කලු කුමාරයා කුමාරයෙකි. ඔහු වයසට යන්නෙ නැත. ඒ නිසා සදාකාලික ඔහුගේ ලිංගික ආශාවන්ද වයසට යන්නේ නැත.කලු කුමාරයා පිලිබදව ආන්දෝලනාත්මක ලිපියක් - SLViki

Latest

Thursday, May 18, 2017

කලු කුමාරයා කුමාරයෙකි. ඔහු වයසට යන්නෙ නැත. ඒ නිසා සදාකාලික ඔහුගේ ලිංගික ආශාවන්ද වයසට යන්නේ නැත.කලු කුමාරයා පිලිබදව ආන්දෝලනාත්මක ලිපියක්


කලු කුමාරයා ගැන විවිධ කතා සහ මත තිබුනද කලු කුමාරයා දෙවියෙකු නොවේ. යක්ෂයෙකුද නොවේ. එසේ පවසනුයේ හේතු සාධක සහිතවය.රීරී යකා, මහසෝනා, මෝහීණී, යක්ෂයන් යක්ෂණියන් ලෙස හදුන්වයි. විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ, වැනි අය දෙවිවරු ලෙස හදුනා ගෙන ඇත. මීට අමතරව කාලී යක්ෂණිය, කඩවර යක්ෂයා, බිය මුසු ගෞරවය සහිතව කාලි මෑණියන් ලෙසත්, කඩවර දෙවියන් හෝ කඩවර අප්පච්චි ලෙසටත් හැදින්වේ. එහෙත් කලු කුමාරයා කලු කුමාරයාමය. ඔහු යක්ෂයෙකු ලෙස හැදීන්වෙන්නෙ ඉතාම කලාතුරකිනි.අනෙක් සැම විටම ඔහු කුමාරයාය. "කුමාරයා" යන්න තරුණයා යන අර්ථය දෙන පදයකි.

කලු කුමාරයා කුමාරයෙකි. ඔහු වයසට යන්නෙ නැත. ඒ නිසා සදාකාලික ඔහුගේ ලිංගික ආශාවන්ද වයසට යන්නේ නැත. ඈත අතීතයේ සිටම කාන්තාවන්ට ආවේශ වන කලු කුමාරයා වර්තමානයේදීද තරුණියන්ට බැල්ම හෙලයි. ඔහුගේ මනමාල ගතිය අඩු වන්නේ නැත. නව යොවුන් දැරියන් සොයා ඔවුන්ට ආදරය කරයි.
කලු කුමාරයාගේ බැල්ම ලැබුණු කාන්තාවන් ඒ ගැන වෙනත් අයෙකුට කියන්නෙ නැත. ඊට හේතු කීපයක් ඇත. කාලයක් ගත වනතුරු ඇය ඒ බව නොදැන සිටීමය. එසේම කලු කුමාරයාට පෙම් කරන බව කෙනෙකුට කියන්නට ලැජ්ජා සහගත වීම නැතහොත් ඇය කලු කුමාර ඇසුර ආරක්ෂා කිරීම වැනි හේතුය. මේ නිසා බොහෝ කාන්තාවන් තමාට කලු කුමාර දෝෂයක් ඇති බව දැන ගන්නේ කල් ගත වීමෙන් පසුවය. එය පවසන්නෙ කල් ගත වී තමාට පාලනය කර ගත නොහැකි රෝගයක් වැලදුණු පසුවය.ඔවුන්ට වැළදෙන රෝගය වෛද්‍යවරයාට සොයා ගැනීම අපහසුය. ඊට හේතුව නම් රෝග ලක්ෂණ පහල නොවීමය.
කලු කුමාරයාගේ පෙනුම සහ උපත ගැනත් ඔහු දෝෂ ඇති කරන ආකාරය ගැනත් පැහැදිලිව වටහා ගත යුතු ය. කලු කුමාරයා රකුසකුගේ වේෂයෙන් කාන්තාවන් වෙත පැමිණෙන බව කීමට බොහෝ දෙනා පුරුදුව ඇත. කොණ්ඩය දිගට වවා ගෙන උල් නිය අත් සහිත රතුවන් දෙනෙත් ඇති සුදු ඇදුමක් ඇද හො නිරුවත්ව කාන්තාවන් වෙත පැමිණෙන කලුවන් ශරීරයක් ඇති පුද්ගලයකු ලෙස කලු කුමාරයා හදුන්වයි.
එහෙත් හුදෙක් මෙය පුරැද්දට කියන දෙයක් ලෙස මිස කලු කුමාර දෝෂය ඇති වු ස්ත්‍රීන්ගෙන් ලබා ගත් තොරතුරු මත පදනම් වු ඒවා නොවේ. එවැනි කාන්තාවන්ගෙන් ලැබුන විස්තර වලට අනුව කලු කුමාරයා ඔවුන් වෙත පැමිණෙන ස්වරුපය එකිනෙකට වෙනස්ය. ඇතැම් අවස්ථාවල තමාගේ පෙම්වතා ලෙසය. නැතහොත් තමාගේ ස්වාමිපුරුෂයා හෝ අනියම් ස්වාමිපුරුෂයා ලෙස හෝ තමා ආදරය කරන නලුවෙකු වීරයකු ලෙසිනි.
කලු කුමාරයාගේ මව කරඩුමාන දේවියයි. පියා විජිත රජතුමායි. විජිත රජතුමාට දාව කරඩුමාන දේවියට උපන් මේ කුමාරයා ඉතා රුමත්ය. ඔහු දිලිසෙන ඔටුන්නක් හිස පලදා යගදාවක් අතින් ගෙන කලු ගොනෙකු පිට නැග සාගරය මැද දුපත ජීවත් විය. එහෙත් ඔහු පෙම්කල කාන්තාව පියා විසින් මරා දැමූණු නිසා   වේදනාවට පත් ඔහු මුහුදට පැන ජීවිතය අහිමි කර ගත්ත ද, ඔහුගේ ආත්මය ලොව පුරා සැරි සරා තමාගේ නැති වු පෙම්වතිය සොයා යෑමට වෙහෙසී ඇත. මෙහි දී තමාගේ පෙම්වතියගේ පෙනුමට සමාන හැඩ වැඩ ඇති තරුණියක දුටු විට ඇයව නතු කර ගනී. බොහෝ අවස්ථාවල මේ සදහා තෝරා ගන්නෙ කාන්තාවන්ය. ඒ නිසා මල්වර වු අවස්ථාවේ ගැහැණු ළමයින් කලු කුමාරයාගේ ආදරයට ලක් වේ. මෙතනදී මතක තබා ගත යුතු විශේෂ කාරණයක් නම් මල්වර දෝෂ ඇති සෑම දැරියකටම කලු කුමාර දෝෂය ඇති දැරියන් නොවන බවය. 

