රැස්වීම අතරතුර
බොහෝ ආයාසයෙන් බාධා කල මං ඔවුන්ගෙන් මිඳී තට්ටු 67 පහලට ඉතා ඉක්මනින් ආවා. ඒ
ඉක්මන් ගමනින් පස්සේ අද වෙනතුරු මං ආයෙම ඒ රැකියාවට ගියේ නැහැ. ඇත්තෙන්ම කිව්වොත්
මං රැකියාව දාලා ගෙදර ආවා.
හැබැයි ඔවුන්
නම් ඊලග මාසය පුරාම මට කෝල් කරලා වගේම ඊමේල් වලිනුත් ඇහුවේ මං කොහෙද ගියේ?
ඇයි එන්නේ නැත්තේ කියලා. ඒ කරදරකාරී කෝල් නිසා මට එපා වෙලා
හිටියේ ඇත්තෙන්ම ආයිම ඔවුන්ට කතා කරන්න හරි ආයිම රැකියාවට යන්න හරි නිකමටවත්
ආසාවක් හිතුනේ නම් නැහැ.
ඒත් මං දන්නවා
අද වෙනතුරුත් මගේ නම නම් මගේ කාමරේ දොරේ සටහන් වෙලා තියෙනවා. මං කම්පැනි වෙබ්
සයිට් එක බැලුවා. ඒකෙත් තාම මගේ නම තියෙනවා.
දවස් කීපෙකට
කලින් මං මගේ මැනේජර් එක්ක කතා කරා මගේ පඩිය ගැන. ඔහුනම් කිව්වේ මාව විශ්වාස කරන්න,
මං හැමෝම ගැන හොඳින් බලාගන්නවා කියලා. ඒත් මට නම් එයාගේ ඒ කතාව
ගැන කිසිම විශ්වාසයක් නැහැ.
තවත්
දෙයක්.. දවස් කීපෙකට කලින් මං මගේ
යාලුවොත් එක්ක කෑම කන්න පොඩි කෑම කඩේකට ගියා. ඒත් මොකක් වුනාද කියලා හිතාගන්නවත්
බැහැ එක පාරටම මං මහ පාරේ ඇදගෙන වැටුනා. එක අතකින් ඒකත් හොඳයි. මට හිතෙන්නේ මගේ ඇඟ
කියන්නෙත් මට රස්සාවට නොගිහින් විවේක ගන්න කියලද කොහෙද. ඉතින් රිඳුම් දෙන මගේ
ශරීරය කියන දේ අහලා මං සති කීපයක් විවේක ගත්තා.
හැමදෙයක්ම
හොඳින් වෙද්දී මට බයයි ඊළගට කරන්න යන දේවල් වැරදෙයිද කියලා. ආයෙම මොකක් හරි
වැරදුනොත් මට හිතෙන්නේ ඒකනම් ආයිම කවදාවත් හරියන එකක් නැහැ කියලා. මේ වගේ සිතුවිලි
එක්ක මං ඉන්නේ මානසික පීඩනයෙකින් නම් නෙවෙයි. ඒක මට විශ්වාසයි.
හැමදාමත් ,මං හොඳට කනවා බොනවා, ධනාත්මක සිතුවිලි තියෙන
මිනිස්සු ආශ්‍රය කරනවා. මගේ ඇඟ වගේම හිත කියන දේවල් වලටත් මං ඇහුම්කන් දෙනවා. ඒත්
මේ සෘණාත්මක සිතුවිලි කොහොම වෙනස් කරන්නද මන්දා.
ඒත් රස්සාවට
යද්දී නම් මේ සෘණාත්මක සිතුවිලි පාලනය වෙලා තිබුනා. සමහර විට වැඩ වැඩි නිසා ඒ දේවල් ගැන හිතන්න
වෙලාවක් නොතිබ්බ නිසා වෙන්නැති.
තවත් දෙයක්.
අලුතෙන්ම සොයාගත්තා දෙයක් තමයි 50% කට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගේ රැකියාවට
අකමැතියි,
වෛර කරනවා. මේ තරම් විශාල ප්‍රමාණයක්, ප්‍රථම
වතාවට, විශ්වාස කරන්නත් බැහැ නේද? ඒ ඇයිද කියලා හිතද්දී මට නම් හිතෙන්නේ මෙහෙමයි.
වැදගත් දෙයක්
තමයි හැමෝම තමන්ගේ රැකියාවට වෛර කරන්නේ නැහැ. 2%ක විතර සුළු පිරිසක් තමා එහෙම
තමන්ගේ රැකියාවට ආදරේ.
රස්සාවක්
කියන්නේ නුතන වහල් භාවය පෙන්වන එක විදියක්. අපි හැමෝම මැරීගෙන වැඩ කරනවා. ඒත් අපිට
ලැබෙන පඩිය යන්තම් ජිවත් වෙන්න ඇති. පඩි වැඩි වීමක් ගැන ඇහුවත් ඇති දඩුවම් ලබන්න.
ගොඩක් වෙලාවට
අපි බැනුම් අහනවා ලොක්කාගෙන්. බැනුම් අහලා පුරුදු වෙලාම දැන් ඒ දේවල් අපි ගණන්
ගන්නේ නැති තරම්.
අපි අමාරුවෙන්
අරගන්න පඩියෙනුත් රජය බදු අය කරනවා, ඒ
බදු වලින් පොඩි ප්‍රමාණයක් වුනත් සමහර ඵලදායි නැති ව්‍යාපෘති වල රජයආයෝජනය කරනවා.
අවි ආයුධ ගන්න වගේ දේවල් වලටත්.
