කරවිල යුෂ වල ඇති විශ්මිත රෝග නසන ගුණ - SLViki

Latest

Friday, May 19, 2017

කරවිල යුෂ වල ඇති විශ්මිත රෝග නසන ගුණ


ගොඩාක් දෙනෙක් කරවිල වලට අකමැති මේ තිත්තයිකියලා කියන කතාවම නිසා වෙන්න ඇති. ඇත්තටම තිත්තයිකියලා හිතාගෙන අපි කරවිල කනකොට කොහොමත් තියෙන තිත්ත රසට වැඩිය තිත්තක් දැනෙනවා තමයි.
කරියට පිසුවත්, තෙළට සිඳුවා ගත්තත්, සලාදයකට ගත්තත් කරවිල පුදුමාකාර රසයි. ඒ තිත්ත රසය වුණත් දිවට මිහිරක් ද ගෙන එයි. මේ කියන්න යන්නේ නම් කරවිල පිසින හැටි ගැන නොවේ. ඇතැමුන් තිත්තයි කියා ඉවත දමන කරවිලවල ගුණය ඒ අය නොදන්න වග නිසැකයි. මේ ලිපිය කියවීමෙන් පසු ඖෂධීය ගුණයෙන් වඩාත් පොහොසත් කරවිල ආයුර්වේද වෛද්‍ය ශාස්ත‍්‍රයට අනුව කෙතරම් වැදගත්ද කියා ඔබටම වැටහේවි.
ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් මගින් ලෙහෙසියෙන්ම අපට අහිතකර බැක්ටේරියා සහ රෝගතත්ත්වයන් ගෙන් මිදී සිටීමට හැකියාව ලැබෙනවා. ඉතින් කරවිල ආහාරයට එක්කර ගැනීමේදී, සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් රෝග, උණ රෝගය ආදිය ලෙහෙසියෙන්ම පිටු දකින්නට පුළුවන් වෙනවා. තවද ආහාර ජීරණය ක්‍රමවත් වීම නිසා ආහාර අජීරණ වලින් මිදී සිරුර වඩාත් සෞඛ්‍යමත් වනවා.
හැමදාම උදෑසන ආහාර සමගම කරවිල යුෂ වීදුරුවක් පානය කිරීමෙන්, රසට කරවිල මැල්ලුමක් හදා ගැනීමෙන් වගේ දේවල් වලින්, මේ සියලු රෝග තත්ත්වයන්ට පිළියම් පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. ඔබ කලයුත්තේ වෙළඳපොලේ පිරිසුදු කොළ පැහැති ලපටි කරවිල ටිකක් ගෙදරිත් ගෙනත් තබාගෙන ඔබේ සිරුර සෞඛ්‍යමත් කරගැනීම පමණයි.