සත් මුහුදෙන්             එදෙසින
කලුකුල් දුව            නොලසින
ඊපිට පැන                   නැගුන 
මා ඉලුක් රන් විමන    වැසමින

ඒ විමන                        වැඩහුන්
කරඩුමාන                      බිසවුන්
කුසෙන්                     පිළිසිදමින්
බිහිව ලොව දස එකඩ     මසැරන්

සුබ මොහොත            බලවතා
තුන් මසින්                තිරුවනා
කලු කුමරු යැයි                සුබා
කුමරු හට නම්                 තබා

අලුත් සද                  විලසිනේ  
දිනෙන් දින              වැඩමිනේ
ඉසිවරන්                  දකිමිණේ
ලගට ගොස්               වදිමිනේ  
(මන්ත්‍රරත්නාවලිය)

ඉහත සදහන් පද්‍යයන්ගෙන් කියවෙන්නෙ ඔහුගේ උපත හා හැඩරුව ගැනය.

ඇළ දොළ ඔයවලයි නිබදව               සිටින්නේ
මැළි නොව සුවද පුලුටට ලොබ         කරන්නේ
බැලි බැලි තැනින් තැන දිෂ්ඨිය       හෙලන්නේ
රැලි පවනේ විලෙන් කලු යකු            වරන්නේ
මෙලෙස තරුණියන්ට බැල්ම හෙලන කලු කුමාරයා   කාන්තාවන්ට සිදු කරන වින ක්‍රම කිහිපයකි. මේවා අනුපිළිවෙලින් නැත. එහෙත් එය ඇති ස්වරුපය අනුව පෙලගස්වා ඇත.

1. සිහිනෙන් රස මුසු ආහාර කැවීම
2.කෑමට කැමති හෝ අකැමැති වුවත් ආහාර කැවීම.
3.ශරීරයේ අවයව ස්පර්ශ කිරීම.
4.ලිංගික තෘප්තියක් ලබා ගැනීම
මේ නිසා බොහෝ විට මුල් අවස්ථා දෙකේදී මෙවැනි දෝෂ ඇති කාන්තාවෝ පසු දිනයේ ආහාර අරුචියෙන් පෙලෙති. කැම බීම ගැනීම ප්‍රතික්ෂේප කරන අතර අජීර්ණය වැනි රෝග වලට ගොදුරු වෙති. ඉන්පසු අවස්ථා වලදී කාන්තාවන්ගේ ශරීරයේ තුවාල සහ ලප කැලැල් ඇති වන්නට පටන් ගනී. විශේෂයෙන්ම කලවා උකුළ සහ පියයුරු වල මෙම තුවාල ඇති වේ. සොයා ගන්නට හේතුවක් නොමැතිව අත් පා වල තුවාල සිදු වීම නිසා  මෙවැනි නිවෙස් වල ඇද ඇතිරිලි වෙනස් කිරීම, සුරතල් සතුන් ඉවත් කිරිම, මැසි මදුරු නාශක ඉසීම වැනි කාර්යන් ට පෙලබේ. එහෙත් ඒවායින් ප්‍රතිඵලයක් නොලැබු විට චර්ම රෝග වෛද්‍යවරුන් වෙත හොමු වේ.
ඉහත කී ලක්ෂණ වලට වඩා භයානක රෝග ඔහු නිසා ඇතිවේ. එනම් විවාහ ප්‍රමාද වීම සහ දරු ඵල නොමැති වීමයි. තරුණියන්ට විවාහ වීමට නොදී ඇය තමා සතුකර ගැණිම ඔහුගේ පුරැද්දය. වෙනත් ග්‍රහ දෝශ නොමැතිව විවාහ ප්‍රමාද වන්නෙ මේ සාධනය නිසාය. විවාහ වු කාන්තාවන්ට දරුඵල අහිමි කරන්නට තරම් මේ කලු කුමාරයා කුරිරුය. ශාරීරික දෝෂ නොමැති වුවත් වෛද්‍යවරුන්ට සොයාගන්නට නොහැකි දරුඵල පමාවන බොහෝ කාන්තාවන්ට  මේ කලු කුමාර දෝෂය ප්‍රධාන සාධකය වී ඇත. 
ඇවිදින් කලු යකු හැම සත බය      කර
වැසෙමින් අගනන් දරුඵල      නැතිකර
වැසෙමින් කුස ලේ ඇමියා      කිළිකර
පවසන් කෙළි පුද දුන් හැටි     රුසිපෙර

