ගැබ්ගෙල පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට සිදු කරන
ප්‍රධානම පරීක්ෂණයක් ලෙස පැප් පරීක්ෂණය හඳුනා ගත හැකිය. සාමාන්‍යයෙන් මෙවැනි
පරීක්ෂණයකට අවුරුදු 35න් පසුව කාන්තාවක් යොමු වීම වැදගත්ය.
විවාහක අයට පමණක් නොව අවිවාහක අයට වුවද ගැබ්ගෙල පිළිකා අවදානම පවතියි.
මෙය අවස්ථා 3කින් දැකිය හැක.
- ගැබ්ගෙලේ යෝනි මාර්ගය ආශ්‍රිත බාහිර කොටස හා
යෝනි මාර්ගයේ ඉහළ කොටසට සීමා වූ පිලිකා තත්ත්වය.
- ශ්‍රෝණි ප්‍රදේශයේ (උකුලු ප්‍රදේශයේ) පහළ
කොටසට සීමා වූ පැතිරෙමින් පවත්නා පිලිකා තත්වයකි.
- අනෙකුත් අවයව විනාශ කරමින් උදර කුහරය තුල තුවාල ඇති කරමින් පැතිරෙන පිලිකා තත්වය.
රෝගය හට ගැනීම ආරම්භය සිදු වන්නේ ලිංගික
සංසර්ගයේදී ගැබ්ගෙල ආස්තරණය කරන පටක වලට HPV හියුමන් පැපිලෝමා වෛරසය
ආසාදනය වීම සමගයි. බොහෝ කාන්තාවන්ට මෙම වෛරස් ආසාදනය වීම සමගයි. බොහෝ කාන්තාවන්ට
මෙම වෛරස් ආසාදනය සිදු වුවත් එමගින් පිලිකා ජනක තත්වයට යොමු වන්නේ ඉතා සුළු ප්‍රතිශතයකට
පමණි. එයට හේතුව, ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින්
එම වෛරසය, ආසාදනය මැඩ පවත්වා ගැනීමට ඇති හැකියාවයි.
එසේම එම සෛලවල ඇති වන වෙනස් වීම් වලින් 90% ක පමණ මාස 12
සිට 36 අතර කාල සීමාවක් තුලදී ඉබේම යථා
තත්වයට පත්වේ.
අවදානම් කණ්ඩායම්
- ලිංගික සංසර්දයේ යෙදෙන කාන්තාවන් (සම ලිංගික
නොවන)
- හියුමන් පැපිලෝමා වෛරසයේ 16 සහ 18 කාණ්ඩ ආසාදනය වීම.
- බොහෝ පුරුෂයන් සමග ලිංගික සංසර්ගයේ යෙදෙන
කාන්තාවන් හා බොහෝ කාන්තාවන් සමග ලිංගික සබදතා පවත්වන පුරුෂයන් හා ලිංගික
සබදතා පවත්වන කාන්තාවන්.
- දුම්පානය කිරීම.
- අඩු ආදායම් තත්වය.
- දේහයේ ප්‍රතිශක්තිය අඩු රෝගී තත්වයන්.
උදා - HIV / AIDS ආසාධිත
රෝගීන්
- අවයව බද්ධ කළ රෝගීන්
- අඩු වයසින් ලිංගික සංසර්ගය ඇරඹූ කාන්තාවන්
- පවුලේ වෙනත් අයෙකුට ගැබ්ගෙල පිලිකා තිබීම.
- උපත් පාලන පෙති පාවිච්චි කිරීම.
රෝගයේ බාහිර සෛල ස්ථරයට (තට්ටුවට සීමා වී ඇති
අවස්ථා)
- CIN
I අවස්ථාව - රෝගය ගැබ්ගෙලෙහි ඇතුළත ආස්ථරය කරන සෛල තට්ටුවේ
ඝනකමින් 1/3 ට සීමා වී ඇත.
- CIN
II අවස්ථාව - රෝගය පහළ හා මැද සෛල තට්ටු 2/3 ක් ඝනකමට සීමා වී ඇත.
- CIN
III අවස්ථාව - මුළු සෛල තට්ටු පුරා විහිදී ඇත.
රෝගය බාහිර සෛල ස්ථරය පසු කර ඇතුළතට විහිදී ඇති
අවස්ථාව.
- පිලිකා සෛල ගැඹුරටම විහිදී ඇති ස්ථාන වලදී 5mm ට වඩා අඩු ඝනකමකට
විහිදී ඇති අවස්ථාව.
- පිලිකා සෛල 5mm ට වඩා ගැඹුරට හෝ 7mm ට වඩා පළලට විහිදී ඇති අවස්ථාව.
