තරුණ පෙනුම රැකගන්න ඔබත්
කෙතරම් උත්සාහ ගන්නවාද? නවතම පර්යේෂණ වලින් එයට
විසදුමක් සොයා ගෙන.මිනිසාගේ ලේ මිනිසාටම බොන්න පුලුවන්ද? එය තරමක් බිය උපදවන සුළු
උනත් සදාකාලික යෞවණත්වයේ රහස යොවුන් රුධිරය බව නවතම පර්යේෂණයන්ගෙන් ඔප්පු වෙලාලු.අපිට
ලේ උරාබොන වැන්පයර් ගැන සිහි වනවා මේ ගැන අසද්දී.එය මිථ්‍යා කතාවක් උනත් ලේ උරාබොන
වැන්පයර් ගේ සදාකාලික යෞවණත්වයේ රහස හෙලිවී ද?
මීයන් යොදාගෙන සිදුකල
නවතම පර්යේෂණයන් වලට අනුව තරුණයින්ගෙන් ලබා ගන්නා ලේ තාරුණ්‍ය පවත්වාගැනීමට ඉවහල්
වන බව සොයාගෙන ඇත. මෙම පර්යේෂණ වලින් යොවුන් ලේ මගින් මොළය සහ ශරීරයේ ක්‍රියාකාරිත්වය
තරමක් ඔසවා තබන බව අනාවරණය වී ඇත. මේ පිළිබඳ නවතම අධ්‍යයනයන් තුනක් මගින් ඉඟිකර
ඇත්තේ යොවුන් මීයන්ගෙන් ලබාගන්නා ලද රුධිරය මගින් වියපත් මීයන්ගේ ඉගෙනීමේ හැකියාව, මතකය හා පේෂිවල වර්ධනය
වැඩි දියුණු වී ඇති බවයි.
මිනිසා රුධිරය ගැන
උනන්දුවක් දැක්වූයේ අද ඊයේ නොවේ. වාර්තා ගත ඉතිහාසය ආරම්භයේ සිටයි.මෙහෙම කියන්නේ
ඇමෙරිකාවේ බොස්ටන් සරසවියේ මහාචාර්ය රේමන්ඞ් මැක්නැලි. ඔහු ලේ උරා බොන වැම්පයරයන්
හා බැඳුණු ජනශ‍්‍රැති ගැaන පුළුල් ලෙස අධ්‍යයනය
කළ විද්වතෙක්.මිනිස් සිරුරේ රුධිරය පිටතට යද්දී ඒ සමඟ ජීවයත් නැතිවී යන හැටි නූගත්
මිනිසුන් දැක්කා. ඒ නිසා ඔවුන් විශ්වාස කළා, සිරුරට යළිත් ලේ
පිරවූවොත් ජීවය දෙන්න පුළුවනි කියලා මැක්නැලි කියනවා. මේ හේතුව නිසාම වෙන්න ඇති
බොහෝ රටවල සංස්කෘතීන් තුළ ලේ උරා බී අමරණීයව ජීවත්වන්නට හදන අය ගැන මිථ්‍යා කතා
නිර්මාණය වී තියෙන්නේ.
අපේ රටේ බලිතොවිල්වල දී අසන්නට ලැබෙන ‘රීරියකා’ත් එවැනි මිථ්‍යා
චරිතයක්. ඇස්ටෙක් මිථ්‍යා කතාවල හමුවන ‘සිවටේටියෝ’, පුරාණ ගී‍්‍රක
පුරාවෘත්තවලින් කියැවෙන ‘ලමීයා’ එවැනි අමනුෂ්‍ය වැම්පයරයන්
දෙදෙනෙක්. චීනයේත් ලේ බොන අමනුෂ්‍ය සත්ත්වයෙක් ඉන්නවා. එයාව හඳුන්වන්නේ ‘ජියංග් ෂී’ කියලයි. පිලිපීනයේ
පිටිසරබද ගැමියන් බියවද්දමින් ලේ උරා බොනවායැයි කියන සත්ත්වයා වැම්පයරයකුට හුඟක්ම
සමානයි. ‘මනන්ගාල්’ ලෙස හැඳින්වෙන මේ
සත්ත්වයා මිනිසුන්ගේ ලේ උරා බොනවා විතරක් නොවේ. ඌට පියාඹා යෑමට වවුලකුගේ මෙන්
පියාපත් දෙකක් ද තිබෙනවා. ඒ විතරක් නොවේ, සුදු ලූනුවලට බියක් හා
පිළිකුලක් දක්වනවා. මෙවැනි දේවල් විශ්වාස කල නොහැකි උනත් එම ප්‍රබන්දය සත්‍යක් බවට
දැන් වාර්තා වෙලා.
