චිත‍්‍රපටයේ ආ ඒ කල්පිතය
සැබෑ කිරීම ඇත්තෙන්ම විස්මයජනක දෙයක්. හැරී පොටර් චිත‍්‍රපටවල හැරී පොටර් නොපෙනී
සිටින්නට අඳින ‘අදිසි කබාය’ ඔබට මතකද? ඒ වගේ දෙයක් මේ වනතෙක් ම
අපට දකින්නට ලැබුණේ චිත‍්‍රපටවල විතරයි. එච්. ජී. වේල්ස්ගේ ‘ඉන්විසිබල් මෑන්’ (අදිසි මිනිසා) චිත‍්‍රපටයේත්
මේ විදියට නොපෙනී යන උපක‍්‍රමයක් තිබුණා.
මුලින් ම මේ පිළිබඳ වාර්තා වුණේ එංගලන්තයේ ඩියුක් (Duke University) විශ්ව විද්‍යාලයෙන්. සැබෑ ජීවිතයේ නොපෙනී යා හැකි ‘අබිරහස් ලෝගුවක්’ එහි පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවා ඇති බව පසුගියදා හෙළිදරවු කෙරුණා.

ඇමරිකාවේ ඩලාස්හී
ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥයකු හැරි පොටර් චිත‍්‍රපට කතා මාලාවේ එන
අදිසි ලෝගුව වැනි දෙයක් නිර්මාණය කරල තියෙනවා. ඒක මිලදී ගන්න හොග්වාට්ස් වෙළඳසැල
සොයා යන්න ඕනෑ නෑ. ලොව පුරා කණ්ඩායම්
ගණනාවක් මේ සම්බන්ධව කි‍්‍රයා කරමින් සිටිනවා. හැරී පොටර් නොපෙනී යාමට භාවිත කළ
උපක‍්‍රමය සැබෑවටම නිපදවන්නට තැත් කරන කණ්ඩායම් තුනක් ගැන දැනට වාර්තා වෙනවා.
එංගලන්තයේ ඩියුක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිස හැරුණු විට ඇමෙරිකාවේ
ටෙක්සාස්හී කණ්ඩායමක් ද, ස්වීඩනයේ සමාගමක් ද මේ
විස්මිත සිහිනය සැබෑ කර ගන්නට වෙර දරනවා.
මෙම පර්යේෂණය පසුපස ඉන්නා නිර්මාණකරු වූ භෞතික විද්‍යාඥ අලි අලීව් (Ali Aliev) කීවේ ඔහු මෙහිදී අදිසි ලෝගුව තනන්නට කාබන් නැනෝ නාල ඉතා කුඩා නූල් ආකාරයෙන් භාවිත කළ බවයි.
මෙම පර්යේෂණය පසුපස ඉන්නා නිර්මාණකරු වූ භෞතික විද්‍යාඥ අලි අලීව් (Ali Aliev) කීවේ ඔහු මෙහිදී අදිසි ලෝගුව තනන්නට කාබන් නැනෝ නාල ඉතා කුඩා නූල් ආකාරයෙන් භාවිත කළ බවයි.
එය කි‍්‍රයාත්මක
වන හැටි
ඩියුක් විශ්වවිද්‍යාලයේ
පර්යේෂකයන් මේ ලෝගුව ආවරණය කිරීමට යොදා ගත්තේ මිනිසා විසින් නිර්මාණය කළ මෙටා
මැටීරියල් නම් ද්‍රව්‍යයක්. එහි ස්වාභාවික ද්‍රව්‍යවල නැති ගති ලක්ෂණයි තියෙන්නේ.
මෙම මෙටා මැටීරියල්වල ව්‍යුහයන්, යම් වස්තුවක වටා ඇති විද්යුත් චුම්බක තරංග හැසිර විය හැකි ආකාරයට සකස් කරන්න පුළුවන්. ඒ අනුව එම වස්තුව නොපෙනී යනවා. මේ ‘මෙටා-මැටීරියල්’වල අඩංගු ව්‍යුහයන් සැලසුම් කර ඇත්තේ යම් වස්තුවක් වටා ඇති විද්යුත් චුම්බක තරංගවල හැසිරීම වෙනස් කළ හැකි අකාරයටයි. ඒවා ඒ වස්තුවේ අනික් පැත්තෙන් ගමන් කරන ආකාරයට යැවූ විට අපට වස්තුව නොපෙනී යනවා. අපට ඒ වස්තුව විනිවිද එහි පසුබිම පේන්න පටන් ගන්නවා. එවිට වස්තුව අපට පෙනෙන්නේ නැහැ.වස්තුව පසුපසින් මතුවන එම තරංග වස්තුව විනිවිද යන ආකාරයෙනුයි දිස්වෙන්නේ. ඒ විදියටයි, වස්තුව නොපෙනී යන්නේ.

කොහොම වුනත් තවමත්
තාක්ෂණය හැරී පොටර්ගේ ලෝගුව තරමටම සම්පූර්ණ වී නැහැ. මේ මායාව කි‍්‍රයා කරන්නේ එක
අතකට විතරයි. ඒ කණ්ඩායම පිළිගන්නව දෘශ්‍යාලෝකය පවතිද්දී නොපෙනී යාම සර්ව සම්පූර්ණයෙන්ම
කළ නොහැකි බව.කොහොම උනත් චිත‍්‍රපටයේ ආ ඒ කල්පිතය සැබෑ කිරීම ඇත්තෙන්ම විස්මයජනක
දෙයක් බව ඔබටත් වැටෙහෙනවා ඇති.
No comments:
Post a Comment