තුන් සමයේ කෙළිනා කලු      යකාසේ
තුන් සමයමේ දී දැක ලෙඩ     කළාසේ
මුං තල විළද සුළුවෙන් දොළ   ලබායේ
දන් දෙන පුදට එකවර කල්     යකාසේ 
කාන්තාවන්ට දරුඵල අහිමි කිරීම ඔහුගේ සිරිත වනුයේ  ඔහු පෙම් කරන කාන්තාවන්ට වෙනත් අයෙකුගෙන් දරුවන් ලැබෙනවාට ඇති ආත්මාර්ථකාමී හැගීම නිසාය. මේ නිසා ඔහුගේ දෝෂය ඉතා දරුණුය. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස කාන්තාව කෙට්ටු වී රෝගී වී මිය යැමට පවා ඉඩ ඇත. එනිසා කලු කුමාරයා ආදරවන්තයෙකු මෙන්ම  ආත්මාර්ථකාමි උමතු පෙම්වතකු ලෙසද කටයුතු කරන බව පෙනේ. 
මල්වර වු අවස්ථාවල සිදු වු තනි කම නිසා මෙම දෝෂ ඇතිවුවත් පෙර සදහන් කළාක් මෙන්  සියලුම මල්වර දෝෂ කලුකුමාර දෝෂ නොවේ. උපතේදී සිදු වන දෝෂ නිසා භුත දෝෂ සැදීමට ඉඩ ඇත. ඒ දෝෂ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදුය. ඒ නිසා සැම භුත දෝෂයක්ම හෝ මල්වර දෝෂයක්ම කලුකුමාර කලු කුමාර දෝෂ ලෙස වටහා නොගැනීම වැදගත්ය. 
කලු කුමාර දෝෂ අනෙක් භුත දෝෂ මෙන්ම ඉවත් කිරීම අපහසු ය. වෙනත් දෝෂ සදහා නුල් මැතිරීම හෝ භුතයන් සිර කිරීම සිදු කලත් කලු කුමාර දෝෂය ඉවත් කිරීමට ප්‍රතමයෙන් කලු කුමාරයා සතුටු කිරීම වැදගත්ය. කලු කුමාරයාට විශේෂයෙන් සුදු සහල්වලින් පිසු කිරිබත් සහ කලු කුකුළෙකුගේ මස් ආහාරයට දීම වැදගත්ය. පසුව නුල් හතක් ගැට හතක් ගසා කාන්තාව රක්ෂණය කල යුතුය. 
මේ අනුව කලු කුමාරයාට පුජා කර ඔහුගේ දෝෂ ඉවත් කල යුතු වුවත් කලුකුමාර දෝෂය ඉවත් වන්න තරුණියට කල හැකි පිළීවෙත් කීපයකි. කලු සහ රතු ඇදුම් ඇදීමෙන් වැලකී ලා වර්ණ ඇදුම් ඇදීම වඩාත් සුදුසුය. 'එසේම දෙමාපියන් තම දරුවන්ට දුන් උපදෙස් මෙහි දී සිහි ගැන්වීම සුදුසුය. "පිස්සියෝ වගේ කොණ්ඩෙ කඩා ගෙන අවේලාවේ නාන්න එපා." මෙහි අවේලාව යනු සවස 6න් පසු කාලයයි. විශේෂයෙන්ම ඉර බැස යන කණිසමයි. එසේම ගෙයි දොර කඩ, ගේ පිටු පස, මල් පැල අසල කොණ්ඩෙ කඩාගෙන සිටීම නුසුදුසුය. කොණ්ඩය ගොතා හෝ ගැට ගසා සිටීම මේ දෝෂය අඩු කරන්නට ඇති එක් ක්‍රමයකි.                                                      




No comments:

Post a Comment