මෙම ත්‍රිමාණ රූපයේ කොළ
පැහැයෙන් පෙන්නුම් කෙරෙනුයේ තරුණ මීයකුගේ රුධිරය ලැබීමෙන් පසු වයොවෘද්ධ මීයකුගේ
මොලයේ නව රුධිර වාහිනීවල වර්ධනයක් සිදුවී ඇති ආකාරයයි.
මිනිසුන් විසින් දීර්ඝ
කාලයක් තිස්සේ වියපත් වීමේදී මතකය තියුණු ලෙස පවත්වාගැනීමේ ක්‍රමවේද පිළිබඳ
පර්යේෂණ සිදුකර ඇත. “ඇතැම් විට ඔවුන් බොහෝ
ගැඹුරින් සිතන්නට ඇත “ ටෝනි වෛස්-කුරේ “සයන්ස් නිවුස්“ සඟරාවට ප්‍රකාශ කර ඇත.
ඔහු කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝහි ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය විද්‍යාලයේ
රුධිරය පිළිබඳ නව අධ්‍යයනයන් සිදුකරන, ස්නායු පිළිබඳ විද්‍යාඥයකු
ලෙස සේවය කරයි. ඔවුන්ගේ සොයාගැනීම් 2014 මැයි 04 දින “නේචර් මෙඩිසීන්“ හි පලකර ඇත.
“සයන්ස් ජ‘නල්“ හි එදිනම තවත් අධ්‍යයනයන්
දෙකක ප්‍රතිඵල දක්වා ඇති අතර එහි ද මේ හා සමාන ඵලයන් දක්වා ඇත. එනම් වියපත්
මීයන්ගේ මොළය තුල යොවුන් රුධිරය සංසරණය වන විට ඔවුන්ට වඩාත් හොඳ මතකයක් සහ ඉගෙනීමේ
හැකියාවක් ලැබෙන බවයි.
මෙම මානසික හා සෞඛ්‍යමය
හැකියාව ලැබෙනුයේ යොවුන් රුධිරයේ පවතින එක් සුවිශේෂී සංඝටකයක් මගින් බව හෙලිවී ඇත. මුලින් සිදුකරන ලද
පර්යේෂණ වලින් යොවුන් රුධිරයේ මෙම හැකියාවෙන් හෘදය, අක්මාව හා අග්න්‍යාසය යන
ඉන්ද්‍රියන් සක්‍රීය වන බව හෙලිවී ඇත. මෙම සරල ප්‍රථකර්මය පිළිබඳ නවතම පර්යේෂණයන්
මගින් මීයන්ගේ මොලයේ ද වැඩිදියුණුවීම් සිදුවන බව සොයාගෙන ඇත. මෙය මිනිසුන් වියපත්
වීමේදී සිදුවන මානසික දුබලතාවලට පිලියම් කිරීම සඳහා ද බොහෝ දුරට යොදාගත හැකිවනු
ඇති බවට ඉඟියක් බව ලී රුබින් “සයන්ස් නිවුස්“ වෙත පවසයි. ඔහු කේම්බ්‍රිජ්
හි හාවර්ඩ් සරසවියේ ස්නායු පිළිබඳ විද්‍යාඥයකු ලෙස සේවය කරයි.
