රෙඩ් බුල්(Red Bull) බිව්වොත් ඔබේ ශරීරයට වෙන දේ.. ආයි බොන්න කලින් දෙපාරක් හිතන්න.. - SLViki

Latest

Saturday, May 27, 2017

රෙඩ් බුල්(Red Bull) බිව්වොත් ඔබේ ශරීරයට වෙන දේ.. ආයි බොන්න කලින් දෙපාරක් හිතන්න..



ලොව පුරා බොහෝ දෙනෙක් මෙම ශක්ති ජනක පානයන් පානය කිරීමට පුරුදු වී සිටිති. බොහොමයක් ශිෂ්‍යයනුත් රැය පුරා අවදිව සිටීමට මෙම පානයන් උදව්වක් වන බව සිතා මෙම ශක්ති ජනක පානයන් භාවිතයට පුරුදු වී සිටිති. නමුත් බොහෝ දෙනෙක් එක රෙඩ් බුල් කෑන් එකක් බීමෙන් ඔබට හර්දයාභාධ සහ ආඝාතය ඇති වීමේ සම්භාවිතාවය වැඩි වන බව දන්නේ නැත.

ඇත්තටම රෙඩ් බුල් වලට ඔබගේ ශරීරයට කල හැක්කේ කුමක්ද?

මෙම ශක්තිජනක පානය නිසා ඔබගේ ලේ වල ගණත්වය වැඩි වී ඇලෙන සුළු ස්වභාවයක් ගනී. එවන් ලේ අඝාතය සහ හෘද රෝග ඇති වීමට බලපායි. ඔබ රෙඩ් බුල් පානයක් පානය කිරීමෙන් පැයක් ගිය පසු ඔබගේ ලේ ගමනාගමනය හෘද රෝගියකුගේ ලේ ගමනාගමනයට සමාන ස්වරුඋපයක් ගනී.

නමුත් මොවුන්ගේ සමාගම පවසන අන්දමට ඔවුන්ගේ මෙම පානය හරියටම කෝපි කෝප්පයකට හෝ සෝඩා වීදුරුවකට ඔබේ ශරීරයට කල හැකි බලපෑමට සමාන බලපෑමක් ඇති කරයි.

ඔබට මෙමගින් කැෆෙන් සිදු වන බලපෑමම සිදු වේ. නමුත් ඊටත් අමතරව මෙයට විශාල ප්‍රමාණයෙන් එකතු කරන කෘතීම රස කාරක සහ සීනි නිසා ඔබට කෙටි කාලයකට ශක්තිය උද්ධීපනයක් සිදු වේ.

කෝපි වල සහ රෙඩ් බුල් අතර වෙනස වන්නේ රෙඩ් බුල් වල අන්තර්ගත සංඝටක ඔබගේ ශරීරයට කුමන ආකාරයක බලපෑම් ඇති කල හැකිද යන්න කිසිවෙක් නොදැන සිටීමයි.

මෙම ශක්තිජනක පානයේ  ඇති aspartame නම් සංයෝගය , පරිවෘත්තීය සමග neurotoxin, කලලරූපය,allergenic හා නතුවීමේ ගුණ අඩංගු වේ. එනම් ඔබට මෙය හානි කාරී වනවා පමණක් නොව ඔබව මෙයට ඇබ්බැහි කර ගැනීමද සිදු වේ. එක් වරක් ඔබ රෙඩ් බුල් පානය කල විට ඔබට එය නැවත නැවත ඕනෑ වේ. ඇත්තෙන්ම මෙය ඉතාමත් භයානක සහ විශ්මයජනක පානයක් වේ.

ලොව සමහර රටවල් ශක්තිජනක පානයන් තහනම් කර ඇත.

වෛද්‍ය මර්කොලා පවසා ඇති අන්දමට ගිය අවුරුද්ද තුල පමණක් බිලියන 3.5කත අධික රෙඩ් බුල් කෑන් සංක්‍යාවක් රටවල් 143ක් අලෙවි කොට ඇත. නමුත් තවමත් මේවයේ සෞක්‍යසම්පන්න බව සම්බන්දයෙන් ප්‍රශ්න පවතී. අනෙකුත් කෘතීම ශක්ති ජනක පානයන් සම්බන්දයෙන්ද මෙම ප්‍රශ්න ඇත.

සංක්යාලේඛන වල දැක්වෙන ආකාරයට මෙම කෘතීම ශක්තිජනක පානයන් වතුර බෝතල් විකිණී ඇති ප්‍රමාණයට වඩා විකිණී ඇත. ඉතින් මෙම පානයන් කෙතරම් ලොව පුරා මිනිසුන් වැළදගෙන දැයි ඔබටම වැටහෙනවා ඇත. නමුත් සමහර රටවල් ජනතාවගේ සෞක්‍ය ගැන සලකා තහනම් කර ඇත.

නෝවේ (Norway), ඩෙන්මාර්ක් (Denmark), උරුගුවේ (Uruguay) වැනි රටවල් මෙහි ඇති බලපෑම වටහාගෙන රෙඩ් බුල් එම රටවල් වල තහනම් කර ඇත. කුවේට් හි අවුරුදු 16න් පහල දරුවන්ට රෙඩ් බුල් පානය කිරීම තහනම්ය. ඔවුන් මේ තීරණය ගෙන ඇත්තේ ඔවුනේ ජාතික ස්කොෂ් ක්‍රීඩකයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වීමත් සමගය. ඔවුන් දෙදෙනාම මිය ගොස් ඇත්තේ හර්ද්යාභාද නිසාවෙනි.

මෙයින් වැඩිම බලපෑමක් ඇත්තේ කා හටද?

මෙම ශක්තිජනක පානයන් රුධිර වාහිනී වල කාර්යයට භාදා ඇති කර ලේ කැටි ගැසීම ඇති කරයි. ඔබට හර්ද්යාභාද වලින් ගලවීමටනම් පහත රෝග ලක්ෂණ ඇත්දැයි සැලකිලිමත් වවන්න. පහත රෝග ලක්ෂණ ඇතිනම් රෙඩ් බුල් පානය කිරීමෙන් වලකින්න

    සාංකාව (Anxiety)
    අධික රුධිර පීඩනය (Hypertension)
    නිදන්ගත රෝග ලක්ෂණ තෙහෙට්ටුව (Chronic fatigue syndrome)
    මානසික ආතතිය (Stress)
    කැෆෙන් සංවේදීතාව (Caffeine sensitivity)
    හෘද රෝග (Cardiovascular disease)
    ලේ කැටි ගැසීමේ රෝගය.(Blood clotting disorder)


ගර්භනී කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන් මෙම පානයන් පානය කිරීමෙන් වලකින්න.

ඔබගේ ශක්තිය ස්වභාවිකව වැඩි කර ගන්න.

මෙය සංකීර්ණ ක්‍රියාවලියක් නොවේ. ඔබ කල යුත්තේ සැමදාම පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීම පමණි. හැකි පමණ ඔමේගා-3 සංයෝගට සහිත ආහාර ඔබේ කෑම වේලට ඒක කර ගන්න. වැඩිපුර සීනි ආහාරයට නොගන්න.

හැමදාම ව්‍යායාම වල යෙදෙන්න. මානසිකව පීඩා වන අවස්ථාවන් මග හැර ස්ටින්න. මෙමගින් ඔබට රෙඩ් බුල් පානය නොකරම ශක්තිය වැඩි කර ගත හැක.

යහලුවන්ටත් බලන්න share කරන්න. ඔබට කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට හැකි වේවි.





No comments:

Post a Comment