ඔය ගොල්ලෝ සමහරවිට දැනටමත් දන්නවත් ඇති මුලු ලෝකය පුරාවටම පහුගිය දවස් කිහිපයක් පුරාම ඉතාමත් භයානක සයිබර් ප්‍රහාරයකට මුහුණ දෙන්න සිද්ද උනා. ඉතින් මේ ලිපියෙන් ඒක මොකද්ද සහ මේ සයිබර් ප්‍රහාරයෙන් ගැලවෙන්නේ කොහොමද කියල ඔයාට දැන ගන්න පුළුවන් වේවි.
මේ computer වයිරස් එකේ නම තමයි වොනක්රිප්ටර් 2.0 (WanaCryptor 2.0). හුගක් දෙනෙක් මේක දන්නේ වෝනක්‍රයි (WannaCry) කියල. මේක විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ windows පරිගණක වලට attack කරන්න.
මේ වෙන කොට රටවල් 150 ක විතර තියෙන windows පරිගණක 235, 000 විතර මේ වයිරස් එකේ ප්‍රහාරයට ලක් වෙලා තියෙනවා. මේ වයිරස් එක නිසා එංගලන්තයේ තිබෙන ගොඩක් ඉස්පිරිතාල වලට ඒ ගොල්ලන්ගේ ලෙඩ්ඩුන්ගේ වාර්තාවන් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න බැරුව ආපහු හරවල යවන්නත් සිද්ධ වෙලා තියෙනවා.
ඒ වගේම තමයි රුදියාවේ තිබෙන සමහර රාජ්‍ය ආයතන වලටත් මේ වයිරස් එක ගිහින් තියෙනවා. ඒ හින්දා ඒවල කටයුතු සම්පූර්ණයෙන්ම අඩපන වෙලා තියෙනවා.
ඒ වගේම මේ වයිරස් එකට පුළුවන් වෙලා තියෙනවා ලෝකයේ තිබෙන ප්‍රධාන පෙලේ ආයතන වල තියෙන පරිගණ ගොඩකට ඇතුළු වෙන්න. එහෙම වෙච්ච නිසා ඒ ආයතන වල එදිනෙදා වැඩකටයුතු බොහෝ දුරට අඩපන කරන්නත් මේ වයිරස් එකට හැකි වෙලා තියෙනවා.
මීට කලිනුත් අපි computer වයිරස් ගැන අහල තියෙනවා. සාමාන්‍යයෙන් computer වයිරස් එකක් අපේ computer එකට ආවොත් එහෙම අපි කරන්නේ අපේ වයිරස් ගාඩ් එක update කරලා ඒ වයිරස් එක clean කරලා අපි computer එකේ වැඩ කරයුතු ආපහු පටන් ගන්න එක.
ඉතින් මේ wannacry වයිරස් එකට මේ තරම් හානියක් කරන්න පුළුවන් උනේ කොහොමද? මේ වයිරස් එක සාමාන්‍යයෙන් ඔයාගේ computer එකට එන්නේ e-mail attachment එකක් විදිහට. ඔයා මේ attachment එක open කලොත් එහෙම මේ වයිරස් එක ඔයාගේ computer එකට එනවා. මේ විදිහට ඔයාගේ computer එක infect උනාට පස්සේ ඔයාගේ lan එක හරි USB drive හරහා හරි මේ වයිරස් එකට පුළුවන් තවත් computers වලට ස්වයන්ක්‍රීයට පැතිරෙන්නත්.
ඉතින් මේ wannacry වයිරස් එක ඔයාගේ computer එකට ඇතුල් උනාට පස්සේ ඔයාගේ hard drive එක සම්පූර්ණයෙන්ම encrypt කරනවා. ඒ කියන්නේ ඔයාගේ hard එකේ සියලු දත්ත lock කරනවා. මෙහෙම encrypt කරලා මේ encryption key එක hacker ට යවනවා. ඊට පස්සේ ඔයාට දකින්න හම්බ වෙනවා message එකක්. මේ message එකෙන් කියවෙන විදිහට ඔයාගේ hard drive එකේ තියෙන data සම්පූර්ණයෙන්ම දැන් encrypt වෙලා තියෙන්නේ. ඒක decrypt කර ගන්න නම් ඔයාට මේ hacker ට ඇති විශාල මුදලක් bitcoin වලින් ගෙවන්න වෙනවා.