යොවුන් රුධිරය
ප්‍රයෝජනවත් වනුයේ කෙසේ ද?
මෙම සරල පර්යේෂණය
වෛස්-කුරේ හා ඔහුගේ පිරිස විසින් සිදුකර ඇත. ඔවුන් තරුණ මීයකුගේ හා වියපත්
මීයකුගේ රුධිරවාහිනී දෙකක් එකිනෙක සම්බන්ධකර රුධිරය මිශ්‍ර වීමට සලස්වා ඇත. මෙහිදී
මිශ්‍ර වූ රුධිරය මීයන් දෙදෙනා තුල ම සංසරණය වීම සිදුවේ.
මේ හා සමානව 2011
වර්ෂයේදී සිදුකරන ලද පර්යේෂණයේදී වියපත් මීයාගේ රුධිරය මගින් තරුණ මීයාගේ මොලයට
හානි ගෙනදෙන ලදී. නමුත් මේ වන විට ඒ සඳහා සුදුසු ප්‍රථිකර්ම මගින් මෙම ක්‍රියාවලිය
නැවත සිදුකරීමට ඔවුන් සමත් වී ඇත.
මෙහිදී පරිනත ජීවියාගේ
රුධිර වාහිනී වෙත යොවුන් ලේ ලැබීමත් සමග ඔහුට ප්‍රථිලාභ හිමිවී ඇත වයස්ගත මීයකු යනු වයස
මාස 18 ක් වැනි වූ අවධියකි. මෙය වයස අවු 55 – 70 අතර සිටින මිනිසෙකුට
සමාන වේ. තරුණ මීයකු යනු වයස මාස 03 ක් පමණ වූ මීයකු වන අතර මිනිසුන්ගේ නම් මෙය
වයස අවු 20 – 30 අතර අවධියයි.
වයස්ගත මීයකුගේ ස්නායු
සෛලයක් හෝ නියුරෝනයක් වෙත නැවුම් රුධිරය ලැබීමෙන් පසු එහි වැඩිදියුනු වීම් සිදුවේ.
නියුරෝන යනු මොලයේ ඇති එකිනෙකාට සංනිවේදනය කරනු ලබන සෛල වේ. වයස්ගත මීයකුගේ
නියුරෝනයක් වෙත නව රුධිරය පොම්ප කිරීමෙන් අනෙක් නියුරෝන හා සම්බන්ධ වීමට නව
ස්ථානයන් වර්ධනය වේ. මෙලෙස වර්ධනය වූ නව ගැටිති තරුණ මොලයක මෙන් ක්‍රියා කරයි.
මොලය හොදින් ක්‍රියා කිරීමට නව සන්ධි උපකාරී වේ.
තවත් පර්යේෂණයකදී
පර්යේෂකයන් විසින් වයස් ගත මීයන් වෙත තරුණ මීයන්ගේ සහ වයස්ගත වෙනත් මීයන්ගෙන්
ලබාගත රුධිර ප්ලාස්මාව (ප්ලාස්මාව යනු රුධිරයේ ඇති ලා කහපැහැ ද්‍රවමය කොටස වේ.)
නික්ෂේපනය කරන ලදී.
මෙය දින 24 ක් පුරා මාත්‍රා 8 ක් ලෙස ලබාදෙන
ලදී. පසුව එම ප්‍රථිකර්මය සිදුකරන ලද සියළු මීයන්ගේ ඉගෙනීමේ හැකියාව සහ මතක ශක්තිය
පිළිබඳ පරීක්ෂා කරන ලදී. මෙහිදී වයස්ගත මීයන්ගෙන් ලබාගත් ප්ලාස්මාව නික්ෂේපණය කරන
ලද මීයන් ට වඩා තරුණ මීයන්ගෙන් ලබාගත් ප්ලස්මාව නික්ෂේපණය කරන ලද මීයන්ගේ
හැකියාවන් වැඩි බව නිරීක්ෂණය කරන ලදී.