රෝග ලක්ෂණ
පහත දැක්වෙන්නේ ගැබ්ගෙල පිළිකා අවදානමක් පවතීද
යන්න කල් තබා හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක්. ඔබත් ඒවා අත්විඳී නම් වහාම ප්‍රසව හා
නාරිවේද වෛද්‍යවරයෙකු හමුවීම නුවණට හුරු ක්‍රියාවක් වනවා.
යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලෙස ශ්‍රාවයන් පිටවීම.
පිළිකාව ගැබ්ගෙල තුල වර්ධනය වන විට ගර්භාෂ
බිත්තියේ සෛල බිඳීමකට ලක්වීම මෙයට හේතුවයි. මේ ශ්‍රාවයන් අධික දුර්ඝන්දයකින් යුතු
වනවා.
අභ්‍යන්තරව හා බාහිරව ඇතිවන ඉන්නන්
ප්‍රකට ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක් වන රෝසා
මරියා ලෙම් ට අනුව මෙසේ ඇතිවන ඉන්නන් ද ගැබ්ගෙල පිළිකා ඇතිවීම සම්බන්ධයෙන් වන
අනතුරුදායක සංඥාවක් ලෙස සැලකිය හැකියි.
යෝනි මාර්ගය තුළින් සිදුවන අක්‍රමවත් රුධිර වහනය.
පිළිකාව ගැබ්ගෙලේ බිත්ති මත වර්ධනය වන විට ඇති
වන වියළීමේ ස්වභාවය හා පටක බිඳීම නිසා වේදනාවක් හා රුධිර වහනයක් සිදුවිය හැකියි.
ඇතැම්විට ගුද මාර්ගයෙන් හෝ මුත්‍රා කරන විටද මෙය සිදු විය හැකියි. එම නිසා ඔසප්
සමයෙන් බාහිරව රුධිර වහනයක් සිදුවන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
රක්ත හීනතාවය.
ආහාර පුරුදු එලෙසම තිබියදී වුවද තෙහෙට්ටුවක්
දැනීම, ස්වල්ප වශයෙන්
වෙහෙසීමකට පසු වුවද හෘද ස්පන්දන වේගය අසාමාන්‍ය ලෙස වැඩි වීම රක්තහීනතාවයේ ලක්ෂණ
වනවා. ගැබ්ගෙල පිළිකාව වර්ධනය වනවිට සිදුවන අක්‍රමවත් රුධිර වහනය නිසා රක්තහීනතාවය
ඇතිවිය හැකි බව මතකයේ තබා ගැනීම වැදගත්.
මුත්‍රා පිටකිරීමේදී ඇති වන ගැටළු
ගර්භාෂය ප්‍රසාරණය වීම නිසා මුත්‍රාශය හා
වකුගඩු තෙරපීමකට ලක්වනවා. එවිට මුත්‍ර මාර්ගය අවහිර වීමකට ලක්වන අතර ඒ හේතුවෙන්
නිසියාකාරව මුත්‍රා පිටකිරීමට නොහැකි වීම සහ මුත්‍ර පිට කරන විට දැඩි වේදනාවක් ඇති
විය හැකියි.
දෙපා වල, උකුළු ප්‍රදේශයේ හා කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන නොනවතින වේදනාව.
ගැබ්ගෙල ප්‍රසාරණය නිසා ඇති වන අභ්‍යන්තර අවයව
තෙරපීම හේතුවෙන් රුධිර නාල අවහිර වීම සිදුවනවා. එම නිසා ඉහත දැක්වූ ලෙස වේදනාව ඇති
වීම මෙන්ම දෙපා වල මෙන්ම ඇස්වටය ප්‍රදේශයද ඉදිමීමකට ලක්විය හැකියි.
බර අඩුවීම
පිළිකා නිසා සිදුවිය හැකි තවත් දෙයක් වන්නේ
ආහාර රුචියක් නොමැති වීම හෝ ආහාර රුචිය අසාමාන්‍ය ලෙස අඩු වීමයි. ගැබ්ගෙල ප්‍රසාරණය
වීම නිසා අමාශයේ සිදුවන තෙරපීම මෙයට එක් හේතුවක් විය හැකියි.
කෙසේ වෙතත් ඔබ විසින් වටහා ගත යුතු වැදගත්ම දෙය
වන්නේ ඉහත ලක්ෂණ ඇතිවීම යනු ඔබට නියත වශයෙන්ම පිළිකාවක් වැළඳී ඇති බවට ලැබෙන
සහතිකයක් නොවන බවයි. එය තීරණය කළ හැක්කේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුට පමණක් වනවා.
ඔබ ගැබ්ගෙල පිළිකා අවදානමක සිටිනවාද නැද්ද යන්න පිලිබඳ පැප් පරීක්ෂාවකින් කල්තියා
දැනගත හැකියි.