ඉතින් මේ වයිරස් එක ප්‍රදාන වශයෙන් කරන්නේ ඔයාගේ computer එකේ තියෙන සියලුම files lock කරලා ඉවර වෙලා ඔයාගෙන් ransom එකක් එහෙම නැත්නම් කප්පමක් ඉල්ලන එක. අන්න ඒ හින්දා තමයි මේ වයිරස් ransomware කියල හදුන්වන්නේ.
මෙතන තියෙන විශේෂම කාරණාව තමයි මේක Zero day vulnerability එකක් නොවීම. ඒ කියන්නේ Microsoft company එකෙන් කලින් ඉඳන්ම දැනන් ඉදල තියෙනවා windows operating system එකේ මේ වගේ අඩුපාඩුවක් තියෙනවා කියල.මේ අඩුපාඩුව හරි ගස්වන්නsecurity patch එකත් පසුගිය මාර්තු මාසයේ 14 වෙනිදා මේ ගොල්ලෝ release කරලා තියෙනවා.
ඉතින් දැන් ඔයාල හැමෝටම හිතා ගන්න පුළුවන් ලෝකය පුරා computers මේ තරම් විශාල සංඛ්‍යාවකට මේ වයිරස් එක infect උනේ ඇයි කියල. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි windows හරි වෙලාවට update නොකිරීම. ඒ වගේම තමයි ලංකාවේ ඉන්න ගොඩක් කට්ටිය මේ windows operating system එක නීත්‍යානුකූල නොවන ක්‍රම වලට පාවිච්චි කරනවා. නිත්‍යානුකූලව පාවිච්චි කරන කට්ටියත් මේක update කරන්න ඒ තරම් උනුන්දු වෙන්නේ නැහැ.
ඉතින් මේ අපි හැමෝටම සෑහෙන හොද අවස්තාවක් මේ windows updateකරන එක කොයි තරම් වැදගත්ද කියල තේරුම් ගන්න.
ඉතින් ඔයත් windows operating system එක පාවිච්චි කරන කෙනෙක් නම් දැන්ම ගිහින් ඔයාගේ OS එක update කර ගන්න. ඒ වගේම තමයි ඔයාගේ hard drive එකේ ඔයාට ගොඩක් වටිනා files තියෙනවනම් ඒවා hard drive එකේ විතරක් තියෙන්න එපා. ඒවා drop box, google drive වගේ cloud storage එකාකට save කරලා තියා ගන්න. එහ්ට්කොට ඔයාගේ hard drive එකට මොකක් හරි ප්‍රශ්නයක් උනොත් එහෙම මේ files ටික බොහොම පහසුවෙන් ඔයාට ආයි ලබා ගන්න පුළුවන්.
ඒ වගේම ඔයාට නොදන්නා e-mail එකකින් e-mail එකක් ආවොත් එහෙම, විශේෂයෙන්ම ඒ letter එකේ තිබොත් එහෙම ඔයාට ගොඩක් ලොකු මුදල් ප්‍රමාණයක් ලැබෙන්න යනවා කියල ඒ e-mail වල තියෙන attachment open කරන්න යන්න එපා. එහෙම open කලොත් එහෙම ඔයාගේ computer එකටත් වයිරස් එක infect වෙන්න පුළුවන්.
ඔයාල හැමෝටම තේරෙනවා ඇති මේ wannacry වයිරස් එකෙන් ගැලවෙන්න තියෙන ප්‍රධානම මාර්ගය තමයි OS එක update කර ගන්න එක.
ඔයාලත් මේ ගැන තවත් විස්තර දන්නවනම් පහල comment section එකේ comment එකක් දාන්න. යාලුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම අපේ facebook page එකට like එකක් දාන්න.
No comments:
Post a Comment