සැබවින්ම මෙහි ප්‍රථිඵලය
තාරුණ්‍ය සඳහා මුත්තනුවන් විසින් සිය මුණුබුරන්ගේ රුධිරය උරාබීම සිදුකරයිද යන්නයි.
මේ පිළිබඳ බිය විය යුතු නැත. මන්ද යත් මෙය මීයන් සඳහා සිදුකල පර්යේෂණයක් වන අතර එය
මිනිසුන් සඳහා ඒ ආකාරයෙන් සාර්ථක විය හැකියැයි ප්‍රකාශ කල නොහැකි බැවින් හා එය
සාර්ථක උවත් විද්‍යාඥයන් විසින් මේ වන විට ඉහත ප්‍රථිපලයට බලපාන රුධිරයේ පවතින
මූලික කොටස නිවැරදිව හඳුනාගැනීමට පර්යේෂණ සිදුකරනු ලැබීමයි. එවිට එම සංයෝගය පිළිබඳ
අධ්‍යයනයන් මගින් කෘත්‍රිමය නිපදීම හෝ වෙනත් නව ප්‍රථිකාර ක්‍රම බිහිකිරීමට
හැකිවනු ලැබෙනු ඇත.
GDF11 ලෙස නම්කර ඇත්තේ
මෙලෙස හඳුනාගෙන ඇති එක් සංඝටකයකි. එහි අර්ථය වර්ධනය විහේදනය කරන සාධකය 11 (growth
differentiation factor 11) යනුයි. GDF11 ප්‍රෝටීනය ශරීරයේ
පවතින ප්‍රමාණය වයස සමග අඩු වේ. මෙම ප්‍රෝටීනය වයස්ගත මීයන් වෙත නික්ෂේපණය
කිරීමෙන් ඔවුන්ගේ වියපත්වීමේ කාල යන්ත්‍රය නැවත හැරවීමට සමත්වී ඇත.
මෙම ප්‍රෝටීනය මගින් වියපත් මීයන්ගේ පේෂිවල
ශක්තිය හා බලය ප්‍රෝටීන් ප්‍රතිකාරය සිදුනොකල මීයන්ට සාපේක්ෂව වැඩිකිරීමට උදව් වී
ඇති බව පෙනී ගොස් ඇත.මේ පිළිබඳ දෙවන අධ්‍යයනයේදී GDF11 වයස්ගත මීයන්ගේ මොලයේ නව
රුධිරවාහිනී හා නියුරෝන වර්ධනය කිරීමට උපකාරී වී ඇති බව සොයාගෙන ඇත. මෙය රුබින්
විසින් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රථිඵලයකි. තරුණ රුධිරයේ ඇති මෙම හැකියාව සති
කිහිපයකින් අවසන් වන බවට ඔහු සැක කරයි.
“ඇතැම්විට ඔබටත් ඩ්‍රැකියුලා
මෙන් රැධිරය දිනපතා ආහාරයට ගැනීමට සිදුනොවනු ඇති.“ ඔහු උපහාසාත්මකව පවසයි. “මෙම නව අධ්‍යයනයන්
සිත්ගන්නා සුළුයි. නමුත් වෙනත් ලෙසකින් මෙම ද්‍රව්‍යයන් සාන්ද්‍රණය වීම මගින්
වයස්ගත රුධිරයේ පවතින වෙනත් ප්‍රයෝජනවත් සංඝටකවල ක්‍රියාකාරීත්වට හානිගෙනදීමේ
විභවයක් ද පැවතිය හැකියි.“ සැන්ෆැන්සිස්කෝ හි
කැලිෆෝනියා ෆැසිපික් වෛද්‍ය ආයතනයේ ප්‍රතිශක්තිකරණ පද්ධති පිළිබඳ අධ්‍යයනය කරන
ඩොබ්රි කැප්රොව් පවසයි.
No comments:
Post a Comment