විය හැකි, වනගතව ජීවත් වන මෙම සත්වයාගේ හිසේ සිට දෙපතුළ දක්වාම ලෝමවලින් එහෙමත් නැතිනම් දිග කෙස්වලින් පිරිලයි, තියෙන්නේ. කකුල් දෙකෙන් ඇවිදියි. වාසය කරන්නේ හුදෙකලා වූ පාළු උස් ප්රදේශවලයි. මිනිස් ආශ්‍රයට බියයි. ඌට බාධා කළොත් නපුරු හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙයි.
යෙටී ගැන සාක්ෂි
යෙටී සම්බන්ධයෙන් තියෙන ප්‍රබලම සාක්ෂිය තමයි, හිමෙහි හෝ මඩෙහි හෝ සටහන් වූ උගේ පා සලකුණු. ඒ වගේමයි රාත්‍රී කාලයේදී ඇසෙන ඇඟ හිරිවැටෙන උගේ මහා නාදය. යෙටීගේ කෑ ගැසීම් හිම කුණාටු පවතිද්දී පවා ඈත දුරකට ඇසෙනවා කියලයි ටිබෙට් රට ආශ්රිත ෂීක්වරුන් කියන්නේ. ඒත් මේ පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම නම් ඒ ඇහෙන්නේ යෙටීගේ හඬ නෙවෙයි, ගල්කුළු අතරින් සුළං රැළි වේගයෙන් හමා යද්දී ඇතිවන හඬ යන්නයි.
ප්‍රදේශයේ වැසියන් කියන්නේ යැක් ගවයින් සහ බැටළුවන්ව
ආහාරයට ගන්න යෙටී ප්‍රිය කරනවා කියලයි. සමහර අවස්ථාවලදී යැක් ගවයින්ගේ හා බැටළුවන්ගේ
කීතු කීතු කළ සිරුරු මිටියාවත්වලින් හමුවී තියෙනවා. ඒ යෙටීට ගොදුරු වූ
අවස්ථාවලදීයි කියලයි ප්‍රදේශවාසීන් කියන්නේ. එහෙත් තවත් මංශ භක්ෂක සත්වයින් මෙම ප්‍රදේශවල
ඉන්නවා.
ඒත් හිමාල වලසුන් හා හිම දිවියන් මේ අයුරින් සතෙකුව කීතු
කීතුවලට ඉරාදමා කෑමට ගන්නේ නෑ. යෙටීගෙන් මිනිසුන්ට අනතුරක් වෙනවා කියලත් කියනවා.
එහෙම කියන්නේ සමහර අවස්ථාවලදී ගොපල්ලන් අතුරුදන් වෙන හින්දයි.
යෙටී සොයා ගිය ගවේෂකයෝ
බටහිර ගවේෂකයින්ට නම් ප්‍රසිද්ධියට පත්වීමට යෙටී හොඳ අවස්ථාවක්. යෙටී ගැන ඇති කටකතා හා දෘෂමාන ආරංචි ඔප්පු කරමින් පණ පිටින් හෝ මරා හෝ යෙටී සත්වයෙක් අල්ලා ගෙන ප්‍රසිද්ධ වීමටත්, ඒවා බොරු යැයි ඔප්පු කර ප්‍රසිද්ධ වීමටත්, කැමති පිරිස් ඉන්නවා. 1953 දී මුලින්ම එවරස්ට් කන්ද තරණය කළ ශ්‍රීමත් එඞ්මන්ඞ් හිලරි හිමාලයට යළි ආවා, 1960 දී.
ඔහුගේ අරමුණ වුණේ යෙටී නමින් හැඳින්වෙන හිමාලයේ හිම මිනිසා
ගැන සත්‍යයක් ඇතිදැයි සොයා බැලීමයි. හිලරි යෙටී සොයමින් මාස 10 ක කාලයක් හිමාල අඩවිය පුරා සැරිසැරුවා. අන්තිමේදී ඔහු මෙන්න මෙහෙම කීවා. ‘යෙටී කියන්නේ අපූරු සුරංගනා කතාවක්. නොදන්නා සතුන් දැක්කාම ඔවුන් ගැන ප්‍රදේශවාසීන්
තුළ ඇති වන බිය මිථ්‍යාවන්ගෙන් ද පෝෂණය වී බටහිර ගවේෂකයින්ගේ දැඩි උනන්දුව නිසා
බිහිවූ සත්වයෙක්’.
වසර 2000 දී හෙළි වූ නිගමනයන්
වසර 2000 දී කඳු නැගීමේ ශූරයෙක් හා දේශ ගවේෂකයෙක් ලෙස ප්‍රසිද්ධ රීනෝඞ් මෙස්නර් නම් ප්‍රංශ ජාතිකයා යෙටී සම්බන්ධයෙන් කළ වසරක් පුරා කළ ගවේෂණයකින් පසු කියන්නේ යෙටී කියන්නේ ලොකු වලසෙක් හෝ වඳුරෙක් විය හැකි බවයි.
වසර 2000 දී හෙළි වූ නිගමනයන්
වසර 2000 දී කඳු නැගීමේ ශූරයෙක් හා දේශ ගවේෂකයෙක් ලෙස ප්‍රසිද්ධ රීනෝඞ් මෙස්නර් නම් ප්‍රංශ ජාතිකයා යෙටී සම්බන්ධයෙන් කළ වසරක් පුරා කළ ගවේෂණයකින් පසු කියන්නේ යෙටී කියන්නේ ලොකු වලසෙක් හෝ වඳුරෙක් විය හැකි බවයි.
මේ පිළිබඳව කොතෙක් මත පළ වුනත් හිමාලය ආශි‍්‍රත ජීවත්වන්නන් ඉන්නේ තවමත් එක ම මතයකයි. ඒ යෙටී නමින් අද්භූත සත්වයකු හිමාල අඩවියේ ඉන්නා බවයි. 1961 දී හිමාල අඩවියේ ගම්මානයකට ආ එක් ප්‍රංශ විශාරදයෙකු හා නේපාල ගැමියකු අතර වූ කතාබහකින් පවා ඒ බව කියැවෙනවා.
ඒ ප්‍රංශ විශාරදයා කියා ඇත්තේ ඔහු විශ්වාස කරන හැටියට
යෙටී කියන්නේ ලොකු බොරුවක් බවයි. ඊට පිළිතුරු වශයෙන් කුන්ජෝ චුම්බි නම් ඒ ගැමියා
කියා ඇත්තේ, ‘‘නේපාලයේ අපි ජිරාෆ්ලාවත් කැන්ගරූලාවත් දැකලා
නෑ. ඒ නිසා අපි ඒ සතුන් ගැන දන්නේ නෑ. ඒ වගේ ප්‍රංශයේ යෙටීලාත් නැහැ. ඒ නිසා ඔබේ
නොදන්නාකම ගැන මම අනුකම්පා කරනවා’’ යනුවෙනුයි.
ටිබෙට් පන්සලක ඇති යෙටී හිස් කබලක්. මෙය යෝධ එළුවකුගේ හිස් කබලක් යැයි දැන් මතයක් පළ වී තියෙනවා. මේ අනුව යෙටී නමැති මෙම අද්භූත හිම මිනිසා පිළිබඳව විටින් විට අසන්නට ලැබෙන තොරතුරු සම්පූර්ණයෙන් සත්‍යයැයි පිළිගැනීමට හෝ සම්පූර්ණයෙන්ම අසත්‍යයැයි බැහැර කරලීමට හෝ අපහසු බැව් පෙනේ.
No comments:
Post a Comment