මාසික ඔසප් වීම සිදු නොවන දිනයක රජයේ රෝහලකින්, ප්‍රදේශයේ සෞඛ්‍ය
වෛධාරී කාර්යාලය මගින් පවත්වන ‘සුවනාරී’ සායනයකින් හෝ පෞද්ගලික රෝහලකින් ඔබට මෙම වේදනා රහිත සරල පරීක්ෂණය සිදු
කරගත හැකියි.රෝග ලක්ෂණ පහළ වූ විගසට රෝග නිර්ණය කිරීමේ පරීක්ෂණයක් කිරීමෙන්
කාන්තාවන් ඉක්මණින් ප්‍රතිකාර සදහා යොමුකළ හැක.
- මුල්කාලයේදී කිසිදු රෝග ලක්ෂණයක් නොදක්වා
සිටිය හැක.
- ස්පෙකියුලට් එකක් (Speculum) යොදා ගැබ්ගෙල
පරීක්ෂා කිරීමේදී,
- ගැබ්ගෙලෙහි සුදු හෝ රතු පාට පැල්ලම් ඇති බවට
දැකිය හැක. රෝගය පැතිර යන විටදී ගැබ්ගෙල / යෝනි මාර්ගයේ අසාමාන්‍ය පෙනුමක්
ඇති විය හැක.
- ගුද මාර්ගයෙන් පරීක්ෂා කළ විට ගෙඩියක් හෝ
පිලිකාව පැතිරීම නිසා ඇති වූ තුවාල හේතු කොට ගෙන ලේ ගැලීමක් දැකිය හැක.
පිළිකා සෛල උකුල් ප්‍රදේශයේ පැතිර යාමේදී, යෝනි මාර්ගයෙන්
පරීක්ෂා කළ විට ගෙඩියක් ලෙස අතට දැනිය හැක.
- පිළිකා තත්වය පැතිර යන විට රුධිර වාහිනී හෝ
වසා පද්ධතිය අවහිර කිරීම නිසා කකුල් ඉදමීම ඇති විය හැක.
- පිළිකා සෛල අක්මාවට පැතිර යාමෙන් අක්මාව
විශාල විය හැක.
- පිළිකා සෛල පෙනහළු දක්වා පැතිර ගොස්පෙනහළු වල වතුර එකතු වීම හෝ වායු මාර්ග අවහිර විමක් සිදු වුව හොත් රෝග ලක්ෂණ ඇති විය හැක.
ප්‍රතිකාර කිරීම
පිළිකා හදුනා ගැනීමේදී එය තිබෙන අවස්ථාව (Stage අනූව ප්‍රතිකාර
ක්‍රමය තීරණය වේ.)
ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම නම්,
- ශල්‍ය කර්මයක කිරීම.
- විකිරණ ඇල්ලිම.
- ඖෂධ ලබාදීම.
ඇතැම් අවස්ථා වල ක්‍රම කිහිපයක් සම්බන්ධකර
පතිකාර කිරීමෙන් වඩා හොද ප්‍රතිඵල ලබා ගත හැක.
කල්ගත වූ / පැතිරුණු පිලිකා රෝග ඇති රෝගීන්ට
රෝගය මර්ධනය කිරීම සදහා (එනම්, තවදුරටත් පැතිරීම වැළැක්වීම සදහා) ප්‍රතිකාර
කරනු ලැබේ.
රෝගය වළක්වා ගැනීම
1. පැප් පරීක්ෂණය
ස්පෙකියුලම් නම් කුඩා උපකරණයක් මගින් ගැබ්ගෙල
පරීක්ෂා කර බලා සෛල ස්වල්පයක් ලබාගෙන පිළිකා සෛල ඇත්දැයි පරීක්ෂා කර බලනු ලැබේ. ශ්‍රී
ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල පවත්වාගෙන යන සුවනාරි සායන වලින්ද, පෞද්ගලික අංශයේ
සායනවලින්ද, මෙම සේවාව ලබා දේ.
2. ඇසිටික් ඇසිඩ් යොදා
ගැබ්ගෙල පරීක්සා කිරිම.
මේ සදහා විශේෂ පුහුණුවක් අවශ්‍ය වේ.
3. හියුමන් පැපිලෝමා වෛරසය
සදහා එන්නතක් ලබා දිම.
HIV වෛරසය කාණ්ඩ අංක 16,
18 (ගැබ්ගෙල පිළිකා කාරක) හා කාණ්ඩ අංක 6, 11 (ප්‍රධාන පද්ධතිය ආශ්‍රිත ඉන්නන් ඇති කරන) සදහා ප්‍රතිශක්තිය මෙමගින්
ලබා දේ.
4. ආරක්ෂාකාරී ලෙස ලිංගික
සංසර්ග කටයුතුවල යෙදීම.
No comments:
Post a Comment