කරවිලවල වෙනත් වර්ගද දකින්නට ලැබෙනවා. ඒ හෙළ කරවිල, බටු කරවිල සහ තුඹ කරවිල වගේ ප‍්‍රභේද කිහිපයක්. අපි දැන් බලමු කරවිල වල තියෙන ඖෂධීය ගුණය මොන වගේ එකක් ද කියල කරවිල ඖෂධීය ගුණය අසීමිතව අඩංගු හොඳ ආහාරයක්. විශේෂයෙන්ම මධුමේහ (දියවැඩියාව)රෝගීන්ට කරවිල ඉතාමත් ගුණ කෑමක්. දියවැඩියාව සඳහා වැඩි වශයෙන්ම ගුණ ඇත්තේ අමුවෙන් ගත් කරවිල යුෂ වලයි. කරවිල බීජ ආහාරයට ගැනීම මගින් පිළිකා සෛල වර්ධනය වැළැක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේද විද්‍යාඥයෝ කියති. ඉක්මනින් ආහාර දිරවීමට, ආමාශය නීරෝගී වීමට, කරවිල ඉතාම යෝග්‍යයි.
සිරුරෙහි ඇතිවන බාහිර ආබාධයන් සඳහාද කරවිල අසීමිතව ගුණ ගෙන දෙයි. දද-කුෂ්ඨ සඳහා වඩාත් සුවදායකය. වේදනාවන් කැක්කුම් සමනය කොට ශාරීරික දාහයද නැති කර දමයි.  පෑරුණු තුවාල වේ නම් ඒවායෙහි මස් වැඞීම සිදු කරවයි. පිත්තය සහ ඉදිමුම් සමනය කර දමයි. ලේ පිරිසුදු කර සෙම් රෝග සමනය කර දමා බඩගින්න වඩවයි.
අර්ශස් රෝගීන් සඳහා කරවිල යුෂ අමුවෙන් පානය සඳහාත් යම්තමට පිස ව්‍යංජනයක් ලෙසත් දෙනු ලබයි. විශේෂයෙන් පාසානම් විසට කරවිල යුෂ ඉතාම අගනේය. උග‍්‍ර සර්ප විසට, සුදු පාසානම් විසට ද කරවිල යුෂ භාවිතයෙන් සාදා ගත හැකි ඖෂධ කදිමය. කුඩා දරුවන්ට නිතර ඇතිවන සමේ තුවාලවලට කරවිල කොළ තැම්බූ වතුරෙන් සේදීම සුදුසු වනවා. හුගක් දරුවන් කරවිල කන්නේ නැත්තේ තිත්ත රස නිසයි. ඒ නිසා තිත්ත රස ඉවත් කිරීමට කෙමක් තිබෙනවා. එනම් කතා නොකර කරවිල කැපූවිට කරවිලවල තිත්ත රස නැති කර ගත හැකි වීමයි.
කරවිල වකුගඩුවේ ගල් ඇතිවීමේ රෝගී තත්ත්වයෙන් මිදෙන්නට අගනා ඔසුවක් ලෙස සැලකෙනවා. ආහාරයත් සමඟම සිරුරට එකතු වන නිසා ඖෂධයක් ලෙසින් සිරුරට එක්කාසු වීම වේගවත් කරන අතර අපට බාහිර ඔසු ලබාගැනීමෙන් තොරව මේ රෝග තත්ත්වය පිළියම් ලබාගන්නට පුළුවන්.
 රාත‍්‍රියේ හදිසියේ සර්පයකු දෂ්ට කළවිට ඒ සඳහා භාවිතයට ගන්නා ඖෂධයන්හි ගුණය කරවිල හේතුවෙන් හීන වන නිසා ගම්බද වැසියෝ බොහෝ විට රාත‍්‍රි ආහාරයට කරවිල එක්කර ගැනීමෙන් වැළැකී සිටිති.
කරවිල රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරනවා, පිරිසිදු රුධිරය සියලු සෛල වලට ගමන්කළ විටයි සිරුර සෞඛ්‍යමත් වවන්නේ. එසේ පිරිසිදු රුධිරය සිරුර පුරා සංසරණය වන විට සම පැහැපත් වීම නිරතුරුවම සිදුවන දෙයක්. එසේ සම පැහැපත්වීම [සෞඛ්‍යමත් වීම] නිසා සැමට වැළදෙන නොයෙක් ඉස්හොරි, කුරුලෑ, ලප කැළැල්, පොතුකබර රෝගී තත්වයන්, පණුරෝගආදිය වැලැක්වීම සිදුවනවා. මීට අමතරව සම මත ඇතිවන විවිධ තුවාල සහ අසාත්මිකතා වලවන්නටත් කරවිල කරන්නේ මහඟු මෙහෙයක්.