අපිට හිතෙනවා
නේද රැකියාව කරන තැන ඉන්න අය අපේ හැබෑම යාළුවො කියලා. ඒත් අපි එයාල එක්ක කතා
කරන්නේ වැඩිපුරම වැඩ ගැන. අපිට අපේ සැබෑ යාළුවො අමතක වෙලා.
අපිට නොපෙනන
විදුරු සිවිලිමක් වැඩ කරන තැන තියෙනවා, එනිසා
මොන දේ කරත් කොයි තරම් වැඩ කරත් වැඩ කරන තැන ප්‍රධානියාට වඩා උපයන්න අපට බැහැ.
ලොක්කා කොයි තරම් මෝඩයෙක් නුගතෙක් වුනත් ඔහු තමා ආයතනයේ ප්‍රධානියා.
උදේ 7 ඉදන් රෑ
7 වෙනකම් ඔයා වැඩට යනවා, වැඩ කරනවා, ආයිම හවසට ගෙදර එනවා.
වැඩ කරන තැන
ඉන්න සහෝදර සේවකයන්, ඉහල කළමනාකරුවන්
එක්ක දවසම වැඩ කරන්න කන්න බොන්න පවා ඔබට සිදු වෙනවා.
ඔබට හිතෙනවා
නම් රැකියාව එපා වෙලා වගේ කියලා. ඒ සිතුවිල්ල හරි වෙන්න ඇති ගොඩක් වෙලාවට.
රැකියාවක්
ලබාගන්න වියදම් කරපු හැම රුපියලක්ම නාස්ති වුනා කියලා ඔබට හිතෙනවා ඇති. ඒත් ඔබට
වෙන කෙනෙක්ට ඒක කියන්න බැහැ නේද.
අලෙවිකරණ උපක්‍රම
මගින් ඔබට නිවසක් මිලදී ගන්න බල කරනවා. ඒත් ඔබට ඇත්තටම නිවසක් ඕන නැහැ. එනිසා ඔබට
එය මිලදී ගැනීම මග හැරෙනවා. ඇත්තෙන්ම ඔබට නිවසක් මිලදී ගන්න වගේ ණයක් ඕන නම්
හැමදාමත් ආයතනයේ ප්‍රධානියාට යටත්ව කීකරුව ඉන්න ඔබට වෙනවා.
මාස හයක් වගේ
වෙද්දී ඔබේ සහකරුට ඔබේ රැකියාව ගැන අහලම එපා වෙලා. ඔබ ඒත් ඔහු/අය ගැන නිතරම සොයා
බලනවා ආදරේ අඩු වෙලාත් නැහැ.ඒත් අවුරුදු 10කට විතර පස්සේ ඔබ නිදාගන්නේ අහැරෙන්නේ
නාදුනන කෙනෙක් ළඟ වගෙයි, තවත් අවුරුදු 40 කට
පස්සේ ඔබ මිය යන්නේත් නාදුනන කෙනෙක් ළඟ.
ඔබේ විශ්‍රාම
ගිණුම ඔබට විශ්‍රාම යන්න දෙන්නෙම නෑ. හැමදාම පඩියෙන් සැලකිය යුතු ගාණක් එකට කපා
ගන්නවා. ඒ වගේම ඉහල යන ජිවන වියදම හැමදාමත් ඔබට රකියාවේම හිර කරලා තියාගන්නවා.
ඔයා පුංචි
දරුවෙක් වෙලා ඉන්න කාලේ හරිම සතුටින් හිටිය නේද? පාට කූරු වලින් රූප ඇන්දා, පොත් කියෙව්වා ,යාළුවො එක්ක සෙල්ලම් කරා, මවා ගත්ත ලස්සන
සුරංගනා ලෝකෙක ජිවත් වුනා නේද? ඒත් ආයිම කවදාවත් ඒ ලස්සන
දේවල් කරන්න ඔයාට ලැබෙන්නේ නෑ.
කාලයක් ගත
වෙද්දි ගොඩක් අය රැකියාවෙන් අස් වෙනවා, අස්
කරනවා ඒ අය වෙනුවට තරුණ, ඒවගේම අඩු පඩියට වැඩ කරන,
රොබෝවරු වගේ ඔබ වගේම අය අලුතෙන් එනවා. ඒත් ඔයාට මේ ගැන මුකුත්ම
කරන්න බැහැ නේද.
නිවසක් නැති
අසරණ අය දකිද්දී ඔබට හිතෙනවා වාසනාවට මට යන්න තැනක් තියෙනවා කියලා. ඒ බොහෝ වෙලාවට
රැකියාව නිසා ඔබ හරි හම්බ කරගත්ත දේවල් නේද.
මේ සටහන කියවලා
හිත කලබල කරගන්නෙපා. හැම කෙනෙක්ම තමන්ගේ රස්සාවට අකමැති නැහැ. රැකියාවට ආදරේ කරන
සේවකයෙක් වෙන්න ඔබටත් පුළුවන්. ඔබ අවධාරණය කරගන්න ඕන කරුණක් තමයි ඕන තරම් හොඳ
රැකියා,
රැකියා වෙලදපොලේ තිබෙනවා. අවශ්‍ය කරන්නේ ඒවාට අවශ්‍ය සුදුසුකම්
සපුරා ගන්න එක.
ඉතින් ඔබ ආස
කරන රැකියාව සොයන්න අදම පටන් ගන්න. ඒ සදහා ඕන කරන සුදුසුකම් සපුරා ගන්නත් අමතක
කරන්න එපා.
No comments:
Post a Comment