ඇතැමුන් කරවිල පිසින විට කුඩා කැබැලි කපා ලූණු වතුරෙහි දමා පොගවති. තිත්ත රසය නැසීමට එසේ කළද කරවිලවල ගුණයත් ඖෂධීය වටිනාකමත් රැඳී තිබෙන්නේ එකී තිත්ත රසයෙහිමය. කරවිල තෙලෙහි බැද ගැනීමෙන් සිදු වන්නේද එහි ගුණය නසා දැමීමකි. කරවිල තම්බා අනුභවය සඳහා ගැනීම වගේම අමුවෙන් යුෂ පෙරා පානයට ගැනීමෙන් ලේ පිරිසුදුව සමද පැහැපත් වේ. තම්බන විට කරවිල යම්තමට තම්බා ගැනීම යහපත්ය. රස ඖෂධ නිෂ්පාදනයේ දී විස නැසීම සඳහා භාවිතයට ගන්නා ඖෂධ සඳහා කරවිල යුෂ හොඳ දායකත්වයකි.
කරවිල මුසු කර සකස් කරන අත් බෙහෙත්
සරම්ප, පැපොල, වසූරිය වැනි රෝගයන්හිදී කරවිල කොළ කොටා යුෂ බීමට දීම ගුණදායකය.
කරවිල යම්තමට තම්බා ලූණු ඉස කෑමට ගැනීමෙන් දියවැඩියාව සහ සමේ රෝගයනටද සුවදායක සහනයක් ලැබෙනවා.
කුඩා දරුවනට රාත‍්‍රි නින්දට පෙර කරවිල යුෂ තේ හැඳි 1 හෝ 2ක් බීමට දීමෙන් කිරිපණු රෝගය සුවවේ.
අර්ශස් රෝග සමනයට කරවිල වලින් තෛලයක් හදමු
*කොහිල අල යුෂ අඬු කෝප්ප 4යි
*තුඹ කරවිල යුෂ අඬු කෝප්ප 8යි
*කිඩාරම් අල යුෂ අඬු කෝප්ප් 4යි
*තලතෙල් අඬු කෝප්ප 4යි
සීනක්කාරම්, වෙඩිලූණු, ඉගුරු, ගම්මිරිස්, මී මිනි මයිල්, බදුල්ල ඇට, දළුක් ඇට, පෙරුම්කායම්, ගලීස් යනාදිය කළං 1 බැගින් ගෙන වෙන්කර ගන්න. පසුව ඒ සියල්ල හොඳින් ගුළියක් ලෙස අඹරා ගන්න.
එයට පසුව ඉහත සඳහන් කළ යුෂ වර්ග සියල්ල තලතෙල් සමග සිඳුවා ගන්න. තෙල තරමකට සිඳීගෙන එනවිට අඹරා ගත් (කල්කය) ගුළිය එයටම එක්කර තෛලය පත එකට සිද ගන්න
අර්ශස් රෝගයේදී ගෙඩි එළියට පැමිම ස්වාභාවිකය. වැසිකිළි යෑමෙන් පසුව හොඳින් සෝදා තෙතමාත්තුකර ඉහත තෛලය එතැන ආලේප කරන්න. රෝගියාට හොඳ සුව සහනයක් දැනෙන බව නිසැකවම කිව හැකිය.
පොතු කබර රෝගය සඳහා
කරවිල සමග එහි මුල ගෙන චූර්ණයකර ගන්න. එයට පසුව කුරුඳු පොතු, තිප්පිලි කුඩු සමව ගෙන එයට හාල් පිටි දමා තුවරක තෛලයෙන් අනා ඉහත චූර්ණය ද එක්කර හොඳින් මුසුකර ගන්න. මෙම ඖෂධය බාහිර ආලේපය සඳහාය. සැරව ගලන දද කුෂ්ඨ සඳහාද මෙය සුවදායක වේ.
කරවිල මුල් හෝ කරවිල මුසු කොට සෑදූ යෝග වර්ග ගර්භනී  සමයේ හිඳින මවුවරුනට නුසුදුසුය.




No comments:

